තරුද නිදන මහ රැ යාමේ
මහද නිදිවරයි
විසිරිලා සිහින ගොඩක්
මහද ඔත්පලයි
අල්ලන්නට බැරි මානෙකින්
නුඹ පිපීලා අත වනයි
ඔමරි පානා සියත් රාවේ
පවා මහද කළඹයි
අත පොවන්නට බැරි මානේ
රැදී සරා සඳ ඔබමයි
ඔබේ සිසිලෙන් බිදක් ගන්නට
මං කළ පින් මදිව ගානයි
ප්රියන්ති ඕපාත – ඕක්ලන්ඩ්






