2025 වසරේ ශීත ඍතුවේ අප අපටම වුණු පොරොන්දුවක්, මේ අවුරුද්දේ ගිම්හානයේ අවසන් කාර්තුවේ දී අපි ඉෂ්ට සිද්ධ කර ගත්තේ, නව සීලන්තය පුරා විසිරී සිටින සිංහල සාහිත්‍ය කලාවට ළබැඳි ඔබ, අප හැමෝම වෙනුවෙන්. පසුගිය වසරේ දොරට වැඩි අපගේ “නව සීලන්ත අහස යට ලියු කවි” කාව්‍ය සරණියේ පළමු වෙළුම සමඟින් දිගු ගමනකට අපි තැබූ ඒ පුංචි පියවරේ ආශීර්වාදයෙන්, අපේම වුණු සිංහල සාහිත්‍ය සංසදයක් නවසීලන්තයේ පිහිටු වීමට අපේක්ෂා කළෙමු.
2026 පෙබරවාරි 22 වැනිදා, ඒ සුන්දර ගිම්හාන සන්ධ්‍යාවක, නව සීලන්තයේ වෙසෙන සියළු සිංහල කලා හිතකාමීන් නියෝජනය කරමින්, Dunedin හි වෙසෙන අපගේ කවි සරණියේ සියළු සාමාජික සාමාජිකාවන් හා එක්ව, අතිශය සරල හා චාම් උත්සවයකින් ඔටගෝ විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී ශුභ මොහොතින් සංසදයේ සමාරම්භක සැසිය ඇරඹිණි. “මව් බස සහ අපේම සාහිත්‍ය කලාවන් පෝෂණය කිරීම” තේමාව කර ගනිමින් එදින ඇරඹි සමාරම්භක සැසියේදී, සංසදයේ ව්‍යවස්ථාව සභාගත කරමින්, මංගල නිලධාරී මණ්ඩලය ද පත් කර ගැනිණි. එදින අපගේ කතාබහ වූයේ, අපේ භාෂාව, අපේ ගීතය, කවිය, ලේඛනය, අපේ නර්තනය සංගීතය, අපේ කලාව, සම්ප්රදාය, විදේශ භූමියක වුවද හදවතේ නොමැකෙන සම්පතක් ලෙස රැකගැනීම පිළිබඳවයි. නව සීලන්තයේ වෙසෙන සිංහල ප්‍රජාව අතර සිංහල සාහිත්‍යයේ, කලාව සහ සංස්කෘතික උරුමය ප්‍රචලිත කිරීම, සුරැකීම සහා සංවර්ධනය කිරීමටය.


එසේ මුල් ගල් තැබුණු මේ සොඳුරු සංසදය නිල වශයෙන් මාර්තු මස 12 වැනි දිනදී නීත්‍යානුකූලව අංක 3 දරන සංස්ථාපිත සමිති පනත (2022 පනත) යටතේ ලියාපදිංචි කෙරිණි. මෙමඟින්, නව සීලන්තයේ වෙසෙන, ශ්‍රී ලාංකීය සාහිත්‍යයට, කලාවට හිතැති අප හා මෙතෙක් දුර පැමිණි මෙන්ම, අපට එක් නොවුණු, මුණ නොගැහුණු සියළු කලාකාමී රසබර හිතවතුන් වෙනුවෙන්ම මෙම “Sinhala Literary and Arts Forum Incorporated NZ නිල වශයෙන් ස්ථාපිත කෙරුණි.
අපගේ කවි සරණියේ මහ ඇදුරු, හරින්ද්‍රනාත් චන්ද්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් සංසදයේ ඉදිරි වැඩ කටයුතු සංවිධානය කෙරුණු අතර, ආචාර්ය චන්දිමා දස්කොන් ලේකම් දුරයත්, ආචාර්ය ශ්‍රියා කුමාරසිංහ භාණ්ඩාගාරික ලෙසත් නිල වශයෙන් පත් කෙරුණි. උප සභාපති ලෙස, ආචාර්ය සුරංග දසනායකත්, උප ලේකම් ලෙස සමන් වනසිංහත් පත් කෙරුණි.
දිගු ගමනක ට තැබුණු මේ පුංචි පියවර, නව සීලන්තය පුරා විසිරි පැතිරී සිටින සිංහල සාහිත්‍ය කලා ලැදි සියළු ම දෙනා වෙනුවෙන් ඇප කැප වුනු ලාභ නොලබන සංවිධානයක් ලෙසින්, මෙය කවි කලා ලබැඳි හදවත්වලින් උපන් එකමුතුවකි. දුර රටක ජීවත් වුවද, අපගේ මුල්වලට බැඳුණු ඒ ආදරය ඇතුලේ දළු ලා වැඩුණු පුංචි බලාපොරොත්තුවකි. මෙය ඩනීඩින් නගරයට සීමා නොවී, නව සීලන්තය පුරා පැතිරෙන සිංහල සාහිත්‍ය කලා පියස්සක් බවට පත්කරන්නට, වුනු පොරොන්දුවකි.
අප හා එක්වන්න,.
කෙරෙන ආදරණිය ඇරයුමක්. අපේම හෙට දවස, අපේම නිර්මාණ වලින් ගොඩනගමු.
නව සීලන්තය පුරා සුවඳ දෙන…
අකුරු මල් පිපෙන සුන්දර වේදිකාවක්…
සිංහල සාහිත්‍ය කලා සම්ප්රදාය සුරකින්න..,
උතුරු – දකුණු වැසි කලා ලැදි සොඳුරු හිත් වලට ඇරයුමක්- අපි එක්වෙමු!
……………
ආචාර්ය චන්දිමා දස්කොන් – ඩනීඩින්
ලේකම් – Sinhala Literary and Arts Forum NZ







