fbpx
12.3 C
New Zealand
Saturday, July 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ඔබ මගෙන් ගිලිහීම නියතය! | අචලා නෙලුනිකා | ඕක්ලන්ඩ්

Must read

මල් පරවෙන, තුරුපත් වියැළෙන
සීතලත්, උණුසුමත් අතර අතරමන්ව
ඍතුව නොතකාම රැඳෙන තුරු පතකි ඔබ
ගිලිහෙන්නට සිතන්නවත් බැරිව ලොබ බඳින…

දලු ලා හිනැහෙන ළඟ එන වසන්තයට
පෙරමන් තනන්නට කිසිවක් නොවූ විලසට
තවත් ටික දවසක් දැවටෙන්න යැයි ඉල්ලන්නේ කොහොම
දැනටමත් ඔබ පමා වූ බව දැන දැනම…

ලිහෙන පටලැවෙන, පටලැවී නැවත ලිහෙන
කවියක් අමුන්න පද නැතිව ලතැවෙන
තද කුණාටු හමන අඳුරු සීතල සමයක
ස්තූතියි,
අමතකම නොවන සෘතුව රනින් ලිව්වාට !

By Achala Nelunika – Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.