fbpx
12.9 C
New Zealand
Sunday, May 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මගේ නෙත් නුබ සොයනවා තවත් | Dr. සුරංග දසනායක | ඩනෙඩින්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

2009 වසරේ දී ගැනිය නොහැකි වූ අවාසනාවන්ත සිද්ධීන් පෙළක අවසානයක් අපි දුටිමු. ජීවිතයේ ගෙවුණු කාලය තුළ තිස් වසරක් අපගේ පරපුර ජීවත් වුයේ යුද්ධය පැවති අවිචාර සමයකය. යුධයේ ආදීනව වක්‍රව වැඩිපුරම විඳි පරපුර ද අපමය. ලාංකීය ගීතාවලියේ බිහිවුණු විශිෂ්ට ගී ත්‍රිත්වයක තේමාව කැටිකොට ලියවුණු පද පෙළකි මේ. ගී ත්‍රිත්වය නම් “මාතොටින් එන උතුරු සුළගේ – දීපිකා ප්‍රියදර්ශනී” . “මන්නාරම් කන්‍යාරාමය ඇරිලා – රශ්මි සංගීතා”  සහ “මගේ නෙත් ඇයි මෙසේ  – නන්දා මාලනී”. ය. මෙහි සරල ඉංග්‍රීසි පරිවර්තනය 2018 වසරේ  ඔටාගෝ විශ්ව විද්‍යාලයේ පැවති කාව්‍ය තරගයක විශේෂ ඇගයීමකට ලක්විය.

මහා පිපිරුම් හඬක්  ඇසුනි ගව්වක්  දුරින්
වසා පොත් සැනින්  නික්මිලා  සිප්හලින්
පුංචි උන් පසුපසින්  හනික දිව්වා මමත්
චන්ඩ හිරු රශ්මියෙන්  දැවෙන වැලිකැට මතින්

හැමදාම නුබ මාව හමුවෙනා හංදියේ
කොහොඹ ගස් සෙවන යට වැටී සිටියා  මුනින්
සිදුරු වුණු  නුබ ලයින් ගලා ගිය උණු ලෙයින්
පොළව තෙමුනා යලිත්
වා තලය   කම්පිතයි  පිටවෙනා  විලාපෙන්
නුබ දකින හැම මුවින්…

 රකුසු කැලතක් විසින් සොයන බිම හිමිකමක්
මුදාහල උණ්ඩයෙන් නික්මිලා නුබ ගිහින්
නොකියාම කාටවත්  අඩුම ගන්නේ මටත්
දඬුවමක් දීලා උන් නොවුවට නුඹ එකෙක්
ඒ රුදුරු යක් රැළින්
සටන්වදිනා බිමට උන්ට උරුමයි කියන…

ගෙවී  ගොස් දින ගණන්  සැගවුණා ගිනිපුපුරු අළු යටින්
කිසිවෙකුටවත් නොවෙයි නැති වුණේ නුබ මටයි
දන්නවා මම හොඳින්
නොඑන බව නුබ යලිත් වැලිපාර දිග  නැවත
ත් මා රිදෙන නෙත්  නුඹ සොයනවා තවත්
දන්නවා මම හොඳින්. නොමැති බව උයන්තෙර
වීදියේ  නගරයේ  මිනිස් තල අතර  නුබ…
ඉර හඳට ඉඩදෙමින් නුබ සොයනවා තවත්
කකියනා මගේ හද  කඳුළු වියලුනු නෙතින්…

By Dr. Suranga Dasanayake – Dunedin

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.