fbpx
15.1 C
New Zealand
Wednesday, November 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

වස් අවසාන පිංකම් : ශ්‍රී ලංකාරාමය- නවසීලන්තය

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

26 වන වතාවට පවත්වන ලද කඨින මහා පිංකම 12.10.2025 දින ඔටාහු Fairburn විදුහලේදී දහස් සංඛ්‍යාත සැදැහත් පින්වත් දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.  නවසීලන්තයෙන් හා විදේශ රටවලින්  වැඩම කළ මහා සංඝරත්නය පහළොස් නමක් 08.10.2025 දින සර්ව රාත්‍රික පිරිත් පිංකමටත් අවසන් දින පැවැත්වූ දහවල් දාන පිංකමටත් සහභාගි වූහ.

නවසීලන්ත සංඝනායක වල්ගම ශ්‍රී  මුනින්දවංශ මහානායක හිමිපාණන්ගේ ප්‍රධානත්නයෙන් පැවැත්වූ මෙම උත්සවය විහාරයේ භාරකත්ව මණ්ඩලය හා කඨින පිංකමේ දායකත්වය දැරූ පවුල් 20 ක් විසින් සංවිධානය කරන ලදී. විහාරවාසී මහා සංඝ රත්නයේ අනුශාසනා පරිදි වල්ගම රේවත හිමියෝ  මෙම සංවිධාන කටයුතුවල කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළහ.

වලල්ගොඩ අත්තදස්සි පොඩි හාමුදුරුවන් විසින් කරන ලද සේවාවන් ද සිහිපත් කරන ලදී. බුද්ධ පූජාව හා මහා සංඝරත්නය විෂයයෙහි සාංඝික මහාදානයට අමතරව පිරිත් ශ්‍රවණය කළ දායක දායිකාවන් වෙනුවෙන් මුළු රාත්‍රියටත් දහවල් දානයට සහභාගි වූ හාරදහසක් පමණ ජනතාවටත් ආහාර සංග්‍රහයන් ඉතා සංවිධානාත්මකව සැපයීම අගය කළයුතු මට්ටමක තිබිණ. මෙම කඨින පිංකම වෙනුවෙන් ලංකාරාමයේ විහාරවාසී යසස්සි හිමියන්ගේ සම්බන්ධීකරධීකරණයෙන් වැඩම කරවාගත් යුරෝපයේ ප්‍රධාන සංඝනායක හා ස්වීඩනයේ සමාධි සංස්කෘතික මධ්‍යස්ථානාධිපති උඩගම නාරද මාහිමියන් විසින් විශේෂ වැඩසටහන් රැසක්ම සංවිධානය කරනු ලැබිණ.

විශේෂයෙන්ම දරුවන්ගේ හැදියාව වර්ධනය සඳහා ඉංග්‍රීසි බසින් මෙන්ම සිංහල බසින් දිගු කාලීන වැඩ සටහන් මෙම පිංකමට සමගාමීව ක්‍රියාත්මක වුණි. කවි බණ මෙන්ම බෞද්ධ සින්දු ගායන වැඩ සටහන් ද එහි අර්ථය ධර්මානුකූලව නාරද මාහිමියන් විසින් පැහැදිලි කරන වැඩ සටහන්ද මෙම කඨින උත්සවය කාලය තුළ සංවිධානය වූ විශේෂාංග අතරට එක් වීය.

නවසීලන්තයේ ලාංකික දෙවන, තුන්වන පරම්පරාවට දේශීය සංස්කෘතිය හා ආගමික වතාවත් පුරුදු පුහුණු කිරීමද එක් අරමුණක් වී තිබුණි. සිය ගණනක් සාමාජිකයින්ගෙන සමන්විත අනුකමිටු මෙන්ම මිහිඳු දහම් පාසැලේ සිය ගණනින් දූදරුවන් මෙම උත්සවයේ තම තමන්ට හිමි වගකීම් නිසියාකාරයෙන් ඉටු කිරීමට දැක්වූ හැකියාව අගය කළ යුතුය.

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.