fbpx
13.5 C
New Zealand
Friday, April 26, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා, ශ්‍රී ලාංකිකයින් තුළ ස්වයං-පරිවර්තනයක් අවශ්‍යයි – ආචාර්‍යය රෝහණ උල්ලුවිස් හේවා සහ ශ්‍රීLankaNZ පුවත්පත ගෙන එන සංවාදයක්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සෑම රටකම සහ  සෑම ජන සමාජයකම ඊට ආවේණික වූ ආකල්ප, විශ්වාස, පුරුදු, වටිනාකම් පිළිබඳ අදහස් හා ඒවායින් පෝෂණය වූ චින්තන රටාවක් පවතිනවා. එය රටේ හෝ ජන සමාජයේ සංස්කෘතියේ කොටසක් වශයෙන් දකින්න පුලුවන්. මෙම ආකල්ප, විශ්වාස, පුරුදු, සාරධර්ම සහ චින්තන රටා අතර සමහරක් ධනාත්මක ලෙස රටක හෝ ප්‍රජාවක ප්‍රගතිය, සාමය සහ සතුට කෙරෙහි හිතකර ලෙස බලපාන අතර තවත් සමහරක් අහිතකර ලෙස බලපාන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය වන්නේ ඔවුන් බාහිර ලෝකයට විවෘත නොවී සිටින තාක්කල් තමතමන්ගේ විශ්වාස, ආකල්ප, පුරුදු, වටිනාකම් පිළිබඳ අදහස් හා චින්තන රටාවන්  තමාගේත්  තමා වෙසෙන සමාජයේත් ප්‍රගතියට, සතුටට සහ සාමයට බාධා වෙන ආකාරය දකින්න අපහසුයි. තම රටේත් තම සංස්කෘතියේත් වැදගත් අංගයන් ලෙස අගය කිරීම්ට පුරුදු වී සිටි සමහර දේවල් තමාගේත්, තමා ජීවත්වන සමාජයේත් ප්‍රගතියට බාධාවන ආකාරය දැකීමට සහ බව පිළිගැනීම්ට ඔවුන්තුළ පවතින අකමැත්ත මෙයට තවත් හේතුවක් වෙනවා. බාහිර ලෝකය ඉදිරියට යන ආකාරය විවෘත මනසින් දැක, ඉන් පාඩම් ඉගෙන ගෙන, තමාගේත්  තමා  ජීවත්වන  සමාජයේ සහ රටේත්  ප්‍රගතියට  බාධා වන්නාවූ තම සංස්කෘතියෙන් තමාට උරුම වූ ඇතැම් ලක්ෂණ දුර්වලතාවයන් වශයෙන් හදුනාගෙන තමා නිවැරදි වීමට තරම් නිරහංකාර නොවන ජන සමාජ පසුගාමීව  පවතිනවා. මෙය විද්වතුන් විසින් පිළිගනු ලබන සත්‍යයක්.

අපි මව් රටට නිදහස් ලැබිලා දැන්  දශක  හතකටත් ‍වැඩියි. නමුත් තවමත් අපේ රට සංවර්ධිත සෞභාග්‍ය සම්පන්න රටක් බවට පත්වී නැහැ.  අපට සමකාලීනව නිදහස් ලැබූ අනෙක් බොහෝ රටවල් දැන් අප පසුකරගෙන ගිහිල්ලා. අපේ රටට වූයේ කුමක්ද? අපට වැරදුනේ කොතැනද? මේ පිළිබඳව නොයෙක් මතිමතාන්තර හා කතාබහ පවතිනවා. බොහෝ දෙනෙක් දොස් පවරනවා පාලකයින්ට. නිදහස් ලැබූ දා සිට බලයේ සිටි සෑම ආණ්ඩුවකටම සෑම නායකයෙකුටම දොස් පවරනවා. මෙලෙස දොස් පැවරීම සාධාරණයි. නමුත්  දොස් පැවරීමෙන් පමණක් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. මේ දක්වා බොහෝ වාරයක්  පාලකයින් වෙනස් කරලා ආණ්ඩු වෙනස් කරලා බැලුවා. නමුත්ප්‍රශ්නය එලෙසම තවමත් තියෙනවා. වෙනසක් නැහැ. සැලකිය යුතු දියුණුවක් නැහැ. මේ නිසා දොස් පැවරීමෙන් සහ ආණ්ඩු වෙනසක් කිරීමෙන් ඔබ්බට ගොස්  ප්‍රශ්නයේ මූලික හේතුව සොයා අලුත් ආකාරයට ප්‍රශ්නය දෙස බලා විසඳුමක් සෙවීමට උත්සාහ ගත් යුතුයි. 

