ක්‍රයිස්චර්ච් සමාධි බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති ගරු පූජ්‍ය මකුල්දෙණියේ සෝමරතන ස්වාමින් වහන්සේගේ පසුගිය මැයි මස 27 වන දිනට යෙදී තිබූ ජන්ම දිනය නිමිත්තෙන් විහාරස්ථානයේ දායක කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ විශේෂ දානමය කටයුත්ත ක්‍රයිස්චර්ච් රිකර්ටන් ප්‍රදේශයේ පිහිටුවා ඇති Individuals with Disabilities Education Act (IDEA ) Service Centre ආයතනයේදී මැයි මස 27 වන දින සිදුකරන ලදී.
මෙහිදී ඔවුනට සකස්කර පිසින ලද දහවල් ආහාරවේලක් හා ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනේ කටයුතුවලින් අනතුරුව සෙත් පිරිත් සජ්ඣායනාවක් සිදුකොට සියළු දෙනාටම ආශීර්වාද කරන ලදී.
තවද මෙම වැඩසටහනට සමගාමීව දැනට ශ්‍රී ලංකාවේ ඇති අර්බුදකාරී තත්වය නිසා සිදුව ඇති ඖෂධ හිඟය හේතුකොටගෙන අවදානමට ලක් වූ රෝහල් අතරින් මහනුවර දිස්ත්‍රිකයේ තෙල්දෙණිය මූලික රෝහලට මේ දිනවල අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග රැසක් හා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පසුගිය දිනක රෝහල් පරිශ්‍රයේදී සිදුකරන ලදී.
ක්‍රයිස්චර්ච් සමාධි බෞද්ධ විහාරස්ථාන වෙනුවෙන් දිගන ශ්‍රී රාජවාලුකාරාමයේ විහාරාධිපති පූජ්‍ය පිල්හත මහානාම හිමි ප්රමුඛ මහා සංඝරත්නය විසින් මෙම පරිත්‍යාගය රෝහල් කාර්ය මණ්ඩලය වෙත සිදුකරන ලදී.
මහනුවර මක්කානිගම, ගල්පිහිල්ල ප්‍රාදේශීය රෝහලට මෙතෙක් අඩුපාඩුවක් පැවැති විදුලි ජනක යන්ත්‍රයක් පරිත්යාගයකිරීම පසුගිය දිනක එම රෝහල් පරිශ්‍රය තුළදී සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා දිගන ශ්‍රී රාජවාලුකාරාමයේ විහාරාධිපති පූජ්‍ය පිල්හත මහානාම හිමි ප්රමුඛ මහා සංඝරත්නය, ක්‍රයිස්චර්ච් සමාධි බෞද්ධ විහාරස්ථානයේ පූජ්‍ය මඩුවන්වෙල ධම්මදස්සී හිමි, රෝහල් ප්‍රධාන වෛද්‍ය නිලධාරී සුමනසේකර රඹුක්ඇල්ල මහතා ප්රමුඛ කාර්යමණ්ඩලය හා සංගීතවේදී අමිත් ලියනගේ යන මහත්ම මහත්මීන් මෙම සත් ක්‍රියාව සදහා එක්විය.
ක්‍රයිස්චර්ච් සමාධි බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති ගරු පූජ්‍ය මකුල්දෙණියේ සෝමරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා හා මඟපෙන්වීම පරිදි දායක සභාව විසින් මෙම සත් ක්‍රියා සදහා ආධාර මුදල් එක්රැස්කර යොදවනලදී.
By Gayan Lasantha – Christchurch