‘ලෝරන්ස්ගේ මනමාලි’ වේදිකා නාට්‍යය පසුගිය දිනවලදී නවසීලන්තයේ ඕක්ලන්ඩ්, පාමස්ටන් නෝර්ත් සහ වෙලින්ටන් නගරවල දී ඉතා සාර්ථක ලෙස වේදිකාගත කෙරුණි. ප්‍රේක්ෂක හදවත් දිනා ගනිමින් ප්‍රහසනය හරහා අපේ ජීවිත කතාව වේදිකාව මත දිග හරින්නට ලෝරන්ස්ගේ මනමාලයට හැකි වු බවට හොඳම සාක්ෂිය වූයේ ලැබුණු උණුසුම් ප්‍රතිචාරයන්ය.
සතුට තුළ නරඹන්නන්ගේ හදවත සංවේදී කරමින් මාලි ජයවීර, දුලීකා මාරපන, නිරෝෂන් විජේසිංහ, සම්පත් ජයවීර සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළ සුජීව ප්‍රියාල් යන ප්‍රවීණ රංගවේදීන්ගේ රංගන කෞශල්‍යය ද ඉතා අගනේය.
ලෝරන්ස්ගේ මනමාලිය නවසීලන්තයට කැන්දාගෙන එන්නට මූලික වූයේ ‘ශ්‍රී ලංකන්ස්’ පුවත් සඟරාවට 2025 දී වසර පහක් සම්පූර්ණ වීමය. ඒ සඳහා ශ්‍රී ලංකන් හෙල්ප් ලයින් කණ්ඩායමත් සම්බන්ධ විය.