fbpx
14.7 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කිවි නත්තල | අචලා නෙළුණිකා | ඕක්ලන්ඩ්

Must read

උද්‍යාන සහ මංපෙත්වල රතුපාටින් හිනැහී බබලන පොහොටුකාවා මල්, නත්තල ළඟ ළඟම එන බව කාටත් පෙරම අපිට සිහිකැඳවයි.  දෙසැම්බර් 25  දින ලොව පුරා සමරන කිතු උපත කිවිදේශය සමරන්නේ ඔවුන්ටම ආවේනික ආකාරයකටය. 

යුරෝපයට හිම වැටෙන නත්තලේ කිවිදේශය ගිම්හාන  හිරු රශ්මියෙන් උණුසුම් වේ.  නවසීලාංකිකයෝ  දෙසැම්බර් මස ආරම්භයත් සමගම තම නිවෙස් තුළ නත්තල් ගස් සැරසීම ආරම්භ කරති.  බොහෝ ජනාකීර්ණ ප්‍රදේශවල මග දෙපස ස්වභාවික නත්තල් ගස්  අලෙවිය සිදු කිරීම දෙසැම්බර් මුල් සති කිහිපය තුළ බහුලව දකින්නට ලැබෙයි. තමන්ගේ රුචිකත්වය සහ ක්‍රය ශක්තිය අනුව,  ආගම් භේදයකින් තොරව ගත් ප්ලාස්ටික් හෝ ස්වභාවික නත්තල් ගසක් සෑම ගෙදරකම පාහේ අපිට දකින්නට ලැබෙයි.  

අනෙකුත් රටවල්වල ද සම්ප්‍රදායන් ලෙස සිදුකරන කැරොල් ගායනා, නත්තල් සාද, තෑගි හුවමාරුවට අමතරව දෙසැම්බර් මාසය පුරාවට විවිධ ප්‍රදේශවල අනුග්‍රාහකයන් සහ ප්‍රදේශවාසීන් එකතුව Santa Parades නවසීලන්තයේ වීදි පුරා දක්නට ලැබෙයි. 

තවද කුඩා දරුවෝ  නත්තල් සීයාගේ පැමිණීම අපේක්ෂාවෙන් තම දොරකඩවල් සරසමින් , pineapple chunks, පිනි මුවන්ට ආහාරයට ගැනීමට කැරට්, Christmas Cookies, නත්තල් සීයාට ලියු ලිපිය ද සමඟින් දොරකඩින් තබා නින්දට යති. 

ඕනෑම උත්සවයක වැදගත්  ස්ථානයක් හිමිකර ගන්නා ආහාරපාන අතරට කිවි නත්තල් මේසය බොහෝවිට  රස ගැන්වෙන්නේ Roast Lamb, Turkey, Ham වැනි ආහාරපාන වලිනුයි. මේ අතුරින් ද නත්තල් අතුරු පස ලෙස Pavlova විශේෂ තැනක් හිමිකර ගනී. මේ විශේෂ අතුරුපස ඔවුහු කැමති පළතුරුවලින් වර්ණවත්ව සරසා ගනිති. 

උණුසුම් සෘතුවක නත්තල සමරන  බැවින් නවසීලාංකිකයින්ගෙන් ඇතමෙකු  මුහුදු වෙරළවල,  උද්‍යානවල, කූඩාරම් තනා ගනිමින් BBQ, Picnic සූදානම් කරමින් නත්තල් ආහාරය වෙනස්ම ආකාරයකට භුක්ති විඳිනවා ද දක්නට ලැබෙයි.

ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල  සාමය හා කරුණාව පතුරවමින් එහි සැබෑ අර්ථයට  අප හැමෝටම වටිනාකමක් එක් කළ හැකියි.

Mere Kirihimete/ Merry Christmas!

By Achala Nelunika | Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.