fbpx
15.1 C
New Zealand
Wednesday, November 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

සතුටුලන්තයෙන් මව් බිමට…

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මෙසේ  2025 නත්තල් කානිවල් උත්සවය ‘රට වෙනුවෙන් SLNZ අපි’ නමින්  වෙනස් කරන්නට සිදුවිය.

SLNZ Helpline සංවිධානය කළ නත්තල් උත්සවය 2025 දෙසැ.07 දින සවස ඇරඹුනි. වජිර ජයවර්ධන, දිමිත්‍රි ගාල්ලගේ ඇතුළු කණ්ඩායමක් තිරය පිටුපස සිට සාර්ථකත්වය සඳහා සහාය වූහ. රොමා මෝටර්ස් ඉදිකළ ‘සතුටු ලන්තය’ මෙන්ම ළමා චිත්‍ර හා විචිත්‍රව මුහුණු සායම් කරගත් දූ දරුවන්ගෙන් ශාලා පිරී ගියේය. කෑම කඩපිල් කාර්යබහුල වීය. කැරොල් මැජික් නැටුම් ගැයුම් හා සංගීතයෙන් ඔපවත්ව මෝටර් රථයක් ඇතුළු දහස් ගණනින් ත්‍යාග ගොඩවල් ජනයා අතර බෙදා දෙමින් ඔක්ලන්ඩ් නගරයේ පිහිටි මහත්මා ගාන්ධි ශාලාවේදී සාර්ථකව නිමවීය.

මෙහි  ආරම්භක අරමුණ වසර අග සුහද හමුවකි. එය වඩාත් යහපත් සත්කාර්යයකට යොමුවුණ ආකාරය මෙසේ වාර්තා වී ඇත.

2025 දෙසැම්බර් 7 දිනට Auckland Institute of Excellence (AIE) ආයතනයේ ත්‍යාග ප්‍රධානෝත්සවයක් සැලසුම් කර තිබිණ. දහවල් පැවැත්වෙන එම උත්සවයෙන් පසු නත්තල් කානිවල් උත්සවයක් පැවැත්වීම අපිට අවශ්‍ය වුවද මුදල් අගහිඟ කම් එකම බාධකය වීය. AIE ආයතනයේ රසිකා හරිශ්චන්ද්‍ර සමග කතිකා කර ගත් අපිට $2000 ක මුල්ම අනුග්‍රාහකත්වය ඇයගෙන් ලබාගෙන ඕක්ලන්ඩ් මහත්මා ගාන්ධි ශාලාව වෙන් කරගැනීමට හැකිවීය.

Manukau Harcourts හි ඉරේෂ් තෙන්නකෝන් සමාප්ත සමාචාර උත්සවයටද පෙන්රෝස්  පිහිටි CarPro ආයතනයේ තාරුක සමාරම්භක උත්සවයටද බරපැන දරන ලදී. උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය කරට ගත් ස්ටර්ලින් කාර් ආයතනයේ මාධව සේනාරත්න පළමු ත්‍යාගය සදහා වූ මෝටර් රථය ඇතුළු බරපැන මෙන්ම $500 වටිනා වට්ටම් වවුචර් දහස් ගණනක් බෙදාදෙන ලදී. දෙවන හා තෙවන ස්ථාන Travel Corner හි දක්ෂිණී උබේසේකර හා Transco හි රේනුක අන්තෝනි භාර ගත් පසු බොහෝ බාධක ඉවත් වීය.

පූජ්‍ය වල්ගම මුනින්ද්‍රවංශ නායක මාහිමිපාණන්ගේ හා වල්ගම් රේවත ස්වාමීන්වහන්සේගේ අනුශාසනා ලබාගෙන ප්‍රියානන්ද විජේසුන්දර, රණුක පෙරේරා, සිතාරා හා රසේන්ද්‍ර කරුණාසිංහ වැනි ප්‍රසාංගික වේදිකාවල ප්‍රවීණයන් අපි එකතු කරගත්තෙමු. වේදිකාවේ කටයුතුවලට ඩිලන්ත සුරේෂ්, අසංක හා නිෂි රණතුංග වැනි අයගේ ඇප කැපවීම මහත් ශක්තියක් වීය.

සංදර්ශන ශිල්පීන් හා ස්වෙච්ඡා කණ්ඩායම්වල සිය ගණනක් බලකාය වෙනුවෙන් ආහාර සංග්‍රහවලට Spice Land හි හිමිකරු රූබන්ගේ සහාය මහත් පිටුවහලක් වීය. ලක්දිව් ව්‍යාපාර ආයතනයේ නිශාන්ත, BNZ බැංකුවෙහි අසංක, සිතාරි කාර් ආයතනයේ සමන් අපව ධෛර්යමත් කළ අතර ධනුෂ්ක,නිෂ්, හා තිශාක්‍ය වැනි අය ආහාර හා සල්පිල් භාණ්ඩ ද උදාර ඡායාරූපකරණ කුටිය සැපයීමට ඉදිරිපත් වීමෙන් අපව ශක්තිමත් කළහ. වෛද්‍ය අශෝක ඩයස්, රාණි කිරිමැටියාව, සිඩ්නි ප්‍රනාන්දු, හේරත් කොඩිසිංහ, සිතාරා, ප්‍රමුද්‍ය, ධනුෂ්ක වැනි අය ඇප කැපවීමෙන් සංවිධාන කටයුතුවලට සම්බන්ධ වීම අප සැමට තව තවත් ශක්තියක් වීය

