fbpx
13.1 C
New Zealand
Sunday, May 5, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

පුරා දශක හතක් හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුල දැරූ දෙවන එලිසබෙත් රැජින අභාවප්‍රාප්ත වූවාය. අනූහය හැවිරිදි වියේ පසු වූ ඇය ස්කොට්ලන්තයේ ඇයගේ ගිම්හාන නිල නිවහන වූ බැල්මෝරා හිදී සාමදානයෙන් දෙනෙත් පියා ගත්තාය. නවසීලන්තය සහ ලොව පුරා ජනතාව ඇයගේ  අභාවය පිළිබඳ ශෝක වන්නේය. ඇයගේ අභාවයෙන් පසු චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙස සිහසුනට පත්විය.

1952 වර්ෂයේ දී තම පියා වූ හය වන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු සිහසුනට පිවිසෙන ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉතිහාසයේ දිර්ඝතම  කාලයක් නායකත්වය දැරූ රැජින විය. එමෙන්ම ඉංග්‍රීසි යටත් විජිතකරණය නිසා අදටත් නවසීලන්තය ඇතුළු ඇතැම් රටවල් රැජිනගේ  පාලනය යටතේ පැවතුනාය.

මෙරට අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආර්ඩන් තම ශෝකය සහ උපහාරය නවසීලන්තය වැසියන් වෙනුවෙන් තුන්වන චාල්ස් රජු වෙත ප්‍රකාශ කර ඇත.

දෙවන එලිසබත් රැජින අවස්ථා දෙකක දී ශ්‍රී ලංකාවේ ද සංචාරය කර ඇත. එනම් 1953 දි සහ 1981 යන වර්ෂවල දී.

දෙවන එලිසබත් රැජින ලෝකවාසීන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍රවන්නේ සමාජ සුභසාධනය  වෙනුවෙන් තම කාලය වැය කළ නිසාය. ඇයගේ සුන්දර සිනාව අපේ  මතකයේ සැමදා රැඳෙනු ඇත.

රැජිණගේ අභාවය වෙනුවෙන් දසතින් උපහාර ගලා එන බ්‍රිතාන්‍යය නව යුගයකට ඉදිරියේ දී පිවිසෙනු ඇත.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.