‘අයියා ඔහොම කියද්දි බඳින්නත් බය හිතෙනවා.’
‘නෑ නෑ මල්ලි කසාදයක් බඳිනවා කියන්නේ ජීවිතේ එක පරිච්ඡේදයක්. අපි ඒ කොටසත් අනිවාර්යයෙන්ම කරන්න ඕන. අපි මේ යන්නේ ගමනක්. ඉපදුන දවසෙ ඉඳන් වෙනස් වෙනස් දේවල් වෙනස් වෙනස් තැන්වල කර කර අපි යන්නේ ගමනක්. අන්න ඒ ගමනේ එක සංධිස්ථානයක් තමයි විවාහය කියන්නේ. මෙහෙම හිතන්නකො, මේ ජීවිතය කියන්නෙ හරියට වීඩියෝ ගේම් එකක් වගේ දෙයක්. විවාහය කියන්නේ ඒකෙ එක mission එකක්. අපි ඒ mission එක skip කරොත් අපිට කවදාවත් ගේම් එක successfully finish කරන්න බැරි වෙනවා.’
‘හැබැයි ඉතිං විවාහය කියන mission එක accomplish කරන අය වගේම fail වෙන අයත් හරි හරියට ඉන්නවා නේද?’
‘ඉන්න ඕනනෙ මල්ලි, නැත්නම් හැමෝම winnersලා වෙනවනේ. හැමෝම දින්නොත්, දිනුමත් බල්ලට යනවා මල්ලි. එතකොට දිනපු කෙනාගෙ වටිනාකම අඩු වෙනවා. හැබැයි පරදින අයත් හිටියොත් දිනපු අයගෙ වටිනාකම වැඩි වෙනවා. එතකොට මිනිස්සු දිනන්න උත්සාහ කරනවා. මේ ලෝකෙ හැම දෙයක්ම රඳා පවතින්නේ ඔය තරඟාකාරිත්වය උඩ තමයි මල්ලි.’
‘අයියා ඇයි ඉතිං කටාර් දාලා මෙහෙ ආවෙ?’
‘ඒකත් තරඟකාරිත්වයේම ප්‍රතිඵලයක් තමයි මල්ලි. එහෙ වැඩ කරපු ගොඩක් උන් New Zealand එන්න ගත්තා. මටත් ඉතිං ඒවා දැකලා පුදුම අමාරුවක් තිබ්බේ මෙහෙට එන්න. ඉතිං ආවා. New Zealand හොඳයි ඇත්තටම. ඒත් තවම වයිෆ්ව ගෙන්න ගන්න බැරි වුණ එක තමයි ප්‍රශ්නේ මල්ලි.’
‘අයියට ඉක්මනටම ඉමිග්‍රේෂන් එකෙන් අප්ඩේට් එකක් එයි අයියේ. බය වෙන්න එපා.’
තමන්ගේ ජීවිතය දෛවයට බාර නොදී නිවැරදි තීරණ සහ ඉලක්ක ඔස්සේ නිරවද්‍ය දිශානතියකට තම තමන්ගේ ජීවිත යොමු කර ගත යුතු බව නෙතුක තේරුම් ගත්තේ තමන් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලයේම ඉහළ වසරක ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු සමඟ මුල් වරට කතාබහ කළ දිනයේදී ය.
‘මට වෙලාවකට හිතෙනවා බං මේ ඔක්කොම දමලා ගහලා යන්න. අපි ආදරය කරන අය අපි ළඟ නැතුව ජීවත් වෙලා වැඩක් තියෙනවද බං. අනික මේ student life එක හරි අමාරුයි බං. මේක සල්ලි ගෙවලා දුක් විඳිනවා වගේ වැඩක්.’
