fbpx
8.2 C
New Zealand
Monday, September 14, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

පාකර් පෑන හෙළිකළ රහසක් | දයා ප්‍රතාපසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

‘විජේ ‘සමග සිටි ළඟම යහළුවෝ විනෝදයට බර වූහ. පන්තියේ අනෙක් බොහෝ අය තම පොතපත ඉගනුමට වැඩි බර වුව ද ඔවූහු විහිළු තහළුවලට කැමැති වූහ. ඒ අතරතුර අරුම පුදුම ළමයෙක් ද ඒ අතර විය. ඔහු ‘සිදත්’ය. ඔහුට සටහන් පොත් තබා පෑනක් පැන්සලක්වත් නොතිබුණු අතර පංතියේ පාඩමක් අවසන් වන විට කට පාඩමෙන් උගත් දෙය වැමරීමට තරං දක්ෂකමක්  ඔහුට තිබුණි. ඔහු පාසැලට රැගෙන පැමිණියේ කලිසම් සාක්කුවේ රෝල් කරගත් කොපි පොතක් පමණි.

1960 දශකයේ අග භාගය වනවිට ’පාකර්’ නම ලංකාවට හුරු පුරුදුය. 1889 එංගලන්තයේ දී නිෂ්පාදිත මෙය ලොව මිල අධික පෑන් වර්ගයක් විය. පන්තියේ ප්‍රථමයා වීම නිසා පසුගිය සතියේ  ‘විපුලට’ සිය පියා කලුපාට පාකර් පෑනක් දුන්නේ ය. එහි සුමට ලියවීම හා නිමාව මිතුරන්ට අලුත් අත්දැකීමක් විය.  ලෝකයේ සිහින් සමෝච්ච රේඛා නිවැරදිවම ඇඳිය හැකි හෝ ලිවිය හැකි ලීක් නොවෙන මෙම තීන්ත පෑන යාළුවන්ගේ අතින් අත ගියේ මල් වට්ටියක් මෙනි.විපුල තම පෑන පණමෙන් රැක ගත්තත් තම පන්තියේ සහෝදර  සහොදරියන්ට එය ඉල්ලු සැනින්ම දුන්නේ කිසිදු මසුරු කමක් නැතිවය. පන්තියේ අනෙක් බොහෝ ළමයෙකුම පාහේ තිබුණේ ‘සියල්’ නැමැති මිල අඩු තීන්ත පෑන්ය.

එක් දිනක් පාසැල් අවසන් වන සීනුව නාද විය. පන්තියේ සැවොම තම තමන්ගේ පොත්පත් මිටි එකතු කළහ. තවත් සමහරු කාමරයේ ඩෙස්, බංකු සකසමින් සිටියහ. ජනෙල් දොරවල් වැසූහ.

‘අනේ මිස්, මගේ පෑන නැතිවෙලා.’ විපුල කෑ ගැසුවේය. ඔහුගේ මුහුණ රතුවී ඇස්වල කඳුළු පිරී තිබුණි. ළමයි සියල්ල එකවරම කලබල වූහ.

‘කවුද ඒක ගත්ත එකා?’ කීප දෙනෙකුගේම කටින් එකවර කියවිණි.

‘හොයමු…හොයමු…තාම පන්තියෙන් පිටට පෑන…ගියේ නෑ.’

‘හරී.., කවුරුත් නිශ්ශබ්ද වෙන්න.’ පංති භාර මිස්ගේ නියෝගයට සියල්ලෝම අවනත වූහ.

‘සුසිල් පෙන්වනවා තමංගෙ කලිසම් සාක්කු එළියට ඇදලා.’ මිස් අණ කළාය.

සුසිල් පන්ති නායකයා විය. ඔහු තම කලිසම්  කමිස සාක්කු පමණක් නොව තම ඩෙස්ක්, කෑමපෙට්ටි සියල්ල අඩුවක් නැතිව ප්‍රදර්ශනය  කළේය.

‘හොඳයි, දැන් ඔක්කොම ළමයි තම තමන්ගේ සාක්කු වගේම තම තමන්ගෙ ඩෙස්, බංකු පෙන්නන්න ඕන. සුසිල් දැන් විපුලත් එක්ක හැම පිරිමි ළමයෙක්ම චෙක් තරන්න, මම ගැහැණු  ළමයි චෙක් කරන්නම්.’ මිස් නැවත අණ කළාය.