අප ජීවත්වන නවසීලන්තය ආර්ථික වශයෙන් සංවර්ධනය වූ සෞභාග්‍ය සම්පන්න වූ සාමකාමී වූ ලස්සන රටක්.  විවිධ ජාතීන් සහ ආගම් විශාල සංඛ්‍යාවකට අයිති විවිධ ජන කොට්ඨාස රාශියක් සාමකාමීව ජීවත් වෙනවා. මෙම රටේ ජීවත්වීමෙන් අප ලැබූ අත් අත්දැකීම් වලින් අපට පේනවා රටක දියුණුව සහ සෞභාග්‍ය සඳහා පොදු යහපත කැපවුණු ජනතාවට ආදරය කරන අවංක නායකයින් මෙන්ම, තම  ආත්මාර්ථය වෙනුවෙන් පොදු යහපතට බාධා නොකරන, නීති ගරුක, විනය ගරුක, යුක්ති ගරුක, සත්‍ය ගරුක වූ හා පුරවැසියන් වශයෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටුකරන ජනතාවකුත් අවශ්‍ය බව. 

ඒ වගේම රටේ ජනතාව යහපත් වීම තවත් ආකාරයකින් බලපානවා රටේ දියුණුවට. රටක  නායකයින් බිහිවන්නේ රටේ ජන ජනතාවගෙන්. පවතින සමාජයෙන්.  රටේ පවතින සමාජය අයහපත් නම්, එහි බහුතර ජනතාව බොරුව, වංචාව හා දුෂණය පිටු දකින්නේ නැත්නම්, නීතිගරුක නැත්නම්, විනයගරුක නැත්නම්, ආත්මාර්ථකාමී නම් එවැනි සමාජයකින් යහපත් නායකයින් බිහිවන්න බැහැ. බිහි වන්නේ ඒ වගේම ආත්මාර්ථකාමී, වංචාකාරී හා දූෂිත නායකයින්. ඒ නිසා කොතෙක්  වාරයක් නායකයින් වෙනස් කළත් රටේ වෙනස්ක් වෙන්නෙ නැහැ. 

නවසීලන්තයේ දීර්ඝ කාලයක් ජීවත්වීමෙන් අප ලැබූ අදත්දැකීම් වලින් අපට පැහැදිලිවම පේනවා මෙහි සාර්ථකත්වයට  නායකත්වය මෙන්ම එහි බහුතර ජනතාවගේ යහගුණ, ඒ කියන්නේ පොදු යහපත පිළිබඳව සැලකිලිමත් වීම, පුරවැසියන් වශයෙන් තම යුතුකම් ඉටු කිරීමට දක්වන උනන්දුව, බොරු කීම, වංචා කිරීම්, සොරකම් කිරීම් සහ අන්‍යයන්  රැවටීම ආදිය සාපේක්ෂව අඩුවීම මෙන්ම නීතිගරුක බව, විනය ගරුක බව සහ යුක්ති ගරුක බව විශාල කාර්යභාරයක් ඉටුකරන බව. මෙවැනි යහගුණ වලින් සපිරි බහුතරයක් සිටින සමාජයකින් බිහිවන නායකයින්ද එවැනිම යහගුණ පවතින නායකයෙක් වීම පුදුමයක් නෙවි. 

