fbpx
15.1 C
New Zealand
Wednesday, November 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

පාමස්ටන් නෝර්ත් සංස්කෘතික සංදර්ශනය 2026 හිදී ‘ශ්‍රී ලංකා’ නාමය බැබලේ | සසංකා කරුණාතිලක | පාමස්ටෝන් නෝර්ත්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

2026 පෙබරවාරි 21 වන සෙනසුරාදා දින පාමස්ටන් නෝර්ත් නගර සභාව මගින් උත්කර්ෂවත් අයුරින් සංවිධානය කරන ලද 33 වන ‘සංස්කෘතික උත්සවයේදී’ පාමස්ටන් නොර්ත්හි වෙසෙන, විවිධ රටවලට අයත් ජනතාවට තම තමන්ගේ රටවලට ආවේණික සංස්කෘතික අනන්‍යතාවය එළි දැක්වීමේ අවස්ථාවක් උදාවුණි. ඒ ඒ රටවලට උරුම නර්තන, සංගීත හා වාදන අංග රසවිඳීමේ මාහැගි අවස්ථාවක් සැමටම උදාවිය. මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ වී තිබුණේ ප්‍රදේශයේ ජීවත්  වන ප්‍රජාව සම්බන්ධ කරගැනීම සහ විවිධ සංස්කෘතිකාංග ප්‍රදර්ශනය කිරීමයි.

‘ශ්‍රී ලාංකීය ගැමි මුළුතැන්ගෙය’ යන තේමාව යටතේ Young Members Association of Palmy Sri Lanka Buddhist Society හි  දරුදැරියන් හා ශ්‍රී ලාංකික සැමගේ එකමුතුවෙන් නිර්මාණය වූ කුටිය The Best Cultural Store- 2026 ස්ථානය දිනා ගැනීම ශ්‍රී ලාංකික සැමට මහත් වූ අභිමානයකි. ශ්‍රී ලාංකික රසයෙන් යුතු  ආප්ප, කිරිබත්, රොටි පැමිණි සැමගේ රසනහර පිනවිය. නිතරම ආගන්තුක සත්කාරයට මුල්තැන ලබා දෙන ශ්‍රී ලාංකික අප නවසීලන්තය තුළත්  අපේ උරුමයන් රැකගත්තේ කුටියට පැමිණෙන සැමට පිංතාලියෙන් වතුර හා ලාංකික රසය රැගත් තේ කෝප්පයක් ලබා දෙමිනි.

ශ්‍රී ලාංකික අපට උරුම හෙළ  සංස්කෘතිය විදහාපාමින්  කුඩා දරු දැරියන් ඉදිපත් කළ ‘මයුරා වන්නම’ දෙස් විදෙස් සැමගේ විශේෂ අවධානයක් දිනා ගත් අංගයක් විය. විජය කුවේණි කතා වස්තුව නිරූපණය කරමින් තරුණ සංගමයේ  දූදරුවන් ඉදිරිපත් කළ ‘කුවේණි’ නර්තනය සැමගේ නෙත් පිනවිය. උපන් මව්බිමෙන් ඈත්ව ජීවත් වුවත්  ශ්‍රී ලාංකික  අභිමානය ලොව තුළ සනිටුවන් කිරීමට තරුණ තරුණියන් ඉදිරිපත් කළ ‘ඉරක් පායනා දේශය’ ගීතය සමත් විය.

මෙවැනි සංස්කෘතික උත්සව මඟින් විදේශයන්හි වෙසෙන දූදරුවන් තුළ හෙළ කලාව, සංස්කෘතික දායාද, ශ්‍රී ලාංකික සභ්‍යත්වය එකමුතුකම නිර්මාණශීලිත්වය  ඉගැන්වීමට ලැබීම මූලික අරමුණක් විය . එමෙන්ම විදෙස් ඇස ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට ලැබීමත් අප ලද භාග්‍යයකි.

ශ්‍රී ලංකා නිදහස් දින සැමරුම – පාමස්ටන් නෝර්ත්  පුස්තකාලයේදී

පාමස්ටන් නෝර්ත්  පුස්තකාලයේ ආරාධනයකට අනුව 78 වන  ශ්‍රී ලාංකික නිදහස් දිනය නවසීලන්තයේ දී සැමරීමට  ශ්‍රී ලාංකික දුවා දරුවන්ට  අවස්ථාවක් උදා විය. පාමස්ටන් නෝර්ත් ශ්‍රි ලංකා බෞද්ධ විහාරයේ දහම් හා සිංහල අධ්‍යාපනය ලබන දුවා දරුවන් හා තරුණ සංගමයේ දුවා දරුවන්ගේ එකමුතුවෙන් මේ කටයුත්ත සිදු කරන ලදී. මෙහිදී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ලියන ලද ලිපි හා චිත්‍ර ප්‍රදර්ශනය කෙරුණු අතර ශාකිල් යොහාන් හේවගේ විසින් ලියන ලද නිදහස් දින ලිපිය පුස්තකාල  වෙබ් අඩවියේ ද පළ විය .

Link: https://citylibrary.pncc.govt.nz/explore/news/sri-lanka-independence-day

පාමස්ටන් නෝර්ත් පුස්තකාලයේ සේවයේ නිරත Leah Simon මහත්මියගේ උපදෙස් පරිදි සසංකා කරුණාතිලක මහත්මියගේ මග පෙන්වීමෙන් මෙය සංවිධානය කරන ලදී.

සසංකා කරුණාතිලක – පාමස්ටෝන් නෝර්ත්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.