අපි ජීවත්වෙන්නෙ එකිනෙකා මරා ගන්නා, එකිනෙකා නුරුස්සන සමාජයක නේ. ඉතින් මේ සමාජය ඇතුලෙ හොඳ මිනිහෙක් විදියට ජීවත් වෙනවා කියන්නෙ ඒක තමයි අභියෝගය. ඒ අභියෝගය ජය ගැනීමම තමයි ජීවත් වෙනවා කියන්නෙ. මිනිස්සු නම් ඔය ඕන තරම් ජීවත් වෙන්නෙ රට ඇතුලෙ. ඒත් සැබෑ මිනිසුන් විදියට කීයෙන් කී දෙනාද ජීවත් වෙන්නෙ. මිනිස්සුන්ට බැරි කමකට නෙමෙයි, ඒ අපේ ජානගත ලක්‍ෂණ. මිනිස්සු කියන්නෙ ඉතිහාසය පුරාවට ඒ ඒ යුගයන් වලදි ඒ ඒ යුගයන්ට සාපේක්‍ෂව වෙනස් වෙලා හැඩගැහිලා හැදුන කොට්ඨාසයක්. ඉතින් ඒ අක්මුල් අද වෙනකොට දිය කරලා මිනිස්සු නිකම්ම නිකම් ඩමියක් විදියට හැඩ ගැහිලා තියෙනවා. ඒකේ වරද මිනිස්සු හරියාකාරව පවතින සමාජය එක්ක හැඩ නොගැසීම. පවතින සමාජයට සාපේක්‍ෂව තම ජීවිත සකස් කර නොගැනීම නිසා අපිළිවෙලට සකස් වුණ ජීවිත සැලැස්ම විසින් අපි අනවශ්‍ය තරගකාරීත්වයකට ඇද දමලා.
ඉතාම සරලව ගෙවුන අපේ ජීවිත අද වෙනකොට මේ දැඩි තරගකාරීත්වයත් එක්ක ගෙවන්න අපිට බලකරලා තියෙන්නෙ මේ සමාජ තත්ත්වයන් විසින්. මේ සමාජ තත්ත්වයන් විසින් අපිව මනුෂ්‍යත්වය කියන බැඳීම් වලින් ඈත් කරන තරමට අපිව ජීවිතයේ තරගකාරීත්වයට හසු කරලා. මනුෂ්‍යත්වය සහ පවුල් බැඳීම් එකිනෙක දැඩිව බැඳිල තිබුනත් අද වෙනකොට මේ පවුල් බැඳීම් පවා තරගකාරීත්වය විසින් ඉතා සාහසික ලෙස වෙන් කරලා තියෙනවා.
ඔබේ ජීවිතයෙත් තරගයක් තියෙනව නේද ? ඔව්, අනිවාර්යෙන්ම, ඇති.
ඒත් ඒ මොනව වෙනුවෙන් ද ? මුදල් එකතු කරන තරගය, නේද ? ඔව්, ඒක විය යුතුයි.
ඒක තමයි ජීවත්වෙන අපිට තියෙන ප්‍රධාන තරගය. අද දවසේ අපේ ප්‍රධාන තරගය වෙලා තියෙන්නෙ ඒක. අපි කැමති උනත් නැති උනත් අපිට මේ තරගය එක්ක දිනපතා සටන් වදින්න සිද්ද වෙලා තියෙනවා.
ඔබ කැමතිද ඒ තරගයට අමතරව තවත් තරගයක් පටන් ගන්න ?
අපි පටන්ගමු ද තවත් තරගයක් මුදල් එකතු කරන්න නෙමෙයි, හොඳම මිනිසා වීමේ තරගයක් ? මනුස්සකමේ තරගයක් ?
මුදල් ඉපයීමේ තරගය කරන්නෙ සමාජය එක්ක නේ. සමාජයට යමක් විකුණලා කරන තරගයක් නේ ඒ. ඒත් මේ අලුත් තරගය කරන්න තියෙන්නෙ තමාට තමන් එක්කමයි. ඔව්, ඔබට ඔබ එක්කම කරන්නත් තරගයක් තියෙනවා.
සරලව නම්, හොඳම තරුණයා හෝ තරුණිය වීමේ තරගය.
හොඳම පෙම්වතා, පෙම්වතිය වීමේ තරගය.
හොඳම යහළුවා වීමේ තරගය.
හොඳම සේවකයා වීමේ තරගය.
හොඳම ස්වාමිපුරුෂයා,
බිරිඳ වීමේ තරගය.
හොඳම අප්පච්චි, මව
වීමේ තරගය.
මේ තරගය අමාරුයි. ඒක
මුදල් එකතු කරන තරගය වගේ නෙමෙයි. මුදල් එකතු කරන එක නම් සමහර විට බොරුවෙන්
වංචාවෙන් හරි ඒක කරගන්න අය ඕන තරම් ඉන්නවා කියලා අපි දන්නවා. ඒත් තමා විසින් තමා
එක්ක කරන තරගය එහෙම බෑ. හොඳම කෙනා තමා වීමේ තරගය තමයි ලොව තියෙන අභියෝගාත්මකම තරගය.
මොකද තමාට තමාවම වංචා කිරීම කරන එක ඒ තරම්ම පහසු දෙයක් නෙමෙයි. ඒක එහෙම කළත් ඒකෙන්
වන පසුතැවීම අන් වරදවල් වලට වඩා සාහසිකයි.
මොනතරම් අමාරු වුණත්, අපි සටන් කළ යුතුයි මෙම තරගය ජයග්‍රහණය කරන්න. දවසින් දවස, දවසින්
අවස. උත්සාහ කළ යුතුයි.
හොඳම කෙනා, ඔව්,
හොඳම කෙනා වෙන්න..
පෙම්වතාට හොඳම
පෙම්වතිය වෙන්න බැරිනම්,
පෙම්වතියට හොඳම
පෙම්වතා වෙන්න බැරිනම්,
බිරිඳට හොඳම
ස්වාමිපුරුෂයා වෙන්න බැරිනම්,
දරුවන්ට හොඳම
අප්පච්චි වෙන්න බැරිනම්,
සමාජයට වැදගැම්මකට
ඇති මනුස්සයෙක් නොවෙයිද ඔබ ?
සමාජයට අමතර
සාමාජිකයෙක් නොවෙයිද ඔබ ?
ලෝකයට අවැදගත්
චරිතයක් නොවෙයිද ඔබ ?
උත්සාහ කරමු. පළමුවෙන්ම
රටට, සමාජයට, ලෝකයට නෙමෙයි, අඩුම තරමින් ගෙදරටවත් වටින චරිතයක් වෙන්න. හොඳම කෙනා වෙන්න අභියෝගය බාර ගන්න.
– ඉන්දික ප්‍රසාද් ගමගේ. කඩුවෙල-