fbpx
11.3 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

නවසීලන්තයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය : Sri Lankan Business Association in New Zealand (SLBANZ)

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ශ්‍රී ලංකා නවසීලන්ත ව්‍යාපාරික සංගමය, නවසීලන්තයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් වෙනුවෙන්  2024, සැප්තැම්බර් මස ඕක්ලන්ඩ්හිදී ආරම්භ කරන ලදී. මෙය නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු යම් ව්‍යාපාරයක් ආරම්භ කරන අවස්ථාවේ පටන් ඔහුට සහාය ලබා දීමට විවිධ සංවිධාන සහ ආයතන රාශියක් සමග කටයුතු කරමින් සිටි. ඕක්ලන්ඩ් ව්‍යාපාරික මණ්ඩලය (Auckland  Business Chamber) සමග මෙම සංගමය  ඉතා කිට්ටු සබඳතාවයක් පවත්වාගෙන යයි. 

නවසීලන්තයේ කවර ප්‍රදේශයක වුව යම් සාමාජිකයෙකු මෙසේ  ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී,

  • ව්‍යාපාර සැලසුම් කිරීම,
  • අරමුදල් සම්පාදනය,
  • අවශ්‍ය මග පෙන්වීම,
  • ව්‍යාපාරය  ප්‍රවර්ධනය, ආදියට ව්‍යාපාරයක් සම්බන්ධව අවශ්‍ය උපදේශන ලබාග දීමට සූදානම්ව සිටී.

මේ ගැන  වඩාත් වැඩිපුර කරුණු පැහැදිලි කර ගැනීමට, ශ්‍රී ලංකන්ස් පුවත් පතේ නියෝජිතයෙක්  නවසීලන්ත ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ සභාපති ඉරේෂ් තෙන්නකෝන් මුණගැසුණේය. මේ ඒ සාකච්ඡාවේ සාරාංශයයි. 

SLBANZ සංගමය ආරම්භ කර දැන් කොපමණ කාලයක්ද?

2024 වසරේ සැප්තැම්බර් මාසයේ ඉතා සුළු ව්‍යාපාරිකයින් පිරිසකින් ආරම්භ කළ අපගේ මෙම ව්‍යාපාර සංගමය එම වර්ෂය තුළදීම සිය ගණනින් සාමාජිකත්වය වැඩි කර ගැනීමට සමත් වුණා. 2025 වසරේ සිට ඉදිරි වසර දෙක සඳහා ඉතා ප්‍රබල ක්‍රියාකාරී කමිටුවක් පත්වු අතර එය ප්‍රවීණ උපදේශකවරුන්ට අමතරව නිලධාරී මඩුල්ල ව්‍යාපාරික සමාගම් 28 නියෝජිතයින්ගෙන් සමන්විත වෙනවා. 

2026 /2027 සඳහා නිලවරණය පසුගියදා Auckland Business Chamber ශ්‍රවනාගාරයේදී පැවැත් වුණා. ඒ ගැන යමක් කියන්න පුළුවන්ද?

එම රැස්වීමට ක්‍රියාකාරී සාමාජිකයින් සිය ගණනක් සහභාගි වුණා. පසුගිය වසරේ සීමිත ව්‍යාපාරික ප්‍රජාවක් අද වන විට දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වන ලක්ෂණ අපට දැක බලා ගන්නට හැකි වුණා. සියලුම නිලවරණ ඒකඡන්දයෙන් සම්මත වුණා. ඉදිරි වැඩ සටහන් ගැන අර්ථවත් කතා බහක් ඇතිවීම ද වැදගත්. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ දෙවන කමිටු රැස්වීමේදි අඩ හෝරාවක් ඇතුළත ඩොලර් 60000.00 ක අරමුදලකට දායක වෙන්න කමිටු සාමාජිකයින් ධෛර්යයවන්ත වුණා. ඒක අපිට ලොකු දිරියක්.

මෙම ඉදිරි වසර දෙක තුළ ඔබ සංගමය බලාපොරෙත්තු වන ඉලක්ක මොනවාද?

