fbpx
12.4 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සෑම දරුවෙකුටම වඩා හොඳ අනාගතයක් | දිමුතු විජේසූරිය – වෙලිංටන්

Must read

මෙවර ලෝක ළමා දිනයේ තේමාව “සෑම දරුවකුටම වඩා හොඳ අනාගතයක්” යන්නයි. රටක අනාගතය තීරණය කරන ප්‍රමුඛතම සාධකය වන්නේ දරුවන්ය. දරුවන්ට ජීවත් වීමට සුදුසු වටපිටාවක් සකස් කර දෙන රටක හෙට දවස සුභ වන්නේ නිතැතින්මය.

අද වෙන විට බිලියන 7.7ක් පමණ වන ලෝක ජනගහනයෙන් ළමා ජනගහනය බිලියන 2.2 ක් පමණ වේ. මේ සියලු දරුවන්ට නිදහසේ වැඩෙන්න, අධ්‍යාපනය ලබන්න, නිසි සෞඛ්‍ය පහසුකම් ලබාගන්නට. ආරක්ෂාව හා සුරක්ෂිතතාවය  ලැබෙන්නේ ද යන්න ප්‍රශ්නයකි. මේ නිසාම අද වන විට දරුවන් පිළිබඳ වැඩි වශයෙන් කතාබහ කරනු ලබයි. UNICEF ආයතනය සහ ළමා සුබසාධනය සඳහා කටයුතු කරන විවිධ සමාජ සංවිධාන දරුවන් වෙනුවෙන් ලෝක ව්‍යාප්තව විවිධ ක්‍රියාකාරකම්, වැඩමුළු සහ ව්‍යාපෘතීන් දියත් කරමින් සිටියි. මන්ද සෑම දරුවෙකුටම වඩා හොඳ අනාගතයක් උරුම කර දීමට.

වර්තමානය වන විට ලෝකයේ පවතින විවිධ යුධ ගැටුම්, දේශගුණික විපර්යාස වැනි හේතු නිසා දරුවන්ගේ හෙට දවස පිළිබඳව අවිනිශ්චිතතාවයක් මතුව ඇත. විශේෂයෙන්ම යුද්ධය නිසා දරුවන්ගේ ජීවිත අහිමි වීම්, මානසික සහ ශාරීරික ආබාධවලට ලක්වීම, දෙමව්පියන්ගේ රැකවරණය අහිමි වීම, නිසි අධ්‍යාපනයක් නොලැබීම, ආරක්ෂාව හා සුරක්ෂිතතාව සලසා ගැනීම  වැනි විශාල ගැටලු රාශියක් උද්ගත වී ඇත. 

දරිද්‍රතාවය නිසා ද දරුවන් විවිධ වූ අපහසුතාවයන්ට ලක් වේ.  අධ්‍යාපන කටයුතු අඩාල වීම, කුඩා අවධියේදීම රැකියාවන් සදහා යොමුවීම, ආහාර පාන නිසි කලට නොලැබීම නිසා මන්දපෝෂණය වැනි නොයෙකුත් රෝගවලට දරුවන් ගොදුරු වීම  සිදුවේ.

වෙළඳපල ආර්ථික ක්‍රමයක් යටතේ ගොඩනැගී ඇති වර්තමාන  සමාජය ඉතාමත් කාර්යබහුලය. වැඩිදෙනා තම කාලය වැය කරන්නේ මුදල් ඉපැයීම සඳහා ය. ඒ නිසා තම පවුල, දරුවන් මග හැරී යන්නේ ඔවුන්ටත් නොදැනීමය. දරුවන්ට තම දෙමාපියන් ඇසුරේ රැඳෙන්නට, ආදරයෙන් සෙනෙහසින් කාලය ගෙවා දමන්නට  ලැබෙන්නේ සීමිත ඉඩකඩකි. ඒ නිසා දරුවන් හුදෙකලා වීම, විවිධ අනතුරුවලට ලක්වීම, මානසික පීඩාවන්ට පත් වීම  සිදුවේ. 

අනෙක් අතට ඇතැම් දෙමාපියන් දරුවන් තරගකාරී අධ්‍යාපනයකට ඇද දමා ඇත. දරුවන්ට සෙල්ලම් කරන්න, නිදහසේ ඉන්න, ඔවුන්ට කැමති දෙයක් කරන්න ඇති අවස්ථාවන් දෙමාපියන් විසින් හිමි කර ඇත. ලංකාව වැනි රටක මෙම තත්ත්වය උග්‍ර අතට හැරී ඇත. අඩුම තරමේ දරුවන්ට නිදහසේ බත් කටක් කන්න තරම්වත් විවේකයක් නැත.

දරුවන්ට ලස්සන, සුන්දර, සුරක්ෂිත ළමා කාලයක් ලබාදීම වැඩිහිටියන්ගේ යුතුකමකි. පොත පතට පමණක් සීමා නොවී ගහ වැලට, සතා සිවුපාවන්ට ආදරය කරමින්ම තමන් ද ස්වභාදහමේ දරුවෙක් බව අවබෝධ කරගන්නට ඔවුන්ටම ඉඩක් ලබාදිය යුතුය.

ලෝකයේ රටවල් විවිධ දිනයන්හි ලෝක ළමා දිනය සමරනු ලබයි. නවසීලන්තයේ මාර්තු මාසේ පළමු ඉරිදා දෙන ලෝක ළමා දිනය සමරන අතර  ශ්‍රී ලංකාව ඔක්තෝබර් පළමු වන දින ලෝක ළමා දිනය සමරනු ලබයි. දරුවන් සමාජයට කොතරම් වැදගත් ද යන්න ඉස්මතු කිරීම මෙම දිනයේ අරමුණ වේ. දරුවන්ගේ අදහස් සහ ඉල්ලීම්වලට ඇහුම්කම් දීම, ඔවුන්ගේ සුභ සාධනය වැඩි දියුණු කිරීම, ලෝකය ඔවුන්ට වඩා හොඳ තැනක් බවට පත් කිරීම වැඩිහිටි අප කාගේත් යුතුකමයි. එයින් ලෝකවාසී සියලු දරුවන්ට වඩා හොඳ අනාගතයක් උදා වනු නොඅනුමානයි.

දිමුතු විජේසූරිය – වෙලිංටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.