fbpx
13.2 C
New Zealand
Tuesday, April 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගුරු සේවයේ රස කතා – ශ්‍රී පාදය වෙන තැනක… | ප්‍රියන්ති ඕපාත | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මේ රසවත් සිදුවීම වන්නට යෙදුනේ කතරගම ගම් උදාව සමයේදීය. එවකට මා සේවයකළේ  හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් දුෂ්කර පාසලකය. මේ සිදුවීමට දින කීපයකට පෙර අප පාසලේ සියල්ලන් ම කතරගම  ගම් උදාව බලන්නට ගියේ එය සිසුනට ඉතා වැදගත් අවස්ථාවක් වන නිසාවෙනි. විශේෂයෙන්ම පහසුකම් අඩු මෙවැනි පෙදෙසක දරුවනට එය බොහෝ විරල අත්දැකීමකි. සුපුරුදු ලෙසින් කාලය ගෙවී පාසැල් වාර විභාගයද අවසන් විය.

අපි ගුරු විවේකයේ දී සිසුන්ගේ පිළිතුරු පත්‍රවල සදහන්වූ රසමුසු තැන් කීපයක් අවුලා ගනිමින් සිටියෙමු. එයින් වඩාත්ම කැපී පෙනුණු ප්‍රශ්නය නම් “ශ්‍රී පාදය පිහිටා ඇත්තේ කොහේද යන්නය.” එක් සිසුවෙක් “ශ්‍රි පාදය පිහිටා ඇත්තේ කතරගමය” යනුවෙන් පිළිතුරු සපයා තිබුණි. ගුරුවරුන්ටද සිනාව නතර කර ගැනීමට නොහැකි විය. සිසුවාගේ පිළිතුර නිවැරදිය. පසුව දැනගත් පරිදි ඔහු මින්පෙර ශ්‍රි පාදයට ගොස් නැත. ඔහු අපත් සමග කතරගමදී ශ්‍රි පාදයේ ආකෘතිය වන්දනා කළ අත්දැකීම ඔහුට එවේලේ සිහිවන්නට ඇත.

By Priyanthi Opatha – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.