ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකා රුපියල දුර්වලම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට මේ වන විට පත්ව ඇත.
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 32 කින් පහත වැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව 2022 වසරේ ලොව වඩාත්ම පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකකයක් භාවිතා වන රට ලෙස ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
එම ලයිස්තුවේ දෙවන ස්ථානය ඝානාව, තෙවන ස්ථානය ඊජිප්තුව, සිව්වන ස්ථානය රුසියාව හා පස්වන ස්ථානය තජිකිස්ථානය හිමිකරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමයේ හිඟය සමඟ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ප්‍රථම වතාවට රුපියලට සාපේක්ෂව අමෙරිකන් ඩොලරය රු 300 ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා බැංකු වාර්තා (CBSL) ප්‍රකාශ කරනවා.
මේ අතර රුපියලට සාපේක්ෂව නවසීලන්ත ඩොලරය ද රු200 ඉක්මවා ගියා.