fbpx
14 C
New Zealand
Sunday, May 18, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

ප්‍රේමය නම්… | ක්‍රිෂාන්ත වෑවිට | වෙලිංටන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

එකල්හි, අපි දැඩිව පෙමින් වෙලී සිටියෙමු. අවසානය කෙසේ වේදැයි නොදැන ආදරය පමණක් ‘පොදු සාධකය’ වූ කලෙක, හිත ඇතුලේ ගැයෙන ගීතයෙන් අපි වශී වී සිටියෙමු. මුළු ලොවම ගලා යන්නේ ඒ තාලයට යැයි හැඟුණේ වරක් දෙවරක් නොවේ. ඒ හැඟීම් අපූරුවට කවියට නැගුවේ සේකරයි. යමෙකු ප්‍රේමයෙන් මුසපත් වූ කලෙක සිතට නැගෙන දේ සේකර නොමියෙමි පොතේ මෙසේ ලියුවේය.

“නින්ද නොයන රාත්‍රී වල
කාමරයට වී තනියම
අන්ධකාරයට නිශ්චල
කන් දීගෙන ඉන්නවා මම
එහෙම ඉන්නකොට ඉන්නකොට
ඈත… ඈත…
පටන් ගන්නවා ඇහෙන්න ගීත හඬක්
සුළඟ එන්නේ ඒ තාලෙට
පිනි වැටෙන්නේ ඒ තාලෙට
ගස් වැල්වල මල් පිපෙන්නේ ඒ තාලෙට
ආකාසේ තරු නටන්නෙ ඒ තාලෙට
ඒ බව පළමුවෙන්ම
ඉගෙන ගත්තේ ඇගෙනුයි මම”

හිතට දැනෙන ආදරය සිංහලෙන් වචනයට පෙරළා ඇයට කියවන්නට දීමට නොහැක. සේකර වැන්නෙකු ලීයු ‘ආදරය’ සිංහලෙන් කියවා විඳින්නට හැකියාවක් ඇයට ද නොමැත. එවන් කලෙක එක් දිනක් ඇගේ උපන් දිනයට සුභ පැතුම් පතක් සොයමින් යද්දි ‘Cargills and Millers’ සාප්පුවේ දී අහම්බෙන් මෙන් මගේ ඇස් ගැටුණේ මේ කවි පෙළ ඇතුළත් වුණු උපන් දින සුභ පැතුමක්.

Roy Croft

Love – by Roy Croft
I love you,
Not only for what you are,
But for what I am when I am with you.

I love you,
Not only for what You have made of yourself,
But for what You are making of me.

I love you
For the part of me That you bring out;
I love you
For putting your hand into my heaped-up heart
And passing over all the foolish, weak things
that you can’t help dimly seeing there.
And for drawing out into the light
all the beautiful belongings that no one else
had looked quite far enough to find.

I love you
because you are helping me to make
Of the lumber of my life
Not a tavern but a temple;
Out of the works of my every day
Not a reproach but a song.

I love you
Because you have done more than any creed
could have done to make me good,
And more than any fate to make me happy.

You have done it
Without a touch,
Without a word,
Without a sign.
You have done it
By being yourself.

(Note: As per Wikipedia, this was misattributed to the pseudonym “Roy Croft” and the poem is actually written by Mary Carolyn Davies).

Mary Carolyn Davies

මේ සෑම වදනක්ම එදා මෙන්ම අදටත් වලංගුය. මා කිව යුතුව තිබූ එහෙත් මට කියා ගත නොහැකි වූ මේ වදන් වැල සිංහලට අනුවර්තනය වන්නේ දැන්ය.
ප්‍රේමිය!

මම නුඹට පෙම් කරමි.
ඒ,
නුඹේ අක්බඹරු වන් කෙස් කළඹ නිසාවත්,
දයා ගුණ වෑහෙනා නෙත් කැළුම් නිසාවත්,
සඳුන් සුවඳැති සමේ මුදු පහස නිසාවත්,
කොටින් කියතොත්….,
නුඹේ කිසිවක්ම නිසාවත් නොව,
නුඹ ළඟින් සිටින විට,
මා පෙරෑළෙන ‘මිනිසා’ නිසාවෙති.
නුඹ විසින් ප්‍රතිනිර්මාණය කරනු ලබනා,
‘මා’ නිසාවෙනි.

මම නුඹට පෙම් කරමි.
ඒ,
නුඹ සොදුරු යුවතියක් යැයි මට හැඟෙන නිසාම නොව,
නුඹ විසින් හාර හාරා පහුරු ගා,
උඩට මතු කරවනා,
අපරිමිත දයාබර, අතිශයින් සුන්දර,
මුදු හිතැති මිනිසාට මා ද ඇළුම් කරනා නිසාවෙනි.
අපමණක් වූ මගේ,
නේක විධ අඩු පාඩු,
නොදුටු සේ ඉවත ලා,
යොමා නෙතු ඉන් එහා….
මීට පෙර ජීවිතේ,
කිසිදාක කිසිකෙනෙකු,
සොයන්නට වෙර නොදැරූ,
තියේ නම් යම් හොඳක්,
ගතිගුණක්, පුරුද්දක්,
උලුප්පා උඩට ගෙන,
ඒ මතට හිරු කිරණ,
පතිත කළ නිසාවෙනි.

මම නුඹට පෙම් කරමි.
ඒ,
නුඹ පිරිපුන් ලඳක් යැයි මට සිතෙන නිසාම නොව,
මගේ ජීවිතේ අරමුණ,
පිසාචයන් වසනා අඳුරු අවන්හලක් නොව,
දෙවියන් වඩිනා සොඳුරු දෙවොලක් කරනට,
නුඹ වෙහෙසෙනා නිසාවෙනි.
හිත රිදෙන වදනකුදු නොදොඩා,
හිත පිරෙන මුදු ගී කවක් කනට කොඳුරනා සේ,
නුඹ එය කරනා අරුමය,
සිතා ගන්නටවත් නොහැක මට.

මම නුඹට පෙම් කරමි.
ඒ,
මා මිනිසෙකු කරනට,
කිසිම දහමකට ඇදහිල්ලකට වඩා,
නුඹ කළ කී දෑ වෙනුවෙනි.
මේ තරම් සැනසුමක් සතුටක්,
මගේ හිත තුළ මුදා ලූයේ,
‘නුඹ’ සහ ‘නුඹම’ පමණක් බැවිනි.
වදනකුදු නොදොඩා,
ඇල්මකින් බැල්මකින් තොරව,
නුඹ ‘නුඹම’ වීමෙන් පමණක්,
එය කළ අපූරුව!
මම නුඹට පෙම් කරමි!!!
(අසීමිතව……)

ක්‍රිෂාන්ත වෑවිට – වෙලිංටන් නුවර

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.