1948 වසරේ පෙබරවාරි 4 වන දින සිරිලක් මෑණියන් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් මිදී එම අධිරාජ්‍යයේ ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් විය.
ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනගන්නට නිදහස් ව්‍යාපාරයට උරදුන් අපේ මුතුන් මිත්තන්ට හිස නමා ආචාර කරමු.
සිංහල ජාතික විමුක්තිකාමි මෙහෙයුම් තුළ ස්වෛරී දේශයක් සෑදීමට ගත් උත්සාහයේ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමිට හිමිවන්නේ විශේෂ ස්ථානයකි.
උන්වහන්සේ තම පන්හිද රටත් ජාතියත් අවදි කරවීම උදෙසා යොදවන ලදී.
අනාගත දරු පරපුර වෙනුවෙන් ලියවුණු කවි මාලාවක් වන ” දරු නැළවිලි හෙවත් ජාතික තොටිල්ල” යන ග්‍රන්ථයෙන් උපුටා ගත් කවි පෙළක් නවසීලන්තයේ වෙලින්ටන් නුවරෙ දී මෙසේ සංගීතවත් විය.
සිරිලක නිවහල් දේශයක් සේ වැජඹ වීම සිහිනයක් නොවෙන්නට ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්ගේ එදා පැතුම අනාගත දරු පරපුර වෙත යළි මෙසේ තිළිණ කරමු.