fbpx
9.5 C
New Zealand
Thursday, March 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

New year Makeup Trends | Iranga Edirisooriya | Sri Lanka

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

2022 වසරත් උදා වුණා. ඉතින් තමන්ගේ පෙනුම ගැන ලස්සන ගැන සැලකිලිමත් වෙන අපිට නැතිවම බැරි දෙයක් තමයි make up. 2022 වසරේත් ඉදිරියටත් ලෝකය ඉතාමත් ම ස්වභාවික පෙනුමකට තමයි මුල්තැන දෙන්නේ.

සරල කම සැහැල්ලු කම වගේම ඉක්මනින් කරගන්න පුලුවන් වීම මෙහි විශේෂත්වයක්. ඒ වගේම දුටුවන් සිත් ඇදලා ගන්න ඉතාමත් ලස්සන whimsical eye make up මේවර විලාසිතා makeup trends වල ඉදිරියෙන්ම දක්නට ලැබෙනවා. 

සමට වඩා ස්වභාවිකත්වයෙන් ගොඩක් ඈත heavy foundation makeup. තදින් ඇඳගත්තු වැඩිපුර pluck කරපු සිහින් ඇහිබැම, contouring, තදින් ඇඳගත්තු lip liner සහ තොල් ආලේපන, ගොඩක් වෙලාව හා උත්සාහයෙන් කළයුතු eyeshadow සහ eye makeup ක්‍රමයෙන් නූතන විලාසිතා ලෝකයෙන් බැහැර යනවා අපිට පෙනෙනවා .

මේ ස්වාභාවිකත්වයට මුල්තැන දෙන කොට තමන්ගේ සමේ පෙනුම සමේ නිරෝගී  භාවය ඇස් වල දීප්තිමත් භාවය ගැන අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි බලමු 2022 makeup trends මොනවාද කියලා.

Dewy skin 

liquid foundation වලට shimmer හරි highlighter හරි ඉතාමත්ම ස්වල්පයක්  මිශ්‍ර කරලා  කම්මුල් නලල නිකට ආශ්‍රිතව ගාන්න සමට ඉතාමත්ම ලස්සන නිමැවුමක් ලැබෙනවා .

Blusher

ස්වභාවික රෝස පැහැයට හුරු blush තවරා ගන්න. නැවුම් පෙනුමකට අත්‍යවශ්‍යයි .

Bushy natural eyebrows

Eye brow ජෙල් එකක් හෝ clear gel එකක් මස්කාරා බ්‍රෂ් එකකට හරි අයිබ්‍රෝ brush එකකට හරි අරගෙන ඇහිබැම උඩට පීරන්න .

කිසිසේත් ඇහිබැම සිහින් කරන්න කෘතිම ලෙස සකසා ගන්න අවශ්‍ය නැහැ . එහෙම නැත්නම් සබන් ස්වල්පයක් brush එකකට අරගෙන පීරා ගැනීම  මගින් වුණත් ඇහිබැම ලස්සනට පීරා ඒ විදිහටම තියාගන්න පුළුවන්.

Eyeshadow 

Eye shadow ගානවා නම් ඉතාමත්ම සවභාවික පාටක් සොකට් එකට පමණක් ගා ගන්න. ඉන්පසු glitter eyeshadow එකක් ගෙන මුළු ඇස් පිහාටුව මතම තවරා ගන්න. හරිම සරල ලස්සන whimsical magical look එකක්  දීප්තිමත් බවක් ඇස් වලට ලැබෙනවා .

Lots of mascara

මස්කාරා හොඳින් ඇස් පිහාටු වල ආලේප කරන්න දිගු ඝන ඇස් පිහාටු 2022 වර්ෂයේ ඉතාමත්ම ප්‍රබලයි .

Lips

ඔව් තොල් හරිම ස්වභාවික පෙනුමකට තමයි මුල්තැන දෙන්නේ nude හෝ clear gloss එකකින් හරි තොල් පාට කර ගත්ත නම් හරිම ලස්සනයි. Put some shimmer in the middle. Tiny bit.

ඒ වගේම මේ වගේ සරල මේකප් එකකට රත්රන් හෝ රිදී ආභරණ අපූරුවට ගැලපෙනවා. ගොඩක් බටහිර යුවතියන් දැන් රත්රන් ආලේපිත ආභරණ වලට නැඹුරුවක් තියෙනවා.

ඉතින් විලාසිතාත් ලෝකයත් සමග ඉදිරියට යනවා අපට හිතා ගන්න බැරි වෙන විදියට. ඒවා අපිට ගැලපෙන විදිහට ලස්සනට ගලපා ගැනීම අපිට බාරයි. මේ වසරේත් එය එසේම වේවි.

❤️ Iranga Edirisooriya ❤️ 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.