fbpx
14 C
New Zealand
Sunday, May 18, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

වසර 10 කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේ දී එක්දින තරග ජයක් | බුද්ධි මාතරආරච්චි | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

පැතුම්, කුසල්, සහ ජනිත් ගේ අර්ධ ශතකයත්, අසිත ප්රනාන්දුගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවෙ තෙවන එක්දින ජාත්යන්තර තරගයෙන් නවසීලන්තයට ලකුණු 140 පරාජයක් ලබා දීමට ශ්‍රී ලංකාව සමත් විය

ශ්‍රී ලංකාව පසුගිය ජනවාරි 11 වෙනිදා තෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණී අතර, පැතුම් නිස්සංක ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් පිටිය පුරා අලංකාර පහරවල් එල්ල කරමින් පන්දු තිස්එකකින් තම අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය.

පැතුම් නිස්සංක එල්ල කල පුල් පහරවල් ඊඩ්න් පාක් පිටිය සිසාරා යන විට කාලයකට කලින් ලාංකික ක්‍රිකට් පිටියට අරවින්දය උදාකල අරවින්ද සිල්වාගෙ දැකුම්කළු පුල් පහරවල් වල මතකය නැවත ආවර්ජනය කිරීමට සමත්විය.

අවාසනාවකට පැතුම්ගෙ පාදයෙ ඇතිවු ආබාධය නිසා තාවකාලිකව පිටියෙන් ඉවත්වීමට සිදු වුවත් ඊලඟ පිතිකරුවා ලෙස පැමිණි කුසල් මෙන්ඩිස් ලකුණු පුවරුව ස්ථාවර වේගයක පවත්වා ගන්නට සමත් විය. ආරම්භක පිතිකරු අවිශ්කගේ දැවී යාමෙන් පිටියට එකතු වූ කමිදු මෙන්ඩිස් හා කුසල් මෙන්ඩිස්, පිටිය මැද සහයෝගයෙන් ඉනිමක් දියත් කරන ලද අතර තරඟයේ මුල් භාගයේදී නවසීලන්ත පන්දු රකින්නන්ගෙ දුර්වල පන්දු රැකිමෙන් ප්‍රයෝජන ගත් කුසල් තම අර්ධ ශතකය ලබා ගැනීමට සමත් විය.

කුසල් ගෙන් පසු පිටියට පැමිණි ජනිත් ලියනගේ ඉවසිලිවන්ත ලෙස ක්‍රීඩා කරමින් පසු පෙළ පිතිකරුවන් සමග ලකුණු පුවරුව ඉදිරියට ගෙනගිය අතර නවසීලන්තයට එරෙහිව තම පළමු අර්ධ ශතකය රැස් කර ගැනීමට සමත් විය.

කකුලේ ආබාධය සහිතවම නැවත පිටියට පැමිණි පැතුම් තනි කකුලෙන් නවසීලන්ත නායකයාගෙ පන්දුවකට එල්ල කල හයෙ පහර මෙන්ම පලමු ඉනිමේ අවසාන පන්දුවේදී ක්‍රීඩා ලෝලීන්ගේ උද්වේගය මැද මහේෂ් තීක්ෂණ, මැට් හෙන්රිගේ  පන්දුව ලෝං ඕන් කලාපයට එල්ල කල පහර සමග මුලු ලකුණු 290 දක්වා ගෙන යාමට අවස්ථාව ලැබිණි. නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන්රි කඩුලු 4ක් ලකුණු 54කදී දවා ගන්නට සමත් විය.

හතරැස් කුඩා හතරේ සීමා සහිත ඊඩ්න් පාක් පිටියේ ලකුණු බේරාගැනීම අසීරු වුවත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නට පන්දු යවන්නන් සමත් විය.
නවසීලන්තයට සාර්ථක වීම සඳහා අවස්ථාවක් ලබා නොදුන් මහේෂ් තීක්ෂණ පලමු කඩුල්ල දවා ගත් අතර විශිෂ්ඨ ගණයේ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු නවසීලන්ත පිතිකරුවන්ට  හිසරදයක් වෙමින් කඩුලු පිට කඩුලු දවා ගන්නට සමත් විය.

 අසිත ප්‍රනාන්දු තරගයේ වීරයා සම්මානය ලබා ගැනීමට සමත් විය. පන්දු යවන්නන්ට අනගි සහයෝගයක් ලබාදෙමින් යාර තිහේ සීමාවේ සිටි පන්දු රකින්නන් විශිෂ්ඨ ගණයේ උඩපන්දු කිහිපයක් ලබා ගැනීමට සමත් විය. ඒ අතරින් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා‍ කල නුවණිඳු ප්‍රනාන්දු ලබාගත් උඩපන්දුව ක්‍රීඩා ලෝලීන්ට කාලයකින් ශ්‍රී ලංකා පිලෙන් දක්නට නොලැබුන පන්දු  රැකීමේ දක්ෂතාවය දැක බලා ගැනීමේ අවස්තාවක් උදා කරදීය.

කිසිදු නවසීලන්ත පිතිකරුවකුට ලකුණු අතරට පිවිසීමට අවස්ථාව නොදී පළමු ඕවර හත පමණ වන විට ලකුණු විසි දෙකකට කඩුලු පහක් දැවී නවසීලන්තය ඉතාම අසීරු තත්ත්වයක පත්විය.  පසුව නවසීලන්තයට ගෞරවාන්විත පරාජයක් අත්කර දීමට තනිව සටනක් දියත් කල මාක් චැප්මන් ලකුනු 81 ලබා ගත්තද ඔහුගේ උත්සාහය ව්‍යාර්ථ කල පන්දු යවන්නන් නවසීලන්ත ඉනිම ලකුනු එකසිය පනහකට   සිමා කරන්නට සමත් විය.

 

ඒ අනුව වසර 10 කට පසුව ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී එක්දින තරග ජයක් ලබාගැනීමට අවස්ථාව ලැබුණු අතර අවසන් වරට ශ්‍රී ලංකාව නවසීලන්තයේදී තරගයක් ජය ගත්තේ 2015 වසරේදී විම කණ්ඩායමක් හැටියට කොල පැහැ වේග තණතිලි වලදී මිට වඩා හොඳින් ක්‍රීඩා කලයුතු බව පෙන්නුම් කරයි. එක්දින තරගාවලිය සහ T20 තරගාවලිය පරාජය වුවත් තම ගෞරවය බේරාගැනීමට මේ තරගයේ ජයග්‍රහණයත් සමත් වූ බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ අදහස විය.

සුන්දර ගිම්හානයේ සති අන්ත සෙනසුරාදා සැන්දෑවක මනරම් කාලගුණික තත්ත්වයක් යටතේ ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ එක් රැස්වුණු ශ්‍රී ලාංකිකයන්ගේ පපරේ සංගීතය සහ උණුසුම් උද්යෝගය මැද කාලෙකට අමතක නොවන තරග අත්දැකීමක් ලබන්නට අවස්ථාවක් බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබුණු බව නම් කිව යුතුමය.

බුද්ධි මාතරආරච්චි – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.