යම් දවසක ඔබ
මගේ කුටියට ඇවිද ඒවි
මං සුපුරුදු ලෙස
අප්‍රිකානු ගැහැනුන් අඳින
දිගු ගවුමක් ඇඳ ඉඳීවි
ඔබ අසුන මත දිග ඇදී
කියවන්නට පටන් ගනීවී
‘මේ කළු ජාතීන්ගේ…’ කියද්දී
මම මගේ ගවුමේ උරයක් පන්නමි
ඒත් ඔබ එය නුදුටු ගාණට
කතා කරගෙන යාවී නොනැවතී
‘අර සහෝදරයා ගැන
කුමක්ද ඔබේ විග්‍රහය…? ‘
මම හෙමින් සැරේ මගේ ගවුම උණා දමමි
ඔබ එක සීරුවට කතා කරගෙන යයි
‘විප්ලවය… !’ සහ ආශ්‍රත දෑ පිළිබඳව
මම ඔබේ අත ගෙන
මගේ යටි බඩ මත තබාගමි
ඔබේ කියවිල්ල නැවතී නැත
වෙනද වගේමය
‘මට විශ්ලේෂණය කළ නොහැක්කේ…’
මගේ අතින් හසුරුවන ඔබේ අත
මගේ යටි කය හීං සීරුවේ
ඉහළට… පහළට…
පිරිමදිනා අතරේ පවා
ඔබේ දෙඩවිල්ල නැවතී නැත,
වෙනද වගේමය
මම ඔබේ කමිසය උණා දමමි
එවිටද ඔබ කියවාගෙන යයි…
‘මේ තීරණාත්මකම මොහොතේ
අපට අනිවාර්‍යයෙන්ම අවශ්‍ය වන්නේ….’
මේ වනවිට මම සිටින්නේ
ඔබේ උර බාහුව සිපගනිමින්ය
‘මට පැහැදිලිව දෘශ්‍යමාන වන දේ නම්,
අවසාන විග්‍රහයේදී…’
දැන් මම ඉන්නේ ඔබේ ඉණ පටය ඉවත් කරමින්ය
එළැඹ ඇති අවස්ථාවේ අප කළ යුත්තේ කුමක්ද… ?
මම සීරුවට ඔබේ කලිසමද උණා දමමි.
එවිට, ඔබට අවබෝධවෙයි
ඔබ ඉන්නේ මුළුමනින්ම නිරුවත්ව බව
එහෙත්…මා ඔබ දන්නා තරම කෙතෙක්දැයි කියතොත්
එකල්හීද ඔබ අසනු ඇත්තේ,
Nikki,මේක ‘විප්ලව විරෝධී ක්‍රියාවක්’ නොවේදැයි කියාය.
***
‘SEDUCTION’ by Nikki Giovanni ඇසුරෙනි.
ඉහත පැදිපෙළට පාදක වූ කාව්‍යයේ හා එහි හිමිකාරිය ගැන සැකෙවින් මෙසේ ලියා තබමි.
Yolande Cornelia ‘Nikki’ Giovanni Jr. හෙවත් Nikki Giovanni 1943 දී ඇමෙරිකාවේදී උපත ලැබුවා ය. ඇය ලෝකප්‍රකට අප්‍රිකානු-ඇමෙරිකානු සාහිත්‍යධරිණියකි. කිවිඳියක්, රචිකාවක්, විචාරකයෙක් හා අධ්‍යපනඥයෙක් ලෙස ප්‍රචලිත ඇය ලොව පුර ප්‍රකට වූයේ ඇගේ විප්ලවකාරී කාව්‍ය ය රචනා නිසායැයි පැවසේ. 1960 දශකයේදී ප්‍රසිද්ධියට පත් Black Power and Black Arts Movements හරහා ඇය ලියූ කවි වඩා සටන්කාමි හා විප්ලවකාරී වූ බව සැලකේ. තවද ඇය ලෝප්‍රකට Oprah Winfrey ගේ 25 ‘Living Legends’ අතරට එක්වන්න තරම් වාසනාවන්ත වූවාය.
එහි ඉංග්‍රිසි කාව්‍යය පහතින් දැක්වේ.
SEDUCTION – ( 1 Jan 1975)
One day
you gonna walk in this house
and i’m gonna have a long African gown
you’ll sit down and say ‘The Black…’
and i’m gonna take one arm out
then you-not noticing me at all- will say ‘What about this brother…’
and i’m going to be slipping it over my head
and you’ll rap on about ‘The revolution…’
while i rest your hand against my stomach
you’ll go on-as you always do- saying
‘I just can’t dig…’
while i’m moving your hand up and down
and i’ll be taking your dashiki off
then you’ll say ‘What we really need…’
and taking your shorts off
then you’ll notice
your state of undress
and knowing you
you’ll just say
‘Nikki/ isn’t this counterrevolutionary…’
Review
The poem presents itself as an intimate moment between the narrator and her lover. However Giovanni’s metaphorical use of seduction displays itself once an ok analytical view of the text is used. Giovanni uses the role of seduction in the poem to exemplify women’s roles in the Black Arts Movement (The Black Arts Movement was a Black nationalism movement that focused on music, literature, drama, and the visual arts made up of Black artists and intellectuals). They were deemed distractions rather than engagers in the movement. As the poem opens it seems that the narrator is falling under the stereotype. However, when looked at through a feminist standpoint the narrator’s seductive acts are a form of activism. In the article ‘Isn’t This Counter Revolutionary?’ Discourse and Silence in the Erotic Poetry of Nikki Giovanni, Kalamu ya Salaam, and Etheridge Knight’ Anna M. Esquivel states ‘The speaker is the ‘activist,’ not the revolutionary. She does not speak to him, she acts upon him. She undresses him, revealing the deep insecurities of the revolutionary and the revolution itself. By undressing the revolutionary, she is asking him to be vulnerable in his sexuality with her and to reflect on what it means to engage actively in social transformation.’ (515). Thus explaining Giovanni’s metaphoric message through the text. She uses the lover of the narrator’s nakedness to display vulnerability to open his eyes to see the power that a woman can possess in a time of revolution.
ක්‍රිෂාන්ත වෑවිට – වෙලිංටන්







