පළමු ලෝක සංග්‍රාමයේදී ජීවිත අහිමි වූවන්ට ගෞරව දැක්වීමේ දිනයක් ලෙසින් 1915 සිට වර්තමානය දක්වාම අප්‍රේල් 25 වන දින හඳුන්වන අතරම මෙය නවසීලන්තය සහ ඕස්ට්‍රේලියානුවන් උදෙසා පැවැත්වෙන සුවිශේෂී නිවාඩු දිනයකි. Anzac හමුදාව තුර්කියට ගොඩ බැස්සවූ බව පුරාවෘත්තයේ සඳහන් වන අතර 1914 දී බෙල්ජියම ආක්‍රමණය කිරීමෙන් පසු මහාබ්‍රිතාන්‍ය රාජ්‍යය විසින් යුද්ධ ප්‍රකාශ කරන ලදී. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් ලෙස ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යුද්දෙට සහභාගිවීමට බැඳී සිටියහ . ආයුධ පිළිවෙළ කරගත් හමුදා බලඇණියන්ගේ නොපසුබට උත්සාහය අගය කරනු වස් සෑම වසරකම මෙය ඔවුනට ගෞරව කිරීමේ දිනය ලෙස නම් කරන ලදී.
ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා බලකාය සෙබළුන් විසිදාහකින් සමන්විත විය. එම මෙහෙයුම මාස අටක් පුරා දිව ගිය අතර 1915 වර්ෂයේ අවසාන භාගය වන විට යුද්ධය අකල් මරණ විය.හුදෙක ඒ සා දේශප්‍රේමීන් උදෙසා කරන ගෞරවයක් ලෙස රජය විසින් මේ දිනය නිවාඩු දිනයක් ලෙස නම් දැරුවද එය පැය අටකට පමණක් සීමා විය. ඒ කාලය තුළ සොල්දාදුවන්ගේ උත්සාහය අගය කිරීමට නොයෙකුත් උපක්‍රම යොදා ගත් අතරම සාමාන්‍ය ජනයා දැනුවත් කිරීම සඳහා සහ මේ මෙහෙයුම පිළිබඳ මනා ආකල්පයන් සාමාන්‍ය ජනයා අතරට ගෙන යාමට මේ කෙටි නිවාඩුව ඉවහල් විය.
ඕස්ට්‍රේලියානු අගමැති ජෝන් පියර්ස් විසින් 1920 වසරේ මැද භාගය වනවිට මෙය ජාතික නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත් කළ අතර මේ මෙහෙයුමේදී නවසීලන්ත ජාතකයන් 2700ක් සහ ඕස්ට්‍රේලියානුවන් 8700 දිවි පුදා ඇත.
- අනුස්මරණ දිනයකී.
2. ගෞරව කළ යුත්තන් ගෞරව ලබන දිනයකි .
3. මිත්‍රත්වය පිළිබිඹු කරන දිනයකි.