සඳක් දෙස බලාගෙන රෑ වෙද්දි ගොළුවෙලා
අදත් කෙස් රොද සුළඟෙ නැළවේය තනි වෙලා
මඳක් ළං වෙද්දි මා සඳ දෙසම නෙත් හෙලා
හදක් හඬවන්නෙ ඇයි හැරෙන හිරු රැස් බලා
පුන් සඳත් අඩ සඳත් නැළවුන ද ගගනතේ
මල් සුවඳ විසිරුනත් සැඳෑවේ දස අතේ
ගල් වෙන්නෙ නෑ මසිත තනිවෙලා තරු කෙතේ
පුන් සඳේ දැවටෙන්න යන්නෙපා දුකෙ’තේ
මායාව ලෙලදෙන්නෙ ඔය දෙනෙත් රවටලා
ඡායාව මුහුළසේ නැළවෙන්නෙ බිම හලා
පායාවි රත් කරන් හිරු මදෙස බල බලා
හාදදක් ගෙන එන්න ඉන්නෙපා ගොළු වෙලා
ඩී.අමරසිරි ගුණවර්ධන – හැමිල්ටන්