fbpx
10.2 C
New Zealand
Monday, May 6, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ජිත්මන් ලෝදාස් රාමචන්ද්‍ර.

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

වසර 2023 නිකිණි මස11 වැනි දින අපගෙන් සමුගත්, ජිත්මන් ලෝදාස් රාමචන්ද්‍රයන් වෙනුවෙන් ලියවුනු මතක සටහනකි.

වරෙක විදුනැණ බෙදන ඇදුරෙකි.

වරලත් ගණකාධිවරයෙකි.

වරෙක මූර්ති, කැටයම්, කලා, රංගන ශිල්පියෙකි.

වඩු කාර්මිකයෙකි.

චිත්‍ර ශිල්පියෙකි. තාල තරංග වාදකයෙකි.

කෘෂි උපදේශකවරයෙකි.

සමාජ සේවකයෙකි. ඉන්ද්‍රජාලකයෙකි .ධර්මධරයෙකි.

උපතින්, පොතපතින්, ජීවිත තක්සලාවෙන් ලද නිපුණතා

කියා නිම කළ නොහැකි සේය.

ඒ සියලු කුසලතා දරා සිටි ඔබගේ සිරුර නිසලය.

හද ගැස්ම නිහඩය.

සෙනෙහෙබර සැමියෙකු.පියෙකු.මුත්තණුවෙකු.කළණමිතුරෙකු..සැගව ගියාසේය.

සිහිවෙයි අදුරු රත් පැහැයක් අහසෙහි තවරා බැසයන විසල් අප්‍රිකානු හිරුමඩල.

ජීවිතයේ අනියත බව දනිතත්

දෙනෙත තෙත්වනු දැනෙයි.  

සසර ගමන් මග එක් නැවතුම්පළකදී.හිතවතුන්සේ අප සැම හමුවූයේ.ලෝකය අදුරු මහද්වීපය යයි හැදින්වූ තැනකදීය.

එනමුදු එතැන අපට කිසිදු අදුරක් නොවීය.

ඒ වසර තුන් සාලිසයකට ඉහතදී.

සැම්බියානු දේශයේදී.

ඔබද මුල්වී ඇරඹුණ මාසික පිරිත් පිංකමේදී මුලින්ම හමුවී.

මම රාමචන්ද්‍ර යයි සිනාමුසුව තමා අදුන්වාදුන් අයුරු.

අද මෙන් මතකයේ ඇත.

විද්‍යාවේත් කලාවේත් අපූරු සංකලනයක්වූ ඔබගේ හපන්කම්වලින් එහි ආගමික උත්සව , නාට්‍ය අර්ථවත් විය.

උපන්දින සතුටුසාද.කාඩ් පාටි පුරා රැව්පිළිරැව් දුන්.

අපගේ සොම්නස් සිනාරැළි සිහිපත් කරන්නේ.

පිණිබිදු දේදුණු මවමින් ජලකද කඩා හැලෙන විස්මිත.

Musi O Tunya වයි.

මාපිය නෑසියන්ගෙන් වෙන්ව.

පතිනියන්සේ දුරු රටකට විත්.

සොහොයුරියන් මෙන්.

එකිනෙකාහට සහායවෙමින්.

අත්දැකීම් බෙදාගනිමින්.

ගේදොර වැඩ.ඉවුම් පිහුම්.

දරුවන් හදාවඩාගැනීම් උගත් අපේ අතීතය..විටෙක රසබරය..

විටෙක වෙහෙසකරය.

සිය පවුල සමගින් අප නිවසට ආ

සමහර දිනෙක.

පරිසරය විමසා බලා.

නිවස තුළ ඇති ජලකරාමයකට ගොස්.බදුනකට ජලය පුරවා ගෙනැවිත්.

මා අලංකාරයට තබා තිබූ එහෙත්

දිය නොලබා කෙඩේරිව ගිය මල්පැල සොයාබලා.

ඒවායේ ජල පහස නිවා සුවපත් කල අයුරු සිහිපත්කරන්නේ.ඔබ සමග සෙවනැල්ලක් සේ ආ ඔබගේ

කරුණා ගුණයයි.

ජීවිතයේ සැදෑසමයේදී

මිහිතලයේ දකුණු අන්තයේ කොදෙව්වකදී යළිදු අපි හමුවුනෙමු..

එදා මෙන්ම මෙදාත් ඔබගේ නිපුණතා සමාජයට පහන් ටැඹක් වූ අයුරු සියැසින් දකීමෙන්

අපගේ හදවත් පහන් විය.

ඒ කටයුතු නවසීලන්ත හෙළ හමුව

ඔපවත් කළේය.

ලාංකේය සංස්කෘතික සංදර්ශණය වූ හෙළ මිහිර.

ඔබ එසවූ ජය ධජයකි.

 නවසීලන්තයේ වෙසෙන

ලාංකේය දූ දරුවනට.

අකුරක්.ගීතයක්.කවිසංකල්පනාවක්.නාට්‍යයක් තුළින්.

අපේකම කියාදෙන්නට අප වෙහෙසෙද්දී.

ඔබ. රංගනයෙන්.තාල තරංග වාදනයෙන්.

ජනකතාවකට නූර්ති ගීතයකට

රටා මවාදුන් අපූරුව.

හරබර දේශණයකින් භාෂාදින උත්සව. ප්‍රාණවත් කළ අපූරුව.

අගැයීම අසීරුය.

මෙත් කරුණා මුදිතා ගුණ නිදන් කරමින්.

ඔබ අතින් නිමවුණ.

සිය ගනනක් බුද්ධ ප්‍රතිමාවහන්සේලාගේ.

සමාධිගුණය.

අවසන් හුස්ම පොද වාතලයට

එක්වූ මොහොතෙහිදී.

ඔබට සිහිවූ බව.

ඔබට රැකවරණයක් වූ බව දනිමි.

මතු අත් බවයකදී යළි හමුවේවායි

පැතුවද.දනිමි ඔබගේ සසර ගමන එතරම්

දිගුවිය නොහැකි බව.

ජීවිතය පුරා මාහට රුචිවූ

පෑන්.කොළ.සමග කළ

වචන හරඹය.

නිමාකර සිටියද.

ඔබ වෙනුවෙන් සටහනක් නොතබා සිටීම අසීරුය මාහට.

රාමා සොයුර.

ඔබ අවබෝධ කරගත්

කුසල ධර්මයන් පහුරක් කොටගෙන.

මෙම බියකරු සසර සයුරින් එතෙරව.

නිබ්බාන පරම සුවයෙන්.

සුවපත්වේවායි පතන්නෙමි.

අජන්තා දයාරත්න, ඕක්ලන්ඩ්
By Ajantha Dayarathna, Auckland

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.