නවසීලන්තයේ ජීවත්වීමෙන් අප ලැබූ මේ සුවිශේෂ අදත්දැකීම් සහ අවබෝධය මගින් අපට දැන් පුළුවන් අපේ මව් රටේ ප්‍රශ්න වලට මුල් වූ ඇත්තම හේතුව සොයාගෙන අලුත් පැත්තකින් ඒ දෙස බලන්න. ඒ කියන්නේ මෙතෙක් කළ පරිදි නායකයින්ට දොස් පැවරීමෙන් සහ නායකයින් මාරු කිරීමෙන් ඔබ්බට ගොස් තම තමන් නිවැරදි වී වඩා හොඳ පුරවැසියන් බවට පත්වීමෙන් රටට ියුණුව සහ සෞභාග්‍යය උදාකරගත උදා කරගත හැකි නව  ශ්‍රී  ලාංකිකයින්ට නවසීලන්ත වාසීන්ගෙන් උගත හැකි පාඩම් බොහොමයක්  තියෙන්න පුළුවන්. මෙන්න මේ සඳහා නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාවක් ලබාදීම තමයි මෙම මෙම තීරුවේ අරමුණ.

සංවර්ධිත, සෞභාග්‍යමත්, සාමකාමී, දූෂණයෙන් තොර  හා ප්‍රීතිමත් ජනතාවකට වාසභූමිය වූ නවසීලන්තයේ  කලක් ජීවත් වීමෙන් ඔබ ලැබූ අත්දැකීම් අනුව  ශ්‍රී ලාංකික සමාජයේ කුමන ලක්ෂණ  ශ්‍රී ලංකාවට එවැනි රටක් වීමට බාධා වී ඇත්ද යන්න පිළිබඳව ඔබේ අදහස් අපේ පාඨකයන් සමග බෙදා ගැනීම්ට  අපි ඔබට ආරාධනා කරමු. 

පහත දැක්වෙන ප්‍රශ්ණාවලිය, සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ඔබේ අදහස් ලබාගැනීමට අප දරන ලද උත්සාහයක්. ඔබ කැමති ඔබට අදාල  ක්ෂේත්‍ර තෝරාගෙන ඔබේ අද අදහස් දක්වන්න පුලුවන්. 

සමාජ වටපිටාව.

01. නවසීලන්තය මේ ආකාරයේ සංවර්ධිත,  සෞභාග්‍ය සම්පන්න, සාමකාමී, දූෂණයෙන් තොර හා ප්‍රීතිමත් ජනතාවකට වාසභූමිය රටක් වීමට පසුගිය දශක කිහිපය පුරාම එහි පැවති දේශපාලන නායකත්වය ඉවහල් වූ බව සාමාන්‍යයෙන් පිළිගන්නවා. 

1.1. ඕනෑම රටකට නායකයින් තේරී පත්වන්නේ  ඒ රටේ පවතින සමාජයෙන්. ඒ නිසා පොදු යහපත අගයන ගුණ ගරුක සමාජයක් පවතින රටකට එවැනිම යහපත් නායකයින් ලැබෙන අතර පොදු යහපතට වඩා තම ආත්මාර්ථය පිළිබඳව සිතන සොරකම, වංචාව සහ බොරුව රජයන සමාජයක් පවතින රටකට එවැනිම නායකයින් ලැබෙයි. ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ ඔබ ලැබූ අත්දැකීම් අනුව මේ පිළිබඳව අදහස් දක්වන්න.

1.2. රටට නායකයින් තෝරා ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමේදී තම පෞද්ගලික වාසි නොව රටේ පොදු යහපත සැලකිල්ලට ගෙන ඡන්දය පාවිච්චි කළ යුතුය.  එමෙන්ම ජාති, ආගම්, කුල අනුව ඡන්දය පාවිච්චි නොකළ යුතුයි. මේ පිළිබඳව නවසීලන්ත ඡන්ද දායකයින් සහ ශ්‍රී  ලංකාවේ ඡන්ද දායකයින් වෙනස් වන ආකාරයෙන් පිළිබඳව ඔබේ අදහස් කවරේද?

