අහස් තලේ පාවී දුරකට මිදිලා
සරුංගලේ වාගේ ඈතට ඇදිලා
සුළං රැලේ ගෙනියනවද ඉම සොයලා
පිවිතුරු හුස්ම විඳගන්නට ඉඩ හැරලා
එක් වී හිනැහෙන්න ඇත්නම් අපි ආසයි
අත්වැල් බැඳන් දුව පැන යන්නට ආසයි
අපේ ලොවට වැටකොටු නැතුවට ආසයි
බාලේ ගෙවී යන්නේ නැත්නම් ආසයි
උස් කඳු වෙන්න හිත අද්දර නෑ හීනේ
පීනා යමී ගං මිටියාවත් ගානේ
සොඳුරුයි ලස්සනයි හදවත් එක රෑනේ
දුක දුරු වෙලා යයි හිරු දුටු පිනි ගානේ
By Sandya Kumudini Lekamge – Auckland
Photograph by – Harsha Sulochana