fbpx
12.1 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

හමටාන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

උකුසන් සැරුව නිල් ඉගලා ගුවන තුළ
දවසක දුටිමි හිමවන් කිරි කොකුන් කැළ
සුබ නිමිතක් දෝ සිතුනද ඵකල
මසෙකින් අපට ලැබුනා සුදු කොක් අපල

උස තල් ගසේ අතු මද පවනේ සැලුනා
‍‍‍හේනේ වගා දරු වියෙවින් තැවුනා
තේක්ක ගහේ කොළ රතු වී බිම වැටුනා
නැතිය වැහි වලා මිහිකත තෙමනා

පාසැලෙ කවුළු වැදුනා දඞි බිඩි ගාලා
නිසසල ඩෙස් බංකු ඇත ධුවිලි පිරිලා
ඉද හිට වහලෙ ටකරන් ටික මොර ගහලා
‘‘අපි ඉගලායයි’ කීවා උඩ පැනලා

වට්ටි පෙට්ටි පටවා සුදු හරක් පිට
ෆුලානිලා ගියෙ නයිගර් ගග දෙසට
දුක හිතිලා අලි තණ ගස් වලට
කහ වතකින් නැමී වැලපුනි දුක් නදට

පිපී පර විය බෝ විටියා ලන්දේ
නිරුවත් ගසක් රතු පැහැ මල් දම් ඇන්දේ
මැඩියන් රැහැසියන් නවතා ඇත සද්දේ
සුදු මල් පපී මතකය එලුවා බැද්දේ

ගිනි ගුලියක් විලස හිරු බැස ගියෙ හතට
තණ චිතකය ගිනි ගෙන දැවුනා යසට
බුර බරා නගින විහිදුනි දස අතට ?
ගම තොට වැසී ගියෙ පිට උන කලු දුමට

මිතුරු අවතාර දුක් මුසු ගීයක් ගැයුවා
අදුරු රැය සමග ගිනි දැල් තරගෙට නැටුවා
සසිරු ගම භස්ම ගොඩකට යට කෙරුවා
ලහිරු දුම්දමන කලු කොට අතරින් බැලුවා

සිහින් තොලැති කිරි කෙලි දැන් නොඑතී
උඩ නිරුවත් කලු පැංචිගෙ දොඩම් නැතී
කිරි කජු හා අම්මල් පමණක් ගසේ ඇතී
නැත නොකියා හොදි දවටා අල ගිලිතී
තොල පැලිලා මිරිස් රස බැලිය නොහේ
පය පැලිලා බිම අඩි තැබිය නොහේ
ධූවිලි නිසා හුස්ම කටක් ගැනිය නොහේ
දිය හිදිලා පෙර පවකට දුරුතු මහේ

අලුයම අවදි වෙය් සීතලෙ ගැහි ගැහී
අවටින් පෙනේ මිටි කදු මී දුමෙ න් වැහී
සුලගෙකි හෝ ගාන වැලි මැටි සමග පැහී
බෑ ඉවසන්න හමටාන් කාලයයි මෙහී

1. සහරා කාන්තාරය හරහා වසර අග හමන සුළගෙකි.
2. පල නෙලීමෙන් පසු.

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.