USLA-Auckland Roles out the Red Carpet for All in Sri Lankan Communities.
පසු ගිය ජූලි දස වෙනි සෙනසුරාදා සවස ඕක්ලන්ඩ් ඇවොන්ඩේල් විදුහලේ එක්සත් ශ්‍රී ලාංකික සංගමය (USLA) වාර්ෂිකව පවත්වන හෙළමිහිර විවිධ-ප්‍රසංගයයි.

මින් හරියටම වසර විසිපහකට පෙර මුල්ම ඕක්ලන්ඩ්-හෙළමිහිර පහන දැල්වූ ජිත්මන් රාමචන්ද්‍ර මහතා සමග එදා ’හෙළමිහිර’ සජීවී නාමය සකසා, කථනය පැවැත්වූ ප්‍රියානන්ද විජේසුන්දර මහතාගේ නිවේදනය ඇසෙන තෙක්, ඒ කාර්‍යය අද කරන හා හෙට කරන්නට බාර ගන්නා අයගෙන් කොටසක් බලා සිටිති.
මේ අවස්ථාවට දරුදැරියෝ එකසිය පනහක් පමණ විවිධ නර්තනයන් ඉදිරිපත් කළහ. සිංහල හා දමිළ ශිල්පීහු රාශියක් සම්ප්‍රදායික නර්තන ගායන හා ප්‍රාසාංගික ඒකක ඉදිරිපත් කරමින් අවස්ථාව වර්ණවත් කළහ. සිඟිත්තන් කොටසකගේ කරාටේ පහරවල වූයේ අහිංසක බවකි. ලොකු වුණාම තමන් කරන්නට යනදේ ගැන ගුරුතුමියට උත්තර දෙන තවත් සිඟිත්තෝ රැසක් රැස්වූවන්ගේ ආදරය දිනාගත්හ.

මෙවැනි ජාතික කාර්‍යයන් සඳහා පිහිටුවා ඇති එක්සත් ශ්‍රී ලාංකික සංගමයේ ඉදිරි කටයුතු වලට සහභාගී වන ලෙස සභාපති වෛද්‍ය රසිකා සුභසිංහ මහත්මිය සියල්ලන්ටම ආරාධනා කළාය. (සම්පූර්ණ වාර්තාව ශ්‍රී ලංකන්ස් වෙබ් අඩවියේ හා පුවත් පතේ මතු කලාපයක පළවනු වනු ඇත.)
