‘එදා සිට ආදරයට සන්නාහය හරහා වුවද තම මග සොයාගත හැකි බව තිමා දැන සිටියාය. අන් අය ප්‍රවේශමෙන් ළංවන අයට පවා මෘදු ලෙස ළං වුවහොත් උණුසුම ලබා දිය හැකිය.’ Random Facts, facebook පිටුවේ ඉංග්‍රිසියෙන් පළවූ ‘The Porcupine Who Wanted Hugs’ නම් කෙටිකතාවේ සිංහල පරිවර්තනය. – මධුවන්තී වික්‍රමආරච්චි ශ්‍රී ලංකාව-
අකේෂියා ගස් අතරින් ආලෝකය පෙරී එන සෑම විටම උදෑසන වැස්සේ සුවඳ හමන නිස්කලංක වනාන්තරයක තිමා නම් වූ තරුණ ඉත්තෑවෙක් විසීය. තිමා ඉතා මෘදුය. සෙනෙහෙබරය. කුතුහලයෙන් පිරුණු අයෙකි.
එහෙත් ලෝකය ඇයව එලෙස දුටුවේ නැත. ඔවුන් දුටුවේ ඇගේ උල්, තද, නොරිස්සන කටුය. ඇය එන විට කුරුල්ලන් පියාසර කර යන අයුරු ඔවුන් දුටුවේය. ඇය ළං වන විට තරුණ මුව පැටවුන් තණබිමේ අනෙක් පසට දිව යන අයුරු ඔවුන් දුටුවේය.
ඇය ඔවුන්ට දොස් පැවරුවේ නැත. ඇය මීට පෙර අන් අයට ඇන ඇත. හිතාමතා නොවේ. කිසිදා නපුරු චේතනාවකින් නොවේ. මන්ද ඇගේ සිරුරේ සඟවාගත නොහැකි කටු තිබූ නිසාය.
සෑම රාත්‍රියකම තිමා, වඳුරන් තම එකිනෙකා පිරිසිදු කරගන්නා අයුරුත් සිවළුන් එකට බදාගෙන ලොම් ගොඩක් තුළ සිනාසෙමින් නිදා සිටින අයුරුත් බලා සිටියාය. ඇය කුණාටුවදී අලි ඇතුන් එකිනෙකාට බර දෙන අයුරුත් කුරුල්ලන් අතු මතට වී එකට තුරුළු වී පියාපත් එකිනෙක ස්පර්ශ කරගෙන නිහඬව සිටින අයුරුත් බලා සිටියාය.
තවද ඇයව කවුරු හෝ වැළඳ ගන්නේ නම් ඇය දැඩි ලෙස ආශා කළාය. එක් වරක් හෝ. තවත් හදවතක ගැස්මක් ඇගේ හදවතට එරෙහිව දැනීමට. රිදවීමකින් තොරව ළං වීමට. දිනක් ඇය ගං ඉවුරට ගොස් තම ප්‍රතිබිම්බය සමඟ කතා කළාය.
‘ඇයි මට වේදනාව දරාගෙන ඉන්න වෙන්නේ?’ඇගේ ප්‍රතිබිම්බය පිළිතුරු දුන්නේ නැත.
නමුත් සුළඟ පිළිතුරු දුන්නේය. එය ඇය අසල තිබූ බට ගස් සෙලවීය. ‘එය ආරක්ෂාව රැගෙන යනවා,’ සුළං මිමිණුවේ ය.
‘ඒත් මට ආරක්ෂා වෙන්න අවශ්‍ය නැහැ,’ ඇය ආපසු මිමිණුවාය. ‘මට ආදරය අවශ්‍යයි.’ ඇය උපකාර ඉල්ලා සිටීමට තීරණය කළාය. මුලින්ම ඇය ඥානවන්ත වූ බකමූණා හමුවීමට ගියාය.
‘මට බදාගන්න හැටි උගන්වන්න පුළුවන් ද?’ තිමා ඇසුවාය.
බකමූණා ඇස් පියා ගත්තේය. ‘ඒක ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. ඒක දැනෙන දෙයක්.’
