fbpx
16.1 C
New Zealand
Sunday, March 16, 2025

The Only Sri Lankan Community Newspaper in New Zealand

ට්‍රම්ප් නම් සාධකය… | ශ්‍රී ලන්කන්ස්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

‘තීරු බදු; දෙවියන්, ආදරය හා ආගම ළඟට ශබ්දකෝෂයේ ඇති ලස්සණම වචනයය.’-ඩොනල්ඩ් ට්‍රම්ප්-

නීති විරෝධී සංක්‍රමණියන් ආපසු යැවීමේ තීරණය මත එවැනි සංක්‍රමණිකයන් පටවා ගත් ඇමෙරිකන් ගුවන් යානා දෙකක් තම රටවල ගොඩබැස්වීමට කොලොම්බියා හා මෙක්සිකෝ නායකයෝ වරක් ඉඩ නොදුන්හ. ඇමෙරිකාවෙන් කළ 25% අතිරික්ත තීරු බද්දක් පැනවීමේ තර්ජනය නිසා පසුව එම විරෝධතාවය ඉවත් කරගෙන ගුවන් යානා වලට අවසර ලබාදුනි.

‘අනෙක් රටවල් අමෙරිකාවේ ආයෝජනය කර නිෂ්පාදනය කළ යුතුය. එසේ නොමැතිව ඇමෙරිකාවට අලෙවිකරන සෑම භාණ්ඩයකටම මෙම පෙබරවාරි මස සිට‌ 25% තීරු බද්දක් එකතු කෙරේ. කැනඩාව, මෙක්සිකෝව, කොලම්බියාව වැනි රටවල් කිපයකටම දැනටමත් මෙය දන්වා ඇත. චීනයට මෙය 60% දක්වා වැඩිවිය හැක. ඇමෙරිකාවේ යුද වියදම වැඩිවන පරිදි කෙරෙන මැද පෙරදිග ගාසා හා යුක්රේන රුසියා යුධ නතර වියයුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත්වන අතර, නේටෝ වලට අමෙරිකා-ප්‍රධානයන් අඩු කළ යුතුය. අනෙකුත් වැය බර ඒ ඒ රටවල් මත පැටවිය යුතුය. නීති විරෝධී සංක්‍රමණිකයන් ආපසු යා යුතු අතර, අමෙරිකාවේ ඉපදෙන ඔවුන්ගේ දරුවනට ‘උපතින් පුරවැසිකම’ හිමි නොවේ. මත්ද්‍රව්‍ය විකුණන නිති විරෝධී මෙක්සිකෝ සංක්‍රමණීයන් අපරාධකාර පිටස්තරයන්ය (Criminal Aliens.)ඔවුන් ඇතුලුව මෙක්සිකෝ සංක්‍රමණිකයන් මිලියන පහක් වහා ආපසු යායුතුය. මෙක්සිකෝ දේශසීමා තාප්පය යළි පටන්ගන්නා අතර, මත්ද්‍රව්‍ය ජාවාරම නතර නොවුවහොත් ආරක්ෂාව තහවුරු වනුවස් අමෙරිකානු හමුදා බලඇණී මගින් මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය අපරාධ නතරකරනු ඇත. ඇමෙරිකානුවන්ගේ අයබදු අඩුකරනු ඇත. ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨත්වය යළි ඇරඹී ඇත.’

මේ ට්‍රම්ප්-දර්ශනයේ සාරාංශයයි. ට්‍රම්ප්, ඔහු පෙන්වන තරම්ම ලෝක දේශපාලනයේ ප්‍රබල සාධකයක් වේද නැද්ද යන්න තවම නිශ්චිත නැත. ‘ඔහුගේ පොරොන්දු ඔහුටම අමතක වි ඇති අතර, ට්‍රම්ප් ලෝකය අවුල් කරන්නෙකු බව සත්‍යය,’ යි ඇතැමෙක් පවසති. ‘වෙනත් කෙනෙකු කියන තවත් දේකට හිත ගියොත් ට්‍රම්ප් මේ සියල්ල ඉවත දමා එය කරනු ඇතැ,’ යි තවත් අය පවසති. එහෙත් දැනටමත් මෙයින් ඇතැමක් ක්‍රියාත්මක වෙමින් පවතී.

