‘මම නිදා ගන්න ගියාම කවුරු හරි ඇඳ යට ඉන්නව කියලා මට හිතෙනවා.’
‘ඉතිං?’ මනෝ වෛද්‍යවරයා රංහොටිගේ අසනීපය ගැන කන් දෙමින් විමසා සිටියේය.
‘මම ඉතිං ඇඳ යට නිදා ගත්තම කවුරු හරි ඇඳ උඩ ඉන්නවා කියලා හිතෙනවා.’
‘අමාරු ලෙඩක්,’ වෛදයවරයා නළල රැළිගන්වා ගත්තේය. ‘අවුරුද්දක්වත් බෙහෙත් ගන්න වෙයි. මාසයකට වතාවක් මම හම්බවෙන්න පුළුවන් නේද?’
‘පුළුවන්,’ රංහොටි උත්තර දුන්නේය.‘ගාණ හෙම?’
‘වතාවකට ඩොලර් 100 ක්.’
‘කල්පනා කරලා එන්නම්,’ කී රංහොටි, වෛද්‍යවරයා හමු වීමට නැවත නොආවේය. ඒ අතර දිනක කඩපළේ දී දෙදෙන මුණ ගැසුණහ.
‘ඇයි ආවේ නැත්තෙ මම බලාගෙන හිටියා. දැන් කොහොමද අසනීපෙ?’ දොස්තර මහතා ඇසුවේය. ‘කල් යවල නරක් කරගත්තොත් අමාරු වෙයි.’ ඔහු අවවාදයක් ද දුන්නේය.
‘අපෝ මාසෙකට ඩොලර් සීයක්!’ කී රංහොටි හිස අත තබාගෙන කතා කළේය. ‘බාරෙකේ ආරොන් අයියා ගත්තෙ ඩොලර් 10 යි. සනීපයි.’
‘ඒ කොහොමද?’වෛද්‍යවරයා දෑස් ලොකු කර ගත්තේය.
‘ඇඳේ කකුල් හතර කපා ගන්න කිව්වා.’ රංහොටි සිනාසෙමින් උත්තර දුන්නේය.






