මේ වගෙම ඉර බැස ගෙන යන සවසක
ඇය දිවගෙන ඇවිත් කම්හලෙන් එළියට
මගෙ දෑත අල්ලගෙන
අද හෙටම අපි අපේ වෙමු
කීවා ආදරෙන්…
ඉරේ නුඹ හොද හැටිම
දැක්කානෙ විස්තරය
ඇය කීව ඒ දවසෙ
නුඹ ඉද්දි නැගෙනහිර.
සළුපිළි හැඳ පැළද
අසු සරසවා ගෙන
ඇයට තැළි පිළි හදා
මම බලා ගෙන හිටියා
නුඹ මුදුන් වෙන කල්
මම හිටියා නුඹ දැක්කා.
කාගේද සුරතක ඇය වෙලී
යන ගමන්
මට අත වනා ගෙන ඇය
ඉගිලී ගියා
ඒ වෙලාවේ ලොකූ සුළගක්
ඇවිත්
කලු පාට වළාකුළු නූඹේ
මුව වහ ගත්තා.
ඒ වෙලාවේ වැටුණු වැහි බිදු
මගේ ඇස් තෙත් කළා
මම හඩන බව එතැන
කවුරුත් ම හිතුවෙ නෑ.
මගේ මේ දුක කියල
මම ඉරේ අහන්නේ
මේ ලෝකෙ වැඩි දෙනෙක්
ආදරෙන් පැරදුනද
ආදරෙන් රැවටුණද?
By Ashoka Wanasinghe