fbpx
8.2 C
New Zealand
Monday, September 14, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

දුවිලිනාට්ය ගැන නො කිව්ව කතාවක් | දයා ප්රතාපසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ටෙලිනාට්යයක්සඳහා කතාවක්තෝ රා ගැනීමේ දී වඩාත්වැදගත්වන්නේ එම කතාවේ වස්තුබීජයයි. එම කතාව ටෙලිරූප රාමුවලට ගලපා හැසිරවීමේ දී එම කතාව අවම දර්ශන තල ගණනකින් ප්රේ ක්ෂකයා තුළට කාවැද්දිය හැකිනම්එය ටෙලිනාට්යකට ඔබින කතාවක ස්වරූපයයි.
එමෙන්ම පො තක් කියවන පාඨකයකුසහ ටෙලිනාට්ය ප්රේ ක්ෂකයාගේ රසාස්වාදය අතර ඇති
පරතරය අවබෝ ධ කර ගෙන කතාවක්සඳහා තිර රචනය ලියවිය යුතුය. කතාවක වස්තුබීජය සහ චරිත වල සංකුලතා මත තිර රචකයාට කතාවේ යම්යම්වෙනස්කිරීම්කරන්නට සිදුවිය හැක. බො හෝ විට කතාකරුහා තිර රචකයා අතර මනා අවබෝ ධයක් තිබීම සාර්ථකව කතාවක්ටෙලිනිර්මාණයක්වීමට ප්රධානතම හේ තුවකි.

දුවිලිකතාව බිහිවෙන්නෙ නවසීලන්තයේ දීය. මම කුඩා පාසැල්කාලයේ මෙන්ම රැකියා කරන කාලයේ ද කතාවලට මගේ තිබුණේ ඇල්මකි. මගේ පුහුණුසැසිවලත්පංතිවලත්පැවැත්වෙන දේ ශණවලට අර්ථවත්හා ආදර්ශමත් කතාවන්අතරින්පතරට එකතුකිරීම මගේ පුරුද්දක්වීතිබිණ. පසුකාලයකදීඒ අතරට මා නිර්මාණ කළ කතාද විටින්විට එකතුවීය.

නමුත්කො රෝ නා ව්යසනය කාලයේ දී, 2020 දීපමණ මුළුලෝ කයේ ම ජන ජීවිතය අඩාල වෙලා
තිබුණා. අප කවුරුත්ගෙවල්වල නිකමුන්බවට පත්වෙලා සිටියා. තනිකම හුදකලාව නැතිකර ගන්න, මම මුලින්ම පැරණිමගේ කතා මතක්කරලා ලියන්න පටන්ගත්තා. සමහර කතා මුහුණුපො ත වැනිසමාජ මාධ්ය හරහා සංසරණය වන විට සුමිතුරන්ගෙන්ඒවාට අගය කිරීමක්ලැබුණා. ඉතා ටික කාලයකින් නවසීලන්තයේ පළවන එකම ශ්රීලාංකික සම්භවයක්ඇති ශ්රීlankaNZ පුවත්පතේ මගේ කතා පළවුණා.

ඒක ඉන්ද්රා කියල මගේ මිතුරිය මැදිහත්වීමෙන්තමයිසිදුවුණේ . දිගින්දිගටම පුවත්පතේ පළවූ
කතාවලට පාඨකයෝ ත් ටිකින්ටික එකතුවෙන කො ට ඔවුන්මට යෝ ජනාවක් කළා. මගේ කුළුඳුල්
කෘතිය ලෙස ‘දුවිලිමල්’ පො ත මුද්රණය වෙන්නෙ එහිප්රතිඵලයක්විධියට. කෙටිකතා 500 ඉක්මවන කතා එකතුවක්ඒ වන විට මගේ අතින්ලියවිලා තිබුණා. එම දුවිලිමල්පො ත් මුද්රණය කරවීමට වැඩියෙන්ම මාව උනන්දුකළේ ශ්රීලංකන්ස්පුවත්පතේ ආරම්භකයෝ වන අනු, හර්ෂ, එම සහෝ දර කාර්ය මණ්ඩලය සහ විශේ ෂයෙ න්ම පුවත්පතෙහිකතෘ යන අයයි. ඒ අයම පො ත කියවලා සෝ දුපත් හා සංස්කරණ කටයුතුඋදව්වක්ලෙස මට ඉටුකරල දුන්නා.