02. රටක්සෞභාග්‍ය සම්පන්න වීමට නම් එහි බහුතර ජනතාව තම යහපත මෙන්ම පොදු යහපත පිළිබඳවද සැලකිලිමත් වන නීතිගරුක, විනයගරුක හා යුක්තිගරුක ජනතාවක් විය යුතුය. නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ඔබ ලබා ඇති අත්දැකීම් අනුව මේ පිළිබඳ දුව අදහස් දක්වන්න. ඔබේ අදහස් තහවුරු කිරිම සඳහා ඔබ ලබා ඇති පෞද්ගලික අත්දැකීම් අප සමග බෙදා ගැනීම්ට කාරුණික වන්න.

03. අතාර්කික,  අවිද්‍යාත්මක සහ ජන ජීවිතයට අහිතකර මිත්‍යා  විශ්වාස ජනගත වී තිබීම රටක දියුණුවට හා සෞභාග්‍යට බාධාවකි. ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තය ඔබ ලබා ඇති අත්දැකීම් අනුසාරයෙන් මේ පිළිබඳව අදහස් දක්වන්න. ඔබේ අදහස් තහවුරු කිරිම සඳහා ඔබ ලබා ඇති පෞද්ගලික අත්දැකීම් අප සමග බෙදා ගැනීම්ට කාරුණික වන්න.

04. අන්‍යයන් සමග සසඳමින් ඔවුන් ඔවුන්ට වඩා ඉහළින් සිටිම අරමුණු කරගෙන, නිවාස වාහන සහ වෙනත් අත්‍යාවශ්‍යය  නොවූ පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සහ නඩත්තු කිරීම, විවාහ මංගල්‍ය සහ උපන්දින උත්සව වැනි දේවලට විශාල වශයෙන් වියදම් කිරීම වියදම් කිරීම්ට  දක්වන නැඹුරුතාවය රටක දියුණුවට සහ  සෞභාග්‍යයට  බාධාවකි. ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ ඔබ ලබා ඇති අත්දැකීම් අනුසාරයෙන් මේ පිළිබඳව අදහස් දක්වන්න.

05. මනුෂ්‍යයන් වශයෙන් සෑම කෙනෙකුටම හිමිවිය යුතු ගෞරවය පුද කිරීම පුද කිරීම වෙනුවට ඒ ඒ පුද්ගලයා ගේ රැකියාව, තරාතිරම, ගමන් කරන වාහනය, ජීවත්වන නිවස සහ පුද්ගලයාගේ බලය ආදිය පදනම් කරගෙන සමහර පුද්ගලයින්ට වැඩි ගෞරවයකුත් අනෙක් අයට ගෞරව නොකිරීම හෝ හෙළා දැකීම සිදුකරන සමාජයක් පැවතීම රටක දියුණුව ද සහ රටක දියුණුවට හා  සෞභාග්‍යයට බාධාවකි. ශ්‍රී ලංකාවේ සහ නවසි නවසීලන්තයේ ඔබේ අද අත්දැකීම් අනුව මේ පිළිබඳව අදහස් දක්වන්න. 

06. බොරුව වංචාව, සොරකම, පගා දීම හා ගැනීම වැනි සමාජ විරෝධී  ක්‍රියාවන්ගෙන් මුදල් ඉපයීම් සහ ඒ මගින් ධනවත් වීම හෙළා නොදකින සහ ඒවා සාමාන්‍ය දේවල් වශයෙන් සලකන සමාජයක් පැවතීම රටක දියුණුවට සහ සෞභාග්‍යයට බාධාවකි. මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ සහ නව නවසීලන්තයේ ඔබ ලබා ඇති අත්දැකීම් ආශ්‍රයෙන් අදහස් දක්වන්න. 

07. රටක පූජක පැලැන්තියට සහ ආගමික නායකයින්ට සමාජය විසින් දෙන ගෞරවය සහ බලය ඒ රටේ දියුණුවට සහ සෞභාග්‍යයට බාධාකාරී සාධකයත් විය හැක. මේ පිළිබඳව නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ඔබේ අද අත්දැකීම් අනුව අදහස් දක්වන්න. 

08. ජාති ආගම් හා පන්ති අනුව භේදභින්න නොවූ සමාජයක් පැවතීම රටක දියුණුවට සහ සෞභාග්‍යයට අවශ්‍ය වේ.  මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තය ඔබ ලැබූ අදත්දැකීම් අනුව අදහස් දක්වන්න. ඔබේ අදහස් තහවුරු කිරිම සඳහා ඔබ ලබා ඇති පෞද්ගලික අත්දැකීම් අප සමග බෙදා ගැනීම්ට කාරුණික වන්න.

