අපි ජීවත් වෙන්නේ අපේ ශ්‍රී ලාංකික මව්බිමෙන් දහස් ගව් දුරින්. අපි ඇවිල්ලා ගොඩක් කල් වෙන්න පුළුවන්, ටිකක් කල් වෙන්න පුළුවන්, අපි මෙහි ඉපදුණා වෙන්න පුළුවන්. නමුත් අපි තුළ දුවන්නේ ඒ ශ්‍රී ලාංකික රුධිරය. අප තුළ තියෙන්නේ ඒ සැබෑ ශ්‍රී ලාංකික දක්ෂතා, තලෙන්තු. ඒ දක්ෂතා අපේ මේ New Zealand Canterbury වල දී එකතු කරගත්ත දක්ෂතා සමග වැඩි දියුණු කරගෙන, පිළිබිඹු කරන තෝතැන්නක් බවට Talent Show වේදිකාව පත්වුණා. අතිසාර්ථක සිව්වන වතාවට මෙම වසරේ Cantalankans Got Talent 2024 නමින් පසුගිය ඔක්තෝබර් 26 වැනි සෙනසුරාදා සන්ධ්‍යා භාගයේ The Grange Theater දී මෙම තලෙන්තු දිගහැරුම , ප්‍රේක්ෂකාගාරය තමන්ගේ ප්‍රශ්නවලින් මිදිලා ඒ සුළු පැය කීපයේදී වෙනමම ලෝකයකට ගෙන යෑමේ අරමුණත් සමගම සිදුවුණා.
ඉතිං ඒ දක්ෂතා නැටුම් වේවා! ගැයුම් වේවා රංගනය වේවා! නාට්‍ය වේවා! වාදනය වේවා නිවේදන කටයුතු වේවා! ඒ සියල්ලම සාක්ෂි දරන්න Canterbury වල ජීවත්වෙන අපේම ශ්‍රී ලාංකික යාළුවොත්, නවසීලන්ත යාළුවොත් , වෙනත් රටවල යාළුවොත් පැමිණීම අපි හැමෝටම ලොකු හයියක් වුණ.
මෙවර උත්සවයේ විශේෂත්වයක් වූයේ අංග ඉදිරිපත් කළ සැම දෙනාම එකම වේදිකාවකට ගෙන ඒමයි. එය මෙම උත්සවයට අපූරු වර්ණයක් එක් කළ බව පහත ඡායාරූපයෙන් මනාවට තහවුරු වෙයි.
අවසානයේ පැවැත් වුණු සජීවී සංගීතමය අත්දැකීම ගෙන ආවේ Canterbury ජීවත්වෙන අපේම වාදක මඩුල්ලක් විසින්. ඔවුන් අවසානයේ ගෙන ආ නොනවතින සංගීතමය අත්දැකීම Canterbury ශ්‍රී ලාංකික සැමට ගෙන ආවේ වින්දනාත්මක නර්තන රස වින්දනයක් පමණක්ම නොවේ. ඒ තුළින් අප සැමදෙනා අතර තිබෙන්නා වූ අන්‍යෝන්‍ය අවබෝධය සහ බැඳීම වැඩිදියුණු කළ බවට කිව යුතුමය.ඔබ සැම ඒ දුන්න සහයෝගය ලොකු හෝ කුඩා හෝ වේවා, උදව් කරන්නට වූ සිතුවිල්ල Cantalankan අපි හැමෝටම ගොඩක් වටිනවා.ඒ වගේම Canterbury ශ්‍රී ලාංකිකයන්ගේ දක්ෂතා බලන්න ඇවිල්ලා, වැඩි දියුණු කරන්න උරදුන් හැමෝටමත් ගොඩක් ස්තූතියි.
මේ 2024 පැවැත් වූ එකයි. ඉතින් මේ අවුරුද්දෙත් තවත් වෙනස්ම ආකාරයේ Talent Show එකකින් හමුවෙමු.