fbpx
13.4 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

අඳුර මැදින් එළිය මවයි | අබ්දුල් සලාම් | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

බේත්ලෙහෙම් පුරේ, දිළිඳු ගවලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
ජේසු බිලින්දා..
***

මේ ජේසු සමිඳුන්ගේ අනන්ත වූ ගුණ මෙනෙහි කරන නත්තල් උත්සව සමයයි. ‘මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරපල්ලාය.’ (යොහාන් 15:12) ‘ස්වාමින්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැලුණු ආත්ම ඇත්තන් ගලවන සේක.’ (ගීතාවලිය 34:18).

එම වදන් සිහිපත් කරවමින්, විනෝදයට එහා ගිය අපේක්ෂාවන් කැටි ගැසී තිබුණ එක්තරා සුවිශේෂ සත්කාර්යයක සංෂිප්ත සටහනක් මෙසේ තබමි.
ඒ, 2023, දෙසැම්බර් තෙවැනි දින සවස තුන සිට රාත්‍රී එකොළහ දක්වා සෙන්ට් ජෝන්ස්, Auckland Netball සංවිධානය කළ නත්තල් උත්සවයයි.

ඒ ඒ කාර්යයන් කණ්ඩායම්වලට බෙදා දී සංගමය මෙම උත්සවය සදහා දින ගණනාවක සිට සුදානම් විය.

පළමු අදියර භාරවූයේ උත්සවයට සහභාගි වන්නන් වෙනුවෙන් තෑගි ලබා දීමේ කමිටුවටය. ඒ සදහා දින කිහිපයක් වෙහෙස මහන්සි වී තෑගී දහසක් පමණ සුදානම් කරන ලදී. ඇතැම් සාමාජිකයන් ඉතා සතුටින් තම කුඩා දරුවන් ද සමගින් සහභාගි වනු දක්නට ලැබිණි. මෙහිදී විශේෂ තෑගි ලබාදීමට නවසීලන්තවාසී ව්‍යාපාරික ප්‍රජාවගේ නොමද අනුග්‍රහය ලැබුණු බව ඔබවෙත දන්වා සිටින්නේ ඉතා සතුටිනි.

පැමිණෙන අයට ශ්‍රී ලංකික රාත්‍රී ආහාර වේලකින් සංග්‍රහ කිරීමට සැදී පැහැදී සිටි ආහාර සැපයුම් කමිටුවද අමතක කළ නොහැකි සේවයක් කළේ ය. එසේම උත්සව ශාලාව අලංකාර ලෙස හැඩ ගැන්වීමට, කුඩා ළමුන් සදහා විවිධ ක්‍රීඩා සංවිධානය කිරීමට, ගීත ගායනය, සෞන්දර්යාත්මක අංග සැකසීම, වාද්‍ය භාණ්ඩ සැකසීම, පිරිසිදු කිරීම ආදී සෑම අංශයක්ම ඒ ඒ උප කමිටු හරහා සුදානම් කරනු ලැබිණ. ස්වේච්ඡාවෙන් වැඩ කළ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් දිවා රාත්‍රී නොබලා තම දායකත්වය ලබා දුන්හ.

එදින පැවති වර්ෂාව ද නොතකා දහසකට ඉක්මවන ජනතාව Netball Centre වෙත වැල නොකැඩී පැමිණියහ. සෙන්ට් ජෝන්ස් ගුවන සිසාරා නත්තල් ගී රාවය රැව් පිළිරැව් දුනි. ජනතාව ඉතා සතුටින් සමගියෙන් සහයෝගයෙන් විවිධ අංගයන්වල නිරත වෙමින් විනෝදයෙන් ගත කළෝය. රාත්‍රී ආහාර පාන රස විදිමින් හා ගීත ගායනයෙන් පමණක් නොව, දරුවන්ට ද මහත් විනෝදයක් ගෙන දුන් ලොතරැයි දිනුම් ඇදීම් වැනි දෑට සම්බන්ධ වූහ. මෙහිදී, සංගමය, රුපවාහිණි යන්ත්‍ර, BBQ උපකරණ සහ වොක්ස්වැගන් වර්ගයේ නවීන මෝටර් රථයක් ද තෑගි ලෙස ලබා දීමට කටයුතු කර තිබුණි.

මෙය, දෙසැම්බර් මස තුන්වන දින සදා අමතක නොවන මතකයක් ලෙස සනිටුහන් කිරීමට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් කෙරුණ අගය කළ යුතු ප්‍රජා සද්ක්‍රියාවකි. විදේශ බිමක සිටින සහෝදර ශ්‍රී ලංකිකයා සමග එක්වී ඔවුන්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් ඉදිරිපත්ව, තනිකම, හුදකලාව, පාළුව දුරු කිරීමටත්, මානසික-කායික නිරෝගි භාවය රැක ගැනීම උදෙසා විවිඩ වැඩසටහන් සංවිධානය කිරීමටත් කටයුතු කිරීම අගය කළ යුත්තකි. තම ජන කොටසට සේවයක් කිරීමට ඉදිරිපත් වීමකි. පැමිණ සිටි සියලු සහෝදර ශ්‍රී ලාංකීය නෑදෑ හිතවතුන් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ නත්තල් උත්සව ශාලාවෙන් පිටමන් වූයේ නැවත එවැනි අගනා කාර්යයකට සහභාග වීමේ බලාපොරොත්තු ඇතිව බව කීම අතිශයෝක්තියක් නොවේ.
එතෙක් සියලු ලෝ වැසියන්ට සුබ නත්තලක් වේවා. ඇවිළුණු යුද ගිනි නිවී සාමය පැතිරෙවා.
‘… මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුබලාත් එකිනෙකාට ප්‍රේම කරපල්ලාය.’ (යොහාන් 15:12)

අඳුර මැදින් එළිය මවයි…
ජේසු බිලින්දා…//
නිරිදුන් තිදෙනා තරුවෙන් දිලෙනා…
මග අහගෙන යති දැක්මට
ජේසු බිලින්දා…//
සතවෙත කරුණා පිනිදිය ගලනා
මුදු උල්පත පාදා දුනි
ජේසු බිලින්දා…//

By Abdul Salam – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.