ඒ වගේ ම ආධුනිකයෙ ක් ලෙස මම මුලින්ම පත්තරයට ලියනවිට උප කතෘවරුඒවා කියවලා වැරදි
හදනවා. කතාවක්ලිපියක්පාඨකයා අතට පත්වෙන්න තවත්නිර්මාණ ශීලීතාක්ෂණික කණ්ඩායමක්මගේ ලිපිය පෝ ෂණය කරනවා. එබැවින්පාඨකයකුමගේ කතාවට දෙන ගෞ රවය බෙදීයා යුත්තේ ඔවුන්ටයි.
මගේ පො තට දැම්ම නම දුවිලිමල්නිසා මෙම ටෙලිනාට්යයට ‘දුවිලි’ නම තියන්න අපට හිතුණා. ඒ එම පො තේ නම කෙටිකරලා. මෙම කතාවෙන්කියවෙන්නේ දුවිලිවලාවෙන්යටවුණුඅපේ ම සමාජ
කො ටසක් ගැන. එම චරිත තුළත්ආදර්ශමත් පාඨ එමට තියෙනවා. එවන්චරිත වටා ගෙතුණුනූතන කිසාගෝ තමීගේ කතාවක්තමයිදුවිලිමල කියන්නෙ.

ඕනම කතාවක්තුළ ගැබ්ව ඇති පහත ලක්ෂණ ටෙලිනාට්යයක්තෝ රා ගැනීමට පාදක වන බව මගේ විශ්වාසයයි. අහඹුවකින්හෝ දුවිලිමල්කතා දෙකක්ගැන ලංකාවේ ටෙලිනාට්ය අධ්යක්ෂකවරුන්ගෙ ඇස් ගැටුණා.

1. කලාත්මක වින්දනයක්ලැබිය හැකිනිර්මාණයක්ලෙස ටෙලිනාට්යයක්නිෂ්පාදනය කිරීමට එම කතාව තුළ ඇති ප්රයෝ ගික හැකියාව වැදගත්ම කරුණ වෙයි. එසේ ම කතාව තුළින්මතුවන ගැටුමේ සැඟවුණු සමාජ යතාර්ථයන්වල අපුර්වත්වය.

2. කතාවේ අන්තර්ගතය තුළින්අවසානයේ සමාජයට පණිවිඩය ලැබීම.

3.කතාවේ වස්තුබීජය හා චරිත වල ස්වභාවය අනුව තව තවත්මෙම කතාව විස්තාරණය කළ හැකිවීම

4. කතාවේ බො හෝ පරිච්ඡේ ද රූපරාමුලෙස ප්රේ ක්ෂකයා වෙත ගෙන යාහැකිලෙස සංසිද්ධීන්
වලින්පො හො සත් වීම.

5. කතාව තුළින්බිහිවිය හැකිනිර්මාණය ටෙලිනාට්ය ප්රේ ක්ෂකයාගේ සමාජීය, දේ ශපාලනික හා
සමාජ අවබෝ ධතා ගැන ස්මරණය තීව්ර කරලීමට ඉඩ තිබීම. සමාජයේ පවතින ගැටලුසහ
අසාධාරණකම්රඟ දැක්වීම මඟින් ප්රේ ක්ෂකයා තුළ විමසිලිමත්බවක්ඇති කිරීම, පවුලේ සහ මිත්ර සබඳතාවල වටිනාකම හෝ එහිබිඳ වැටීම්, දේ ශීය සිරිත්විරිත්, සාරධර්ම සහ අතීත උරුමයන්මතු පරපුරට දායාද කිරීම ටෙලිකතාවක අඩංගුතේ මාවන් අතර වැදගත්කරුණුකීපයකි.

6. නමුත්විවෘත ආර්ථිකය තුළ විදෙස්සංස්කෘතික අංග බලපෑම්ඇති කළ ද, දේ ශීය අනන්යතාව
ආරක්ෂා කර ගැනීමද භාෂාව හා සංවාද ශෛ ලිය සමාජගත වීමට සහ පෝ ෂණය වීමට අවශ්ය
උත්සාහයක්ටෙලිනිර්මාණයකට අවශ්යය.

7. ප්රේ ක්ෂකයා තම දෛ නික පීඩනයෙන්මුදවා සතුටක්හෝ සංවේ දී බවක්ලබා දීම,
ප්රේ ක්ෂකයා තමාගේ ජීවිතය නාට්යයේ තමාගේ ආදර්ශ චරිත සමඟ සසඳා බලා ලබා ගත්
විවේ චනාත්මක දැක්ම තම ජීවිතයේ යථාර්ථය සහ ගැටලුදෙස පුළුල්මනසකින්බැලීමට පුරුදුකරයි.

දයා ප්රතාපසිංහ- ඕක්ලන්ඩ්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.