fbpx
7.3 C
New Zealand
Saturday, April 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

2021 වර්ෂයේ නිදහස් දින උත්සවය – ඕක්ලන්ඩ්.

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

C:\Users\user\Desktop\ind.jpg

නවසීලන්ත එක්සත් ශ්‍රී ලාංකික සංගමයේ ඕක්ලන්ඩ් ශාඛාව පවත්වන ‘ශ්‍රී ලාංකික නිදහස් දින උත්සවය’ , මෙවර 2021.02.13 දින මවුන්ට් ඊඩන් යුද සැමරුන් හළේදී පවත්වනු ලැබුවේය. දෙරට ජාතික කොඩි ඔසවා ජාතික ගී ගයනු ලැබීමෙන් පසු රටේ ස්වෛරී භාවය වෙනුවෙන් දිවිදුන් සැම සිහිපත් කෙරුණි. ඉක්බිති චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව පූජ්‍ය වල්ගම රේවත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණි.

This image has an empty alt attribute; its file name is eT_2J_8lnh4vfWNAo2geC1VxHpg-3ToPYE-_py4q97I7uPxj74mCzpwgp4uU8uT-n2yjTzWC3fW1FJGRBaWQ9ODr4kl3OT9mj5GmQcnAW_8nBwrP-lOdZCBIUmKS6Q

සංගමයේ සභාපති  රෝෂාන් මනම්පේරි  මහතා ආරාධිත අමුත්තන් හා පැමිණ සිටි සියල්ලන්ම පිළිගත්තේය. අනතුරුව මෑතකදී ක්‍රයිස්චර්ච්හි සිදු වූ අවසනාවන්ත සිදුවීමෙන් පසු නවසීලන්තයේ ජාතීන් අතර සමගිය වඩාත් තීව්‍ර වූ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේද ජාතීන් අතර එකමුතුව හා සාමය තවත් ශක්තිමත් වේවායි නගරාධිපති ගරු ෆිල් ගොෆ් මහතා අප මව් රටට, තම සුබ පැතීම් එක් කළේය.  ඉන් පසු නිසී රණතුංග මහත්මිය පුරුදු කළ දරුවන්ගේ සම්ප්‍රදායික නර්තනය වේදිකා ගත වීය. 

This image has an empty alt attribute; its file name is gpc8DPuIKZskmfU5sheLRiN5CvufRDrvzIH6uFHx4t7ona61AMnXDq9VWY9mgmcCqBWBdAqPJ9XSZwr-AepEghNMjhyRYNUgshH1mJNRN6InQ-JIfT8R2O0k-pS_Zw

දසක හතක් පුරාම ශ්‍රී ලංකාව හඳුන්වනු ලබන්නේ ‘දියුණුවෙමින් පවතින රටක්’ ලෙස බව සිහිපත් කළ වසන්ත මාරසිංහ මහතා නවසීලන්තයේ