මා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට සිටි අවදියේ භූගෝලීය විද්‍යාවේ ප්‍රශ්න පත්‍රය සඳහා ලෝක සිතියමක ලෝකයේ අග නගරය ගංගා, කාන්තාර, කඳු, සමූද්‍ර සන්ධි ලකුණු කිරීම සඳහා ලෝක සිතියමක් ද ඇතුලත් ය. ඒ සදහා පුහුණුවක් ලබාදීමට මගේ ගුරුතුමා පංතියේ කළුලෑල්ලේ ලෝක සිතියමක් කොටා තිබුණි.
පංතියට පැමිණෙන ගුරුතුමා ලෝක සිතියම කළුලෑල්ලේ ඇද එතුමා සදහන් කරන ස්ථාන සිතියමේ සදහන් කළ යුතුය. දිනක් මට කුක් සමුද්‍ර සන්ධිය නම් කිරීමට සිදු විය. මා දැන සිටියේ පෝක් සමුද්‍ර සන්ධිය පමණි. මා පංතියේ ඉදිරි පිට සිටගෙන සිටියදී ගුරුතුමා නවසීලන්තයේ දූපත් දෙක අතර කුක් සමුද්‍ර සන්ධිය ලකුණු කළේ ය.
නවසීලන්තය එක රටක්, කොහොමද එභි සමුද්‍ර සන්ධියක් ඇති වන්නේ?
පාසලේ පුස්තකාලයට ගියද මගේ ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගත හැකි පත්පොත් නොවිය. අපොස උසස් පෙළ පන්තියේ දී කොලොම්බස්, වස් කෝ ද ගාමා, පර්ඩිනන් මැගලන් සහ ජේම්ස් කූක් ගැන තොරතුරු සොයා ගැනීමට හැකි විය.
ජේම්ස් කුක් ගැන මම වැඩි අවධානයක් යොමු කළෙමි. 1728.10.02 වන දින එංගලන්තේ යොක්ෂයර්හි මාටන් ගමේ උපන් කූක්ගේ පියා කෘෂිකර්ම ගොවිපලක කම්කරුවෙකි. කූක්ට වෙළදාම පිළිබද පුහුණුවක් ලබා දීම සදහා කූක්ගේ පියා තම මිතුරකුගේ වෙළදසැලක කුක් නවත්වා ඇත. කූක්ගෙ දක්ෂතා හදුනාගෙන වෙළදසැල් හිමිකරු පියාගේ ද කමැත්ත ලබාගෙන ගල් අගුරු ප්‍රවාහන කරන නාවික යාත්‍රාවක සේවකයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා දී ඇත. කූක්ගෙ ජිවිතයේ වසන්ත කාලය උදාවන්නේ මෙතැන් සිටය.
නාවික කටයුතු පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නා කුක් මුහුදු ගමන්වලට අවශ්‍ය තාරකා විද්‍යාව හා ගණිත විෂය පිළිබදව අවබෝධයක් ද ඇති කර ගන්නා ලදී. කූක්ගෙ දක්ෂතා හඳුනා ගත් නාවික යාත්‍රා හිමිකරු වූ ජොන් වෝකර් තම යාත්‍රාවේ සහායක නියමු තනතුරට කුක් පත් කරගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ කූක්ට යම් දිනක තම යාත්‍රාවේ ප්‍රධාන නියමුවා බවට පත් කිරීමය.
වයස අවරුදු විසිහත වන විට කුක් නාවික කටයුතු පිළිබද ලබා ඇති පුහුණුව නිසා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය අතර ඇති යුධ ගැටුම අවස්ථාවේ කුක් බ්‍රිතාන්‍ය හමුදාවට බැදුණි. කුක් ඇඳි සිතියම් අනුව බ්‍රිතාන්‍ය ජය ගැනීමෙන් පසු කුක් අමෙරිකාව බලා යන්නේ එහි හිමෙන් වැසුණු ප්‍රදේශ සිතියම් ගත කිරීමට ය.
1642.12.18 වන දින ඕලන්ද නාවික ගවේෂකයකූ වූ ඒබෙල් ටස්මෙන් පැසිපික් සාගරයේ කරන ලද සංචාරක දී ඕස්ට්‍රේලියව හා නවසීලන්තය ඇතුළු දූපත් පිළිබදව තොරතුරු වාර්තා කර තිබුණි.
කුක් ඒ අනුව යමින් 1769.08.26 දින දක්ෂිණාර්ධ ගෝලයේ රටවල් සොයා කළ චාරිකාවේ දී ඔහුට ඕස්ට්‍රේලියාව හා නවසීලන්ත දුපත් සොයා ගැනීමට හැකි විය. බටහිර ජාතීන්ගේ අවධානය
මෙම රටවල් දෙක කෙරේ යොමු වන්නේ මේ තැන් සිටය.
කුක් නවසීලන්තය සොයා ගන්නා විට ස්වදේශීය ජන වර්ගයක් වූ මවුරිවරුන් එහි ජිවත් වී ඇත. ඔවුන් එදා නවසීලන්තය හදුන්වා දී ඇත්තේ දිගු සුදු වලාකුළ දේශය ලෙසය. (Aoteroa – of the long white cloud) මවුරි ස්වදේශීය ජනවර්ගය සමග ගැටුම් ඇති කර ගනිමින් සුදු ජාතිකයින් ජනාවාස ඇති කර ගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය ජාතිකයින් නවසීලන්තයේ උතුරු භා දකුණු දූපත් අතර මුහුදු ප්‍රදේශය කුක් සමුද්‍ර සන්ධිය ලෙස නම්කර ඇත්තේ, ජේම්ස් කූක්ට කරන ගෞරවයක් ලෙසය.
By Jayathissa Kulathunga – Matara District Writers Society