කුඩා දරුවන් උදෑසන ලාහිරු රැස්මෙන් නැවුම් ය. පිවිතුරුය. ඔවුන් කැමැති පාට පාට සමනලුන් මෙන් රිසි සේ දුවපැන නටන්නමය. නිදහසේ ගස් කොළන් අස්සේ ඇවිදිමින් ජීවිතේ අතපත ගාන්න පුංචි උන් කැමතිය. අහසින් වතුර වැටෙන්නේ කොහොමදැයි විමසමින්ම වැස්සේ තෙමෙන්නෙත් අත්දැකීම් ලබා ගන්නටමය. අපි දරුවන්ට කෑ කොස්සන් නොගහ ඈත සිට බලාහිද පුංචි උන්ට නිසි මග පෙන්වමු.
මහ පොළොවේ රස්නේ දරාගන්න බැරි කාලවල දී පොළොව මතුපිට ගමන් බිමන් කරන කූඹි රංචු එක්ක කතා කරන දරුවෝ සත්තුන්ට ආදරය කරන්නට පුරුදු වේවි. හෙණ පුපුරද්දි කණ් වහගත්ත පොඩි එවුන් අකුණු ගහන හැටි දවසක ඉගෙනගෙන ග්‍රහලෝක අතර සැරිසරාවි.
ගෙවල්වල බිත්ති පුරා කුරුටුබලි අඳින පොඩි එවුන්ට “එපා” නොකියමු අපි. මොකද දවසක ලොවක් අගයන සිත්තරෙක් නිවසේ ඉන්නනට හැකි නිසා.
තව ලියන්නට හැකියි පොඩි උන් ගැන මහ ගොඩක්. පොඩි උන්ගේ හීන පාට කරන අත්වැල වෙමු වැඩිහිටි අපි සැවොම. හෙට දවස දරුවන්ගේ මය. දෙමව්පිය හීන දරුවන්ගෙන් නොදකින්න.