‘මචං, කවදාවත් එහෙම හිතන්න එපා. කවදාවත් ඉස්සරහට තියපු කකුල පස්සට තියන්න එපා. එහෙම වුණෝත් උඹ ෆේල්. මම හොඳට දන්නවා, international student life එක කියන්නේ ගේම් එකක් කියලා. මොකද මමත් මේ ගේම් එකේ Player කෙනෙක්. උඹ එකක් හොඳට මතක තියා ගන්න ඕන. මේ ගේම් එක play කරන්නේ උඹ වුණාට, උඹ දැනගෙන ඉන්න ඕන උඹ win කරොත් win කරන්නේ උඹ විතරක් නෙමේ වගේම උඹ fail වුණෝත් fail වෙන්නෙ උඹ විතරක් නෙමේ කියන එක. උඹ වටේ උඹට ආදරය කරන අයත් ඒ ප්‍රතිඵල බුක්ති විඳිනවා. මම මෙහෙ ඇවිල්ලා මාස දෙකෙන් අපේ තාත්තා නැති වුණා. කිසිම ලෙඩක් තිබුණේ නෑ තාත්තට. ඉතිං එහෙම ගහක් ගලක් වගේ හිටිය තාත්තා නැති වුණාම මට කොච්චර ඒ දුක දැනෙන්න ඇද්ද කියලා උඹට හිතා ගන්න පුළුවන්නේ. ඒත් මගේ තාත්තගේ මළගමට මට ලංකාවට යන්න බැරි වුණා කියලත් උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මම ඒ වෙලාවේ ලංකාවට ගියා නම් මම තවත් ප්‍රශ්න ගාලක පැටලෙනවා. ඒ වගේම මං ගැන විශ්වාසය තියලා, තියෙන සේසතම වියදම් කරලා මාව රට එව්ව තාත්තටයි අම්මටයි කරන අගෞරවයක් වෙනවා. තාත්තත් නැති එකේ අම්මගෙයි මල්ලිගෙයි වගකීම මගෙ කරපිටින් දරාගෙන ඉන්න නම් මම මේ ගේම ගහන්නම ඕන. එහෙම හිතලා මම තාත්තට හිතින් අවසන් ගෞරවය දක්වලා මෙහෙ වැඩ ටික පිළිවෙලකට කරන් ගියා. මම අද සතුටු වෙනවා ඒ තීරණය ගැන. අන්න ඒක හින්දා මමත් උඹට කියන්නේ, හැඟීම් යටපත් කරලා බුද්ධියෙන් තීන්දු තීරණ ගන්න ඕන කාලෙකයි උඹ ඔය ඉන්නේ. පොඩ්ඩක් හිතපන්, උඹ දැනටමත් මේ රටේ එක ඍතුවක් ගෙවලා ඉවරයි. උඹ ශීත ඍතුව ගෙවලා ඉවරයි. ඊළඟට එන වසන්ත, ගිම්හාන කාල උඹට මීට වඩා සැපෙන් සනීපෙන් ඉන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ජීවිතෙත්. උඹ දැන් ඉන්නේ උඹේ ජීවිතේ සීත කාලේ. ඕක ටිකක් දරාගෙන අල්ලගෙන හිටියම උඹේ ජීවිතේටත් අනිවාර්යෙන්ම වසන්ත කාලය උදා වෙනවා. කවදාවත් බලාපොරොත්තු අත්හැරගන්න එපා මචං. බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ. ඕනම දෙයක් මුලින් පටන් ගද්දි අමාරුයි. හැබැයි ටික දවසක් යද්දි අමාරුකම් ටිකින් ටික අඩු වෙලා හැමදේම හොඳ වෙනවා. උඹේ ගමන උඹ පලයන්. කවුරුවත් කියන දේවත් කාටවත් ඕන දේවත් නෙමේ උඹේ හිතට හරියි කියලා හිතෙන දේවල් කරපන්. එහෙම කරද්දි උඹේ ජීවිතේට හතුරො එන්නත් පුළුවන්. අන්න එහෙම හතුරො ආවොත් අන්න එදාට දැනගනිං උඹ යන්නේ හරි පාරේ කියලා. නිවැරදි පාරේ කියලා. බල්ලො උඹට බුරයි. හැබැයි වින්සන්ට් චර්චිල් කිව්වා වගේ උඹ ඒ බුරන බල්ලන්ට ගල් ගහන්න නැවතෙන් නැතුව දිගටම යමන්. ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා හැමතිස්සෙම මතක් කර ගනින්. උඹ මේ ගේම ගහන්නම ඕන මචං. උඹට පුළුවන්. ඔව් උඹට පුළුවන්.’
දැන් නම් නෙතුක රැකියාව කරන අවන්හලට වැඩි දුරක් නෑ. ඇවිද්ද පය දහස් වටී සිතූ නෙතුක ටිකක් පය ඉක්මන් කෙරුවෙ වැඩ මුරයේ ආරම්භක වේලාව පසු වේදෝයි බියෙන්.
*** නිමි ***
By Malith Chathuranga Samarasingha – Auckland