වෘත්තීමය වටපිටාව

09. වෘත්තිය අනුව පුද්ගලයාගේ සමාජ තත්ත්වය මැනිම, සමහර වෘත්තීන්ට උසස් සමාජ තත්ත්වයකුත් තවත් සමහර වෘත්තීන්ට පහත් සමාජ තත්ත්වයකුත් ලැබීම රටක ආර්ථික දියුනුවට සහසෞභාග්‍යයට බාධාවකි. ශ්‍රී  ලංකාවේ සහ නව නවසිලන්තයේ ඔබ ලැබූ අදත්දැකීම් අනුව මේ පිළිබඳව ඔබේ අදහස් දක්වන්න.

10. පොදු යහපත සඳහා කාර්යක්ෂමව කටයුතු කරන වෘත්තිකයින් රටක දියුණුව සඳහා අවශ්‍ය වේ. වෘත්තිකයෙක් වශයෙන් ඔබ ශ්‍රී  ලංකාවේදී ලැබූ අදත්දැකීම් සහ නවසීලන්තයේ දී ලා ලබන අත්දැකීම් ආශ්‍රයෙන් මේ පිළිබඳව අදහස් දක්වන්න. ශ්‍රී ලංකාවේ සහ නව නවසිලන්තයේ ඔබ ලැබූ අදත්දැකීම් අනුව මේ පිළිබඳව ඔබේ අදහස් දක්වන්න.

11. ඔබේ නවසීලන්ත වෘත්තීයමය ජීවිතයේ අත්දැකීම් වලට අනුව පහත දැක්වෙන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට කුමන ආකාරයේ පාඩම් ඉගෙන ගත හැකිහැකි යැයි ඔබ සිතන්නේද?  

11.1. පවුලෙ මූලික කරගත් සමාජ රටාව ආයතන වලට ද අනුගත වීම;

11.2. තරඟකාරී නමුත් මානුෂීය ව්‍යාපාර කළමනාකරණ ක්‍රමවේද බොහෝ විට අනුගමනය කිරීම;

11.3. ආයතනයේ මානව සම්පත පිළිබඳ දැඩි විශ්වාසයකින් කටයුතු කිරීම සහතික පත් වලට ට අගය දීම මෙන්ම හැකියාව සහ නිපුණත්වය පදනම් කරගත් රැකියා වලට ද සම තත්ත්වයක් ඇති බව.

පවුල් වටපිටාව

12. පොදු යහපත පිළිබඳව සැලකිලිමත්වන විනය ගරුක හා නීතිගරුක පුරවැසියන් නිර්මාණයකොට සමාජයට දීම දෙමාපියන්ගේ වගකිීමක්. ආත්මාර්ථකාමී නොවන, පොදු යහපතට හිතැති,  ජාතිවාදී, ආගම්වාදී  නොවන ආකාරයේ  ආකල්ප වලින් යුත් දරුවන් සමාජයට දිය යුතුයි. දෙමාපියන් වශයෙන් ඔබේ ශ්‍රී  ලාංකීය සහ නව නවසීලන්ත අත්දැකීම්  ඇසුරෙන් මේ පිළිබඳව අදහස් දක්වන්න.

13. තම තමන් සමාජයේ ලොකු මිනිසුන් වීමට වඩා, තම සහජ හැකියාවෙන්යාවන් උද්දීපනය කොට ඒවා පොදු යහපත සඳහා යෙදීමට දරුවන් පුහුණු කරන ආකාරයේ  අධ්‍යාපන ක්‍රමයක්  සහ ඊට අඩු අනුගත වූ ආකල්ප දෙමාපියන් තුළ පැවතීම රටක සංවර්ධනය සහ සෞභාග්‍යය සඳහා අවශ්‍ය වේ. මේ පිළිබඳව Cලංකාවේ සහ නව නවසීලන්තයේ අධ්‍යාපන ක්‍රම සහ දෙමාපියන්ගේ ආකල්ප පිළිබඳව ඔබ ලැබූ අදත්දැකීම් ඇසුරෙන් අදහස් දක්වන්න. 

