මිථ්‍යා කතා කවරම ජාතියක වුව ඉතිහාසය හා සාහිත්‍ය වැනි සංස්කෘතිකාංග පෙන්වන, වරෙක සත්‍ය ඉතිහාසය හා බැඳුණ ප්‍රබන්ධ කතාය. නිර්මාණකරණය අධ්‍යයනයේදී කෙනෙකු මුලින්ම සිත යොමු කරන්නේ මෙම කතාවල එන චරිතාංග (Archetypes) හා සිදුවීම්වලට ය. පොලීනිසියන් මිථ්‍යා කතා මේ අතින් සාහිත්‍ය කරුවන්ට ඉතාම සරු බිමක් වන අතර මවුරි මිථ්‍යා කතා එයින් එක අංශයකි. මාටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණ සාහිත්‍යය හා සමීපව සම්බන්ධව සිටි ආචාර්යය ඩබ්.ඒ. අබේසිංහ මහතා මෙම ප්‍රබන්ධ කතා කිහිපයක් සිංහලයට නගන්නට ඇත්තේ මේ වැදගත්කම නිසා විය හැක. මෙහි පළවන්නේ ඒ මහතාගේ ‘මවුරි ජනකතා’ වලින් උපුටා ගත් තවත් කතාවකි.
නකේ යනු, මවුරි ගෝත්‍රිකයන්ගේ තවත් මුල්ම යාත්‍රිකයෙක්. ඔහු සහ ඔහුගේ පවුල ජීවත් වුණේ සුප්‍රසිද්ධ කූපේ (නවසීලන්තය සොයා ගත් පොලිනීසියන් ගවේෂකයෙක්) ජීවත් වූ වකවානුවේදීමයි. ඔවුන් පදිංචිව සිටියේ, හවායිකි ප්‍රදේශයේ. ඇත්ත වශයෙන්ම, මුටුරන්ගිගේ (මවුරි මිථ්‍ය කතාවල එන ගෞරව සම්ප්‍රයුක්ත පූජකවරයෙක්) (සුරතල් සතෙකු වූ) යෝධ බූවල්ලා ලුහුබැඳගෙන ගිය නෞකාව පැදවූයේ, නකේ තමයි. කූපේ සමග උරෙන් උර ගැටී, මෙම නපුරු බූවල්ලාව විරුද්ධව සටන් කර, අන්තිමේදි රවුකාවා හෙවත් කුක් සමුද්‍ර සන්ධියේ දි ඌ විනාශ කළේත් නකේ තමයි.
මේ අතිවිශාල භයානක සත්වයා විනාශ කරන්ට කුපේට උදව් කිරීමෙන් පසුව, ඔහුත් ඔහුගේ බිරිඳ වන හිනෙවයිහුවාත්, ඔවුන් සොයාගත් අලූත් දේශය කෙරෙහි බලවත් ලෙස ආකර්ශනය වුණා. ඒ නිසාම ඔවුන් කල්පනා කළා, ටේ වයිපව්නාමු ප්‍රදේශයේ පහළ කොටස වන දකුණු දුපත ගැනත් සොයා බලන්ඩ.
නකේ සහ හිනෙවයිහුවා දෙදෙනාම එකතු වී ඒ දුපතේ මුහුදු බොකු සහිත බටහිර වෙරළේ හැඩිදැඩි ගල් පර්වත මත තිබුණු ගුහාවන් ගැනත් සොයා බැලූවා. ඒ ගමනේදි ෆියෝඩ්ලන්තය හරහා ගමන් කරන්ටත් ඔවුන්ට සිදු වුණා. මේ පළාත අමුතුම ආකාරයේ භූමි ප්‍රදේශයක් බව ඔවුන්ට පෙනී ගියා.
ඒ භූමි භාගයට ආවේණික ජීවින් වන කෙකෙනෝ හෙවත් සීල් මත්ස්‍යයන්, අයිහේ හෙවත් ඩොල්පින් මසුන්, හොයිහෝ හෙවත් පෙන්ග්වින් පක්ෂීන් සොයාගන්ට ලැබීම ගැන හිනෙවයිහුවා විශේෂයෙන්ම ආඩම්බරයට පත් වුණා. ඇය මේ සතුන්ට කොතරම් ඇලූම් කළා ද කිවහොත් ඇය උන්ගේ ආරක්ෂිකාව හැටියටත් කටයුතු කළා.
පහළ දකුණු දුපත, තනි වුණු භූමි භාගයක්. ඒ වගේම එහි මිනිසුන් ජීවත් වන බවට තිබෙන සාක්ෂිත් ඉතාම අඩුයි. ඒ නිසා හිනෙවයිහුවා තමන්ට අලුතින් සොයාගන්ට ලැබුණු සුරතලූන් ටික දෙනා මේ දිවයිනට භාරදෙන්ට තීරණය කළා. හවායිකි වෙත ආපසු පැමිණි ඇය සහ ඇගේ සැමියා වන නකේ එහි ජීවත් වූ මිනිසුන්ට මේ සතුන් ගැනත්, ඔවුන් සිටි සුන්දර රට ගැනත් තොරතුරු පැවසුවා.
කූපේ වගේම නකේ සහ හිනෙවයිහුවා යන දෙදෙනාම අන්තිමේදි තමන්ගේ පවුලේ අයත් සමඟ ආපසු අඔටෙරෝවා (නවසීලන්තය) වෙත පැමිණ එහි පදිංචි වුණා. අද දවස වන තුරුත් ඔවුන්ගේ සුරතලූන් වූ අර සත්තු දකුණුදිග ගැඹුරු මුහුදේ ජීවත් වෙනවා. දකුණු මුහුදුවල තියෙන දැඩි සීතලට ඔවුන් ඉතා කැමතියි.
ආචාර්යය ඩබ්. ඒ. අබේසිංහ – ශ්‍රී ලංකාව







