fbpx
12.1 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කතරට දිය බිදක්ව …..

Must read

කතරට දිය බිදක්ව …..

මෑන් බුකර් සම්මානය: ඉංග්‍රීසී භාෂාවෙන් රචිත නවකතා වෙනුවෙන් ලොවක් පිළිගත් උසස් ලෙස සැලකෙන සම්මානය මෑන් බුකර් ලෙස නම් දරයි. 1968 සිට අද දක්වා දහ අටක් අවුරුද්දක් උත්සවශ්‍රීයෙන් පැවත එන මෙම උත්සවය හුදෙක්ම ලෝක සාහිත්‍ය පිළිබද උත්සුක වෙන කෙනෙකුට මනා අස්වැසිල්ලකී.

සීමීත ග්‍රන්ථ ඇතුළත් දිගු නාමවලියකින් අනතුරුව විනිශ්චය මණ්‌ඩලය විසින් තමන් කැමතිම පොත තෝරා, නවකතා හයක් ඇතුළත් කෙටි නාමාවලියකින් සකස් කරන අතර එයින් එක සුවිශේෂී ග්‍රන්ථයක් බුකර් සම්මානය සදහා සුදුසුකම් ලබයි.

ශ්‍රී ලාංකික ඔහු ශෙහාන් කරුණාතිලක : කතරට වැටුණු දිය බිදකී.

මම මෙලෙස මේ අතිදක්ෂ කතුවරයා හදුන්වා දෙන්න කැමැත්තෙමී. එයට හේතුව ඔබ දැනටමත් දන්නවා ඇත.
ටොම් මැෂ්ලර් විසින් බුකර් ප්‍රකාශන ආයතනයට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව ආරම්හ වූ මේ සම්මාන උළෙලට ඔහු අතින් ලියවුණු ” Seven Moons of Maali Almeida ” පොත ඉදිරිපත්  කළ අතර, මෙවර බුකර් සම්මානය දිනන්නේ ඒ සොදුරු ලාංකිකයාය.
ඔව්, සැබවින්ම එය ශ්‍රී ලංකාවට හිමි සම්මානයක් වී හමාරය.
අපට මහා ඉහළින් ඔබ ගැන කතා කරන්නට ඉඩක් ඔබ අනාගතයට ඉතිරි කර දී හමාරය.
ඉතින්, ආදරණීය ශෙහාන් ඔබට අපේ සුබ පැතුම්. ඔබ කතරට වැටුනු මහා ජල පහරකී.

මේ ජයග්‍රහණයෙන් සතුටට පත් ලාංකික ඔබ අතීතාවර්ජනයකට සිත පොළඹවා ගත් බව මම දනුමී. එනම්,
1992 වසරේ බුකර් සම්මානය දිනපු මයිකල් ඔන්ඩච්චි, කැනේඩියානු ජාතිකයෙකු වුව ද ලංකාවේ ඉපිද ඇති බවට සාක්ෂි ඇත. ඔහුගේ The English Patient ග්‍රන්ථය සදහා ඔහු බුකර් සම්මානයෙන් පුදුම් ලැබුවෙිය. එය ද ලංකාවට සුවිශේශී කරුණකි.

ගවිත්‍රී ‍යටිගම්මන

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.