fbpx
11.9 C
New Zealand
Sunday, April 21, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

Culture Galore 2021 Christchurch – ගයාන් ලසන්ත බුවනායක

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ක්‍රයිට්චර්ච් නගර සභාව මගින් වසරක් පාසා සංවිධානය කරනු ලබන කල්චර් ගැලෝර් 2021 උළෙල මෙවර 20.02.2021 දින අයිලම් රේ බැන්ක් පාර්ක් හිදී පවත්වනු ලැබීය. මෙහි රසාස්වාදය විදීමට පන්දහසකට අධික ජන පිරිසක් පැමිණ සිටියහ.

කල්චර් ගැලෝර් උළෙල ක්‍රයිස්චර්ච් ප්‍රදේශයේ ජීවත්වන රටවල් 30කට අධික විවිධ ජන සමාජ ඔවුන්ගේ සංස්කෘතීන් හා ආහාර පාන අත්කම් නිමැවුම් නැටුම් ගැයුම් හා වැයුම් ඇතුලත්ව උත්සවාකාරයෙන් සැමරීම සිදුකරයි. මෙයට අමතරව විවිධාකාරයේ ක්‍රියාකාරකම් ඇතුලත් ෆ්ලැක්ස් විවීම්, මුහුණු පින්තාරු කිරීම්, හෙන්නා ටැටූ, ගල් කැටයම් කිරිම්, බවුන්සි කාසල්, විවිධාකාරයේ යතුරුපැදි, දුනු විදීම්, ගිනි නිවිම් ක්‍රියාකාරකම්, පොලීස් ස්පීඩ් රේඩාර් යනාදිය ඇතුලත් විය.

විවිධ රටවල් රැසකින් ඔවුන්ගේ වෙළඳ කුටි රැසක් සහ ඔවුන්ගේ සංස්කෘතීන් විදහා දක්වන දර්ශනීය නැටුම් ගැයුම් වැයුම් ඇතුලත් සංස්කෘතික අංගයන් රාශියකින් වේදිකාව ආලෝකමත් විය.
මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රයිස්ට්චර්ච් සමාධි බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් දේශිය ආහාර පාන ඇතුලත් වෙළෙඳ කුටියක් සහ ඉරු දින දහම් පාසල නියෝජනය කරමින් සස්මිතා ද අල්විස් සහ මින්දුලී හේරත් යන දරුවන් දෙදෙනා විසින් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය හා භාරතීය නර්තනයන් ඉතා මණරම්ව ඉදිරිපත් කරනු ලැබූ අතර එය කාගේත් දැඤු අවධානයට හා පැසසුමට ලක්විය.

ගයාන් ලසන්ත බුවනායක
ක්‍රයිට්චර්ච්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.