fbpx
15.9 C
New Zealand
Wednesday, December 6, 2023

The Only Sri Lankan Community Newspaper in New Zealand

විශිෂ්ට ජයකින් නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරඟයට

Must read

Image Source: t20worldcup.com


නවසීලන්ත කණ්ඩායම, මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර. එංගලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් රැස් කළා.

පිළිතුරු ලෙස නවසීලන්තය 19 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ Daryl Mitchell නොදැවී ලකුණු 72 ක් පන්දු 47දී ලබාගනිමින් ජය තහවුරු කර ගත්තා.

මේ අතර අවසන් පූර්ව වටයේ පැවැත්වෙන දෙවන තරඟය 11දින පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර පවැත්වෙනවා. තරඟය ඩුබායි හී දී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට සහ නවසීලන්ත වේලවෙන් (12 වෙනිදා ) අළුයම 3ට ආරම්භ වීමට නියමිතයි.

අවසන් තරඟය ලබන 15 වෙනිදා පවැත් වේ.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.