fbpx
8.8 C
New Zealand
Saturday, April 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Covid-19 Update – New Zealand will be at Alert Level 3 from Tuesday 28 April

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

Covid-19 Update – New Zealand will be at Alert Level 3 from Tuesday 28 April
නවසීලන්තයේ Covid -19 වෛරසය පැතිරීමෙ අවදානම අඩුවී ඇති බැවින් ජාතික අවදානම් ඒකකය 4 වන අදියරේ සිට  3 වන අදියර දක්වා පහළ දැමීමට  රජය තීරණය කර ඇත.  මෙය ලබන 28 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

මෙය නවසීලන්තයේ වෙසෙන අප හට කෙසේ බලපාන්නේද යන්න කෙටියෙන් පැහැදිලි කිරීමක් පහතින් දැක්වේ.
අපගේ ගමන් බිමන්
ඔබගේ රාජකාරි හෝ පාසල් නිම වූ පසු ඉදිරියටත් අවදානම් තත්ත්වය Level 4 හිදී පරිදි ගෙදර සිටි අය සමඟ පමණක් ආශ්‍රය කරමින් ගෙදරට වී සිටීමට උත්සාහ කරමු.
ඔබගේ ලඟම ඥාතීන්, උපකාර අවශ්‍ය පුද්ගලයන් හෝ ඔබට උපකාර සපයන පුද්ගලයන් හමුවීමට හැකි වන අතර ඒ සියලූදෙනා ඔබගේ ගෘහස්ථ බුබුල ( Family bubble) ලෙස සලකා ඉන් පිට සිටින අය තවදුරටත් දුරස්ථව ආශ්‍රය කරන්න.
ව්‍යායාම හා එළිමහන් ශාරීරික යෝග්‍යතා වල යෙදීම
නිවසට කිට්ටු ස්ථානයක ආරක්ෂාකාරීව ව්‍යායාම හෝ ශරීර යෝග්‍යතා ක්‍රියාවල යෙදීම හා දුරස්ථභාවය පවත්වාගැනීමට කටයුතු කිරීම.
අවදානම් සහිත හෝ ඔබ මනා පුහුණුවක් නොලද කටයුතුවල නොයෙදීම
ඔබ කිට්ටුව ඇති මුහුදුවෙරලකට යාම, ව්‍යායාම කිරීම හා පිහිනීමට අවකාශයක් ඇතිවුවත් තවමත් බෝට්ටු පැදීම පුහුණු වීම හෝ දඩයම් කිරීමට අවසරයක් නැත.
අධ්‍යාපන කටයුතු
Year 10 හෝ ඊට අඩු පාසල්මු ලන් සදහා පමණක් පෙර පාසල් හා පාසල් විවෘත කරනු ලබයි.
 නමුත් ඔබට හා ඔබගේ දරුවාට හැකියාවක් ඇත්නම් ගෙදරදීම දුරස්ථ අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන්න.
කුඩා ළදරුවන්ට සඳහා ඇති Play groups සහ Play centers තවමත් විවෘත නොකිරීමට තීරණය කර ඇත.
උසස් අධ්‍යාපනය ලබන සිසුන් තවදුරටත් දුරස්ථ අධ්‍යාපනය අනුගමනය කරන්න.
අත්‍යවශ්‍ය විෂයන් හෝ පරීක්ෂණාගාර උපයෝගී කරගැනීමට අවශ්‍ය සිසුන් සදහා 10කට හෝ දහයකට අඩු කණ්ඩායමකට අවකාශ ඇත.
වැඩි විස්තර ඔබගේ අධ්‍යාපන ආයතනය අමතා විස්තර ලබා ගන්න.
ව්‍යාපාර ආයතන
ගෙදර සිට රාජකාරිය කිරීමට හැකි සෑම ආයතනයක්ම සුපුරුදු පරිදි රාජකාරි ගෙදර සිටම පවත්වාගෙන යාමට උත්සාහ කරන්න.
අනෙකුත් ආයතන දුරස්ථභාවය හා මනා සෞඛ්‍ය කළමනාකරණයක  ඇතිව පවත්වාගෙන යාමට උත්සාහ කරන්න.
දුරස්ථභාවය පවත්වා ගැනීමට නොහැකි සේවාවන් හා ව්‍යාපාර තවමත් පාරිභෝගිකයන්ට සේවාවන් සැපයිය නොහැක.
පොදු හා පෞද්ගලික ප්‍රවාහන පහසුකම් යොදා ගැනීම
රාජකාරිය ආයතනයට, පාසලට, Supermarket එකට හෝ ව්‍යායාම සඳහා ගමන් කිරීමට පමණක් ප්‍රවාහන පහසුකම් යොදාගන්න.
මංගල හෝ අවමංගල උත්සව
උත්සවය සඳහා 10 දෙනකු හෝ ඊට වඩා අඩු සංඛ්‍යාවක් ඇතිව පවත්වාගෙන යාමට හැකිය.
වැඩි විස්තර සඳහා…
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.