14. පවුල් ජිවිතය සහ දරුවන් හැදීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ නව නවසීලන්තයේ ඔබ ලැබූ අත්දැකීම් අනුව පහත දැක්වෙන කරුණු පිළිබඳව අදහස් දක්වන්න.

14.1. මව පියා යන දෙපාර්ශවයම දරුවන්ගේ කටයුතු වලදී සමසමව තම වගකීම් ඉටු කිරීම;

14.2. දෙමව්පියන් වැඩි කාලයක් දරුවන් සමඟ ගත කිරීමට හැකිවන ලෙස තම රැකියා කටයුතු සකසා ගැනීම 

14.3. දරුවන්ට ස්වභාවික පරිසරය කෙරෙහි ඇති ලැදියාව සහ පරිසරයට අනුගත වීමට වැඩි වශයෙන් උනන්දු කිරීම 

14.4. දරුවන්ට තරගකාරීත්වයට වටා දක්ෂතාවය සහ තමන්ගේ කැමැත්ත මත අධ්‍යාපනය ක්‍රමය සකසා ගැනීමට ඔවුන්ට ඉඩ පහසුකම් දීම

14.5. දරුවන් දෙමව්පියන් අතර මනා සන්නිවේදනයක් පවත්වා ගෙන යෑම. පාසල් වල කටයුතු සඳහා දෙමවුපියන්ගේ සහභාගීත්වය සහ පවුල යන සංකල්පය තේරුම් ගත්තාද යාපනික පසුබිමක දරුවන් සැකස වීම.

14.6. දරුවන්ගේ නිවාඩු කාලය විනෝදාංශ විනෝද ගමන් එමෙන්ම නිදහසේ කාලය ගතකිරීමට යොමු කිරීම

සංක්‍රමණිකයන් හැටියට අප තුළ සිදු වූ වෙනස

15. නවසීලන්තයේට සංක්‍රමණය වීමෙන් පසු මෙහි සමාජයට ගැලපීම් සඳහා ඔබ ශ්‍රී ලංකාවෙන් ගෙනආ ඔබගේ කුමන පුරුදු, විශ්වාස, පූර්ව නිගමන, සහ හැසිරීම් වෙනස් වෙනස් කරකරගනු ලැබුවේද? (උදාහරණ:  රිය පැදවීම් ,  පෝලිම්වල සිටීම,  කුණු කසළ ඉවත් කිරීම,  අන්‍යයන්ට ඇහුම්කන්දීම,  විනීත බව, සදාචාරාත්මකබව, ආත්මාර්ථකාමී/  පරාර්ථකාමී හැසිරීම් ආදිය හා සම්බන්ධ පුරුදු, ජාති භේද ආගම් ආගම් භේද ආදිය පිළිබඳ විශ්වාස හා පූර්ව නිගමන)

16. ඔබ නවසීලන්තයට පැමිණි පසු නිවැරදි කර කරගන්නා ලද විවිධ පුරුදු, විශ්වාස, සහ පූර්ව නිගමන ආදිය තවමත් ශ්‍රී ලංකාවේ බහුතරය  අතර පවතින බව ඔබ දැක තිබේද? එවැනි අත්දැකීම් අප සමග බෙදා ගැනීමට කාරුණික වන්න.

17. ශ්‍රී ලංකාව ද නවසීලන්තය මෙන් ෞභාග්‍යමත් රටක් වීමට බහුතර ශ්‍රී ලාංකිකයින් අතර පවතින මේ ආකාරයේ හැසිරීම්, පුරුදු, විශ්වාස සහ පූර්ව නිගමන කොතෙක් දුරට බාධා වී ඇත්දැයි ඔබ සිතන්නේද?

ඔබේ අදහස් පහත email ලිපිනයට එවන්න
ulluwishewa@xtra.co.nz

ආචාර්‍යය රෝහණ උල්ලුවිස් හේවා සහ ශ්‍රීLankaNZ පුවත්පත ගෙන එන සංවාදයක්…

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.