හැමිල්ටන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ මහා සභා රැස්වීම ඔක්තෝබර් මස 29 වැනි දින හැමිල්ටන්හි හිල්ක්‍රෙස්ට් නෝමල් විද්‍යාලයීය ශාලාවේ දී පැවැත් වුණි. සම්ප්‍රදායිකව යෙදෙන සභාපති ඇතුලු අනෙක් අයගේ කතා සමගම සංගමයේ වාර්ෂික වාර්තාව හා අයවැය වාර්තාව ඉදිරිපත් කෙරුනි. ගත වූ වර්ෂයේ සංගමයේ කාර්යයන්ට සාමාජිකත්වයෙන් හා කමිටු සාමාජිකයන්ගෙන් ලැබුණ සහයෝගයට සභාපති ෂමිල් ප්‍රනාන්දු ස්තුති කළේය. කටයුතු සාර්ථක කරගන්නට අරමුදල් සපයන ආයතනවලට ද ඔහු විශේෂ ස්තුතියක් කළේ ය.
රෝහිත කරුණාරත්න හා සුධීර නානායක්කාර දෙපළ පිළිවෙලින් නව වර්ෂයේ සංගමයේ සභාපති හා ලේකම් ලෙස ද උපසභාපති, භාණ්ඩාගාරික හා තවත් කමිටු සාමාජිකයෝ අට දෙනෙක් ද පත්කර ගනු ලැබූහ.
සාමාජිකත්වයට ස්තූති කළ නව සභාපති රෝහිත කරුණාරත්න මහතා ඉදිරි වර්ෂයේ සංගමයේ කටයුතු සාර්ථකව කරගෙන යාමට සියලු දෙනාගේම සහගෝගය ඉල්ලා සිටියේය.