SLNZ Helpline කණ්ඩායමේ, නවසීලන්තයට නවකයින් වූවද විවිධ හැකියාවන් ඇති දක්ෂ 200 කට අධික තරුණ තරුණියන් විසින් ස්වෙච්ඡා බලකායක් ගොඩනගා  නව ජවයක් ලබා දී උත්සවයේ සංවිධාන කටයුතුවලට මැදිහත් වූහ.

හරීන් විජේසේන හා සමන් සේනාධීර විසින් පිටු 32 ක පොත් පිංචක් මුද්‍රණය කර බෙදා හැරීමට මුලික වියදමක් අපට ලබාදුන් අතර $1000 ක තවත් ත්‍යාගයක්ද මෙම පොත් පිංචට කුසපත් ඇද ප්‍රදානය කිරීමට හරීන් හා සමන් බලාපොරොත්තු වෙයි. ඒ සඳහා අග පිටුවේ ඇති QR code scan කර ගත යුතුය. ඊට අමතරව මෙම පොත් පිංච තුළ විවිධ මිල වට්ටම් සහිත වෙළඳ දැන්වීම් කවි, කතා, රචනා, ප්‍රහේලිකා ද  ඇතුළත්ය.

ක්‍රිෂාන් ගාල්ලගේ හා රසිකා සුබසිංහ වෙනත් ජනවාර්ගික නියෝජිතයන්ට, පොලිසිය, ගිනි නිවන හමුදාව, වැනි ආයතන, දේශපාලන, ස්වෙච්ඡා සංවිධාන හා පුද්ගලයිනට අරාධනා යැවීමට යුහුසුළු වූහ. එය අතිශයින් සාර්ථක වීය.

මේ අතරතුර මව්බිම වර්ෂා හා නායයාම් පිළිබද ප්‍රවෘත්ති අප අතට ලැබෙන්නට වීය. ව්‍යවසනයට පත් මව්බිම අපේ අය වෙනුවෙන් උත්සවය නැවැත්විය යුතු බවටත් යම් මුදලක් මව්රට වෙනුවෙන් දිය යුතු බවටත් සාකච්ඡා වීය. මෙම අදහස වෙනුවෙන් 2025 නත්තල් කානිවල් උත්සවය ‘රට වෙනුවෙන් SLNZ අපි’ නමින් අපි තේමාව වෙනස් කළෙමු.

මිලියන දෙකකවත් මුදලක් මව්බිම වෙත යැවීමට  අරමුදලක් එකතු කළ යුතු බවට ක්‍රිෂාන් ගාල්ලගේ හා අනෙක් අය අදහස් දැක්වූහ. ඇතුලු වීමේ ටිකට්පත් 4000 ක් නොමිලේ වූ අතර  ත්‍යාග කුසපත් ඇදීම වෙනුවෙන් සුළු මුදලකට ටිකට් පතක් අලෙවි කිරීමත් හැරුණු විට මුදල් හෝ ලාභ ලැබෙන වෙනත් කිසිදු යාන්ත්‍රණයක් උත්සව සංවිධානය තුළ අප මුලිකව සකස් කර ගැනීමේ බලාපොරොත්තු අපට නොතිබුණි. කෙසේ නමුත් කිසිදු අමතර මුදල් ඉපයීමක් හෝ ආධාර එකතු කිරීමක් නොමැතිවම සැලසුම් කළ ආකාරයටම අපි උත්සවය පැවැත්වීමු.

උත්සයට පැමිණි විවිධ ජාතීක නියෝජිතයනටද අපේ තේමාව ගැන අදහස් ඉදිරිපත් කළෙමු. උත්සවය අවසන්වී 16 වන දින නවසීලන්තයේ හා විදේශ හිතමිතුරන්ට අපි කතා කළෙමු. ප්‍රතිඵලයක් ලෙස 18 වනදා වනවිට අපේ අපේක්ෂා  මල්ඵල ගන්වමින් ගිණුම් අංකය වෙත පරිත්‍යාග ගලා එන්නට පටන් ගත්තේය.

සියලු දෙනාම සිහින මැවූ පරිදි රුපියල් මිලියන එක හමාරකට ආසන්න මුදලක් SLNZ Helpline Youth Hub නායක දිමිත්‍රි ගාල්ලගේ විසින් ශ්‍රී ලංකා නවසීලන්ත මහ කොමසාරිස් ප්‍රසන්න ගමගේ මහතා වෙත දෙසැම්බර 22 වන දින භාර දෙනු ලැබිණ.

මෙසේ ‘සතුටුලන්තයක්’ ලෙස අප ආරම්භ කළ නත්තල් කානිවල් උත්සවය ‘මව්බිම වෙනුවෙන් SLNZ’ බවට පත්වීය.

දයා ප්‍රතාපසිංහ සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.