‘කෝ? කාගෙවත් ළඟ නැහැ නෙව….’ එකිනෙකා කසු කුසු ගෑවෝය.

‘හරි, දැන් කවුරුත් පුටුවලම වාඩි වෙන්න. සුසිල් විපුලත් එක්ක පන්තියේ කබඩ් එක, ගුරු මේසේ වගේ  තැනුත් බලන්න ඉක්මනට.’ මිස් තවමත් බලාපොරෙත්තු අතහැර නොතිබුණි.

පන්තිය මුල්ලේ තිබුණු වේවැල්වලින් නිමැයු කට කුඩාවට සැකසු පුනීල හැඩැති කුණු කූඩය එකවර විපුල්ගේ නෙත ගැටිණි. ඔහු කුණු එක විවෘත කරන විට කළු පාට පෑන් දෙකක්ම එකවර බිම වැටිණි.

‘හරි. හරේ. මේ තියෙනවා මගේ පෑන.’ විපුලගේ මුහුණ සතුටින් ඉපිලී ගියේය.

‘හොඳයි ඒ පෑන විපුලගෙ නං අනික් පෑන කාගෙද?’ මිස් ඇසුවාය.

‘මිස් ඒක සිදත්ගෙ.’ ළමයි කිහිපදෙනෙක්ම එකවර කීවෝය.

‘මොනවා? එතකොට සිදත් ද අර ළමයගේ පෑන හොරකම් කළේ?’

එයට පිළිතුරු දුන්නේ විජේ ය. ‘නැහැ මිස්. සිදත් නෙවෙයි. මමයි පෑන හැංගුවේ. සිදත් අහිංසකයි. එයාගෙ පෑන ලියවෙන්නෙ නෑ. මිස් උගන්නන වෙලාවට බොරුවට නෝට් ලියනවා වගේ රඟ පානවා. ඊට පස්සෙ හැමදාම ස්කෝලෙ අන්තිම වෙනකොට කබල් පෑන කුණු කූඩේට දාල ගෙදර යනවා. මොනිටර් කුණු කූඩේ අයින් කරන්නෙ ඉන්ටවල් එකේ හින්ද ඊට පස්සෙන්දා උදේ වෙනකං ඒක ප්‍රවේසං.’

‘ඉතිං ඉතිං හංගං ඉදලා හොරකම අහුවුනම ඔව්වා කියල බෑ.’

‘මම කියන එක බොරු නං බලන්න මිස් විපුලගෙ කවකටු පෙට්ටිය ඇතුලෙ බස් සීසන් එකේ ස්ටිකරයක් ඇලෙව්වා.’

‘මොනවා කියලද?’

‘මිස්. අපි ඒකෙ ලිව්වා ඔයාගෙ පෑන ඩස්බින් එක ඇතුලෙ කියල. හොරකමක් නං එහෙම ලියනවද?’

‘පුදුම ළමයි ටිකක්!’

‘ඒත් මිස් එයා විතරක් චෙක් කළේ නැහැනේ. චෙක් කළා නං ලියුම අහුවෙනවා.’

‘අනේ මන්ද පිස්සු ළමයි.’ මිස්ගෙ තරහ තුනිවී ගොස් තිබුණාය.

‘මිස්,අපි බැලුවෙ ‘Surprise’ කරන්න මිසක්  අපි අතරේ කවදාවත් මෙතෙක් හොරකමක් වෙලා නෑ. අපි හොඳ යාළුවෝ.’

සියලු දෙනාගේ සිනහව මැද විජේ නොනවත්වා කරුණු පැහැදිලි කළේ  සිදත් බේරා ගැනීමටය.

‘එතකොට සිදත්? නෝට් පොත් නැතිව කොහොමද පාඩම් කරන්නේ?’ කියමින්  මිස් සිදත් දෙස බැලුවාය.

‘මීට පස්සේ නෝට් නැතුව අහුවෙන්න එපා. ඒත් මට පුදුම ඔය ළමයට ගිය පාරත් Zoology වලට වැඩිම ලකුණු ලැබිච්ච එක.’

පෑන නිසා ලැබුණු තරවටුවෙන්  පසු සිදත්ට  දිනපතා නෝට් ලියන්නටම සිදුවූ අතර කාලය ගෙවී ගියේය. අවුරුදු 20ක් ගතවන විට ඔහු විදේශ විශ්ව විද්‍යාලයක මහාචාර්ය පදවියක් ලබා සේවය කොට දැන් ඉන්නේ විශ්‍රාම සුවයේය.

දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.