අපි අට වැදෑරුම් යොජනාවක් පසුගිය වාර්ෂික රැස්වීමේදී ඒකමතිකව සම්මත කර ගත්තා. එම විවිධ විෂයන් අනු කමිටු හරහා දැනටමත් ක්‍රියාත්මක කරන්න යුහුසුළු වෙනවා. ඊට අමතරව මුදල් ගෙවීමක් නැති මිතුරු සාමාජිකත්වයක් (Associate Member) හඳුන්වාදෙනවා. දැනටමත් 350 කට ආසන්න ව්‍යාපාරික පිරිසත් සම්බන්ධ කර ගැනීමට කටයුතු ආරම්භ කරමින් ඉන්නවා.

මොකක්ද ස්ථිර සාමාජිකත්වය හා මිතුරු සාමාජිකත්වය අතර වෙනස?

ස්ථිර සාමජිකත්වය හිමි වෙන්නෙ ව්‍යාපාර ලියාපදිංචිය ඇති නවසීලන්ත ව්‍යාපාර හිමිකරුවන්ට පමණයි. එයට සාමාජික මුදලක් අය කරනවා. ඔවුන්ට ඡන්ද බලය හිමි වෙනවා. මිතුරු සාමාජිකත්වය ව්‍යාපාරය ලියාපදිංචිය ඇතත් නැතත් සාමාජික මුදල් නොගෙවා ලබා ගත හැකිය. නමුත් ඡන්ද බලය හිමි නොවන සාමාජිකත්වයක්. විශේෂ නිපුණතා ඇති වෘත්තිකයකුට ද එම සාමාජිකත්වයට ඉල්ලුම් කළ හැකියි.

 

මිතුරු සාමාජිකත්වයකට ඇති ප්‍රයෝජනය කුමක්ද?

මිතුරු සමාජිකයෙකුට අප සංවිධානයේ කටයුතු ගැන අවබෝධයක් ලබා ගැනීමෙන් පසුව ස්ථිර සාමාජිකත්වය ලබා ගත හැකියි. නවසීලන්ත ලාංකික ව්‍යාපාරිකයින් හඳුනා ගැනීම හා තම ව්‍යාපාර සේවා හෝ භාණ්ඩ සහෝදර සමාජිකයින් අතර හුවමාරු කර ගැනීම තුළින් වාසියක් ලබා ගැනීමට, වරින් වර කාලීනව ලබාදෙන දැනුවත් සැසිවලට සහභාගි වීමට අවස්ථා සැලසීමට ඔහුට ඉඩකඩ ලැබෙනවා.

ඉදිරි දෙවසරකදී ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන යෝජනා මොනවාද?

එම යෝජනාවල ප්‍රධාන කරුණු අතර ව්‍යාපාර, සංචාරක කර්මාන්ත, ක්‍රීඩා හා  අධ්‍යාපනය ඇතුළත් වෙනවා.  මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය දෙපාර්ශවයටම වාසිදායක වන පරිදි ක්‍රියාත්මක කිරීම ගැන සලකා බලනවා. ඒවාට නවසීලන්ත සහ ශ්‍රී ලංකා රජයන්ගේ අනුග්‍රහය සහ සහයෝගය ලබා ගැණීමටද අපේක්ෂා කරනවා.

නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසන්න ගමගේ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් මහතාගේ මැදිහත් වීමත් මඟ පෙන්වීමත් දෙරටෙහි  අමාත්‍යාංශ සහ ආයතන රැසක සහභාගීත්වයත් බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම  පවතින ව්‍යාපාරයක  සාමාජිකයෙකුට අපහසුතා වලදී සහාය ලබා ගැණීම, රැකියා පිළිවෙත් ගොඩනඟා ගැනීම සහ වඩාත් ඵලදායී හා ලාභදායී වීමට උපකාරී වන අත්‍යවශ්‍ය සේවා ලබාගැණීමට සහාය ද  ලබා ගත හැකි බවද සභාපති ඉරේෂ්  තෙන්නකෝන් පැවසීය .

-ශ්‍රී ලංකන්ස්-

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.