මේවායේ ප්‍රතිවිපාකද ඇත. සංක්‍රමණිකයන් පිටමං කිරීමෙන් අමෙරිකානු කර්මාන්ත සදහා අවශ්‍ය ශ්‍රමය හිඟ වනු ඇත. පඩි හා වේතන ඉහළ යනු ඇත. නිෂ්පාදනයේ පිරිවැය වැඩිවනු ඇත. අනෙක් රටවල්ද අමෙරිකානු නිෂ්පාදන මත තිරුබදු පනවනු ඇත. මිල ගණන් හා උද්ධමනය ඉහළ යනු ඇත. රට- රටවල වෙළඳ පිරිවැය වැඩිවන අතර, විරැකියාව, ගෙවුම්ශේෂ ප්‍රශ්න, වෙළඳ අසමතුලිතතාවය වැනි ගැටළු මතුවනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලට තවත් බර පැටවෙනු ඇත. චීනයේ ප්‍රතිචාර සියලුම වෙළඳ පාර්ශව වලට දැනෙනු ඇත.

යම් ධනාත්මක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරගෙන එන නවසීලන්තය මුහුණ දෙන අලුත් ගැටළු ට්‍රම්ප් සාධකයය. නවසීලන්ත අපනයන් මත තීරුබදු එකතුවක් වෙතොත් එම නිෂ්පාදනවල මිල ඇමෙරිකන් වෙළදපලේ ඉහළ යනු ඇත. චීන-ප්‍රතිචාර මත නවසීලන්ත භාංඩ මිල චීනයේ අධික වනු ඇත. චීනය නවසිලන්තයේ පළමු වෙළද පාර්ශවය වන අතර අමෙරිකාව දෙවන වෙළද පාර්ශවයය. ඇමෙරිකාව චීන භාණ්ඩ මත වැඩියෙනුත් නවසීලන්ත භාණ්ඩ මත අඩුවෙනුත් තීරුබදු පැනවුවහොත් චීන-නවසීලන්ත දෙරට ප්‍රායෝගිකව අපහසු තත්ත්වයකට පත්වනු ඇත.ඇමෙරිකාව පැත්තෙන් ගතහොත් නවසීලන්තය ඔවුන්ගේ 90 වෙනි වෙළඳ පාර්ශවයය. මිත්‍රශීලී රටකි. නවසීලන්තය ඇමෙරිකාවට වඩා චීනය දෙසට සමීප වීම දේශපාලනිකව ට්‍රම්ප් ප්‍රිය නොකරයි.

ශ්‍රීලංකාව සිටින්නේ අමාරු තත්වයකය. ලෝක ආර්ථිකයේ අවිනිශ්චිත බව සංචාරක කර්මාන්තයේ අයහපතට හේතු වේ. ගුවන් ගමන් මිල වැඩි වෙනු ඇතැයි පුරෝකථනය වේ. ලංකා අපනයන ඇමෙරිකාවේ මිල අධික වනු ඇත. අනෙකුත් රටවල වාණිජ්‍යයට වන ගැටළුවල තෙරපීමට ලංකාව ගොදුරු වනු ඇත. ආනයනය කරන අමුද්‍රව්‍ය මිල අධීක වනු ඇත. අපනයන ලාභය හීන වී ගෙවුම් ශේෂ ගැටළු යළි වැඩිවුවහොත් ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය ගෙනයාම අසිරු වනු ඇත.

චීනය හා පවතින තරගය නිසා අමෙරිකාව ඉන්දියානු පැසිපික් කලාප බලය තම වාසියට ගන්නට උත්සාහ ගනු ඇත. ඒ අතින් ලංකාවට චීන ආයෝජන අභිබවා ඇමෙරිකානු හිතවාදී ආයෝජන කිරීම සදහා ප්‍රවනතාවයකටද ඉඩ ඇතිවනු ඇත. මේ අනුව භූදේශපාලනයේ ඉදිරියේදී වන වෙනස්වීම් වලට ශ්‍රී ලංකාව දැනට වඩා පෙර සූදානමකින් සිටිය යුතුය.

– ශ්‍රී ලන්කන්ස්-

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.