‘නමුත් මට දැනෙන විට මම අන් අයට රිදවනවා.’
‘එහෙනම් සමහර විට ඔබ ස්පර්ශයකින් තොරව දැනෙන්නේ කෙසේදැයි ඉගෙන ගත යුතුයි.’
ඊළඟට ඇය සියවසක් ජීවත් වූ කැස්බෑවා සොයා ගත්තාය.
‘මට මගේ කටු ඉවත් කරන්න ක්‍රමයක් තියෙනවද?’ තිමා ඇසුවාය.
කැස්බෑවා සෙමින් හිස එසෙව්වේය. ‘වේගවත් වෙන්න ඔයාගේ කකුල් කපාගන්නවද?’
‘නැහැ.’
‘එහෙනම් අනුන්ගේ පහසුව වෙනුවෙන් ඔබේ ස්වභාවය හුවමාරු කරගන්න එපා. තවත් ක්‍රමයක් තියෙනවා.’
‘මොන ක්රමයද?’
‘කාලය,’ ඔහු සරලව කීවේය.
තිමා එම වචන සමඟ දින ගණනාවක් ගත කළාය. ඇය ලෝකය වැළඳ ගැනීමට උත්සාහ කිරීම නැවැත්තුවාය.
ඇය සරලවම එයට සවන් දීමට පටන් ගත්තාය. ඇය ලේනුන්ට දුර සිට ආචාර කළාය. ඇය සමනලුන් පසුපස හඹා නොගොස් බලා සිටියාය. ඇය සෑම උදෑසනකම ලොකු ගස් පඳුරු අසල පැණි රසැති මුල් තැබුවාය.
සෙමින් සෙමින් ලෝකය මෙය දුටුවේය. දිනක් දහවල් තරුණ හාවෙක් එතැනට ළං විය. ඔහු, ඈ දැක දුවගියේ නැත. ඇය අසල සිටගෙන, කන් පහතට හෙලාගෙන සිටියේය. පසුව පිටව ගියේය. පසුදා ඔහු ආපසු පැමිණියේය. පසුව ඔහු ඔහුගේ සහෝදරයාද රැගෙන ආවා.
පසුව තරුණ මී පැටියෙක් පැමිණ නිහඬව ඇය ඉදිරිපිට වාඩි විය. කාලයත් සමඟ තිමා මිතුරන් ඇති කරගත්තේ වැළඳගැනීම්වලින් නොව පැමිණීමෙනි. ඉන්පසු දිනක් අසාමාන්‍ය දෙයක් සිදු විය.
කුඩා ගස් පඳුරකට වඩා යන්තම් උසැති තරුණ අලි පැටියෙක් කඳ සෙලවෙමින් ඇය වෙත ළං විය. ‘මම ඔයාගේ කටුවලට බය නැහැ,’ ඔහු කීවේය. ‘ඒවා මගේ ඒවා වගේ. මට දළ තියෙනවා. ඒවා හැම අවුරුද්දකම තියුණු වෙනවා.’
ඇය ඔහුගේ ඇස් දෙස බැලුවාය, ඒවා නිර්දෝෂී භාවයෙන් පිරී තිබුණි. ඔහු තවත් පියවරක් ළං විය. ඔහුගේ හොඬය ඇගේ උරහිස මත මෘදුව තැබුවේය. වැළඳගැනීමක් නොවේ. නමුත් එය වැළඳගැනීමක් ලෙස දැනුණි. ඇය ගැස්සී ගියේ නැත සහ ඔහුගේ ලේ ගැලුවේ නැත.
එදා සිට ආදරයට සන්නාහය හරහා වුවද තම මග සොයාගත හැකි බව තිමා දැන සිටියාය. අන් අය ප්‍රවේශමෙන් ළංවන අයට පවා මෘදු ලෙස ළං වුවහොත් උණුසුම ලබා දිය හැකිය.
මධුවන්තී වික්‍රමආරච්චි – ශ්‍රී ලංකාව







