ඉරක් කුමටද සඳක් මැයි නුඹ
පිරුණු දිවි මග පිටත දිදුළන
කිමද කාරණ මසිත නොපිරුණ
ඉරක් කුමටද සඳක් මැයි නුඹ
නිවී සැනසෙනම වත මා මන
ගියත් නුඹ මග දමා මන්
වින්දා මහ දුක් කප්පරක්
ලැබුනොතින් තව එක් වරක්
හිදිමි පපුතුර උණුසුමින්
කුමට මා හට සුර සැපක්
නැතිව ගෙවු නුඹ දුක් ගගක්
පතමි යළි නුඹ ළඟ ඉදන්
කිමිදි මිය යන්නට දිනක්
දරාගන්නට දිරිය දුන්
ජීවිතය දැන ඉගෙන ගත්
නුඹයි පාසල වෙර දරන්
නොදැක මා මග හැර ගොසින්
කෙලෙස සිටියෙද සිර කරන්
ගිලිහි ගිය මග රන් හුයෙන්
ලෙහා ලොව සැමටම හොරෙන්
දරා හැමදෙන දොස් පරොස්
ඉගිල සැගවෙමු අත් බැදන්.
සෞම්‍යා තිසේරා – ඕක්ලන්ඩ්






