සියවසක සැමරුම තියා
සොබාදහමේ නියමෙටා
නික්ම යන්නට පෙර තියා
ඇසුවා නම් යැයි සිතුවා මා
ඩයනා කුමරිය ළඟ එදා
උන්නා නෙව දුක සැප අසා
මුණුපුරාන්ගේ සවියටා
පිය නැඟුවේ ඇය නිදොස්දා
නමක් ලැබුණේ බල බිඳ දමා
රැජින පසුපස යන විටා
රටක් රැකි සෙබළෙකු නිසා
දැනුනෙ නැද්දො මදිකම එදා
රැජිනකට පෙම්කළ නිසා
නීති වැටකොටු අබියසා
සොඳුරු පෙම් බස් දෙඩුමටා
මතක් වුණිදො පැතු ලෙසා
විවාහයේ බැමි දෙදරවා
දරුවො සම්මතෙ බිද දමා
පිරිස දොස් පවරන විටා
හිතේ රිදුනිදො පියෙකුටා
හිතට ආ දේ කිව් නිසා
පිරිස නොසතුටු බව කියා
ඔබට ඔබ දැන් කැප නැතා
දොසක් කීවද ඇය එදා
දුන්නු පැවරුම් ඉටුකළා
හැර නොගොස් ඇය සමගිනා
ආදරය යනු කුමක්දා
කියනවද හෙට ගැන හිතා
බල බිදුණු රජ | අනූ | වෙලිංටන්


ශ්රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්යාවශ්යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.