Yasasi Gunarathne, Masterton(NZ), Licensed Immigration Adviser (Provisional) MBA(Marketing), PGDip (International Business Management), BSc. New Zealand Visa Support & Consultatancy) continues her series of articles, this time with the ‘Skilled Migrant’ category;
නවසීලන්තයේ ප්රධාන ස්ථිර පදිංචි මාර්ගය වන Skilled Migrant Category (SMC) Resident Visa සම්බන්ධ පුළුල් ප්රතිසංස්කරණ පිළිබඳ අවසාන විස්තර Immigration New Zealand (INZ) විසින් නිකුත් කර ඇත. මෙම වෙනස්කම් 2026 අගෝස්තු 24 වන දින සිට ක්රියාත්මක වන අතර, 2025 සැප්තැම්බර් මුලින් ප්රකාශයට පත් කළ ප්රතිපත්ති සැලැස්මේ අවසාන නීති ප්රකාශයට පත් කර ඇත. නවසීලන්තයේ රැඳී සිටින සහ එරටට සංක්රමණය වීමට බලාපොරොත්තු වන කුසලතා සහිත වෘත්තිකයන් සහ වෘත්තීය පුහුණුව ලත් පුද්ගලයන් රැසකට මෙම වෙනස්කම් සෘජුවම බලපායි.
නව SMC මාර්ග දෙකක් හඳුන්වා දීම
මෙතෙක් පැවති Points-based මාර්ගයට අමතරව, SMC යටතේ නව මාර්ග දෙකක් හඳුන්වා දෙනු ලැබේ. පළමුවැන්න වන්නේ Skilled Work Experience මාර්ගය වන අතර, එය ANZSCO කුසලතා මට්ටම් 1 සිට 3 දක්වා රැකියාවල නියුතු අයට අදාළ වේ. දෙවැන්න වන්නේ Trades and Technician Pathway. මේ සඳහා සුදුසුකම් ලබන රැකියා ලැයිස්තුව පල කර ඇත.
මෙම මාර්ග දෙකම හඳුන්වා දෙනු ලබන්නේ ප්රායෝගික කුසලතා සහ නවසීලන්තයේ ශ්රම බලකායට කරන දායකත්වයේ වටිනාකම වඩාත් නිවැරදිව පිළිගැනීම සඳහා ය. එසේම, Points-based මාර්ගය යටතේ නවසීලන්ත සුදුසුකම් සඳහා ලකුණු ප්රමාණය ඉහළ නංවා ඇති අතර, බොහෝ සංක්රමණිකයන් සඳහා අවශ්ය නවසීලන්ත ශ්රම කුසලතා අත්දැකීම් කාලසීමාව වසර 3ක උපරිමයේ සිට වසර 2ක් දක්වා අඩු කර ඇත. මෙමගින් නවසීලන්ත විශ්වවිද්යාල උපාධිධාරීන්ට ස්ථිර පදිංචියට මාරු වීම වඩාත් පහසු වන අතර, ජාත්යන්තර සිසුන් නවසීලන්තයේ අධ්යාපනය හැදෑරීමට දිරි ගැන්වීමද සිදු වේ.
Skilled Work Experience මාර්ගය
වර්තමාන නීති යටතේ, ඔබට ආදායම, සුදුසුකම් හෝ වෘත්තීය ලියාපදිංචිය තනිවම ලකුණු 6ක සීමාව සපුරාලීමට ප්රමාණවත් නොවන්නේ නම්, එම සීමාව සපුරාලීම සඳහා Skilled work experience භාවිත කළ හැකිය.
2026 අගෝස්තු 24 සිට, ශ්රම අත්දැකීම පමණක් හරහා ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඉඩ සලසන නව මාර්ගයක් SMC සඳහා ලබා දෙනු ඇත. මෙය Points-based මාර්ගයට වඩා වෙනස් හා ස්වාධීන මාර්ගයක් වනු ඇත.
ඔබ පහත සඳහන් කොන්දේසි සපුරාලන්නේ නම් Skilled Work Experience මාර්ගය සඳහා සුදුසුකම් ලබනු ඇත:
- ANZSCO කුසලතා මට්ටම් 1 සිට 3 දක්වා රැකියාවක නියුතු වීම හෝ එවැනි රැකියා පිරිනැමීමක් තිබීම, එහිදී අවම වශයෙන් SMC වැටුප් සීමාවේ (සාමාන්ය වැටුප) 1.1 ගුණයක් ගෙවනු ලැබිය යුතුය
- ANZSCO කුසලතා මට්ටම් 1 සිට 3 දක්වා රැකියාවක අවම වශයෙන් වසර 3ක අදාළ ශ්රම අත්දැකීමක් (relevant work experience ) තිබීම, සහ නවසීලන්තයේ ANZSCO කුසලතා මට්ටම් 1 සිට 3 දක්වා රැකියාවක, අවම වශයෙන් SMC වැටුප් සීමාවේ 1.1 ගුණයක් උපයමින්, අමතර වසර 2ක කුසලතා ශ්රම (skill work experience) අත්දැකීමක් තිබීම.
Red සහ Amber ලැයිස්තු
ඔබේ වර්තමාන රැකියාව හෝ රැකියා පිරිනැමීම Amber ලැයිස්තුවේ ඇතුළත් නම්, මෙම මාර්ගය සඳහා සුදුසුකම් ලැබීමට ඔබ සපුරාලිය යුතු අමතර අවශ්යතා තිබේ.
ඔබේ වර්තමාන රැකියාව හෝ රැකියා පිරිනැමීම රතු ලැයිස්තුවේ ඇතුළත් නම්, හෝ එය ANZSCO කුසලතා මට්ටම් 4 හෝ 5ක් නම්, ඔබ මෙම මාර්ගය සඳහා සුදුසුකම් නොලබනු ඇත.
Amber ලැයිස්තුවේ ඇතුළත් රැකියා
- නවසීලන්තයේ අවම වශයෙන් වසර 5ක සුදුසුකම් ලත් ශ්රම කුසලතා අත්දැකීමක් (relevant work experience) තිබිය යුතුය, ඇතුළත්ව —
- ඉන් වසර 2ක්වත්, SMC සාමාන්ය වැටුපෙහි අවම වශයෙන් 1.2 ගුණයක් උපයමින් කුසලතා ශ්රම අත්දැකීමක් (skill work experience) සම්පූර්ණ කර තිබිය යුතුය.
Trades and Technician Pathway
ස්ථිර පදිංචි මාර්ගය සඳහා සුදුසුකම් ලබන රැකියා ලැයිස්තුව මේ වන විට ප්රකාශයට පත් කර ඇත. මෙම මාර්ගය අදාළ වන්නේ එම ලැයිස්තුවේ ඇතුලත් පහත සඳහන් සංක්රමණිකයන් සඳහාය.
- නිශ්චිතව දක්වා ඇති ANZSCO කුසලතා මට්ටම් 1 සිට 3 දක්වා වූ trades සහ technician රැකියාවල නියුතු අය.
- අදාළ Level 4 හෝ ඊට වැඩි සුදුසුකමක් ලබා ඇති අය, සහ
- සුදුසුකම ලබාගත් පසු අවම වශයෙන් වසර 4ක සෘජුවම අදාළ අත්දැකීමක් ඇති අය, ඉන් වසර 1.5ක් නවසීලන්තයේ, SMC සාමාන්ය වැටුපෙහි අවම වශයෙන් එම මට්ටමම උපයමින් සම්පූර්ණ කර තිබිය යුතුය.
යසසි ගුණරත්න – Masterton

(38 කලාපයට සම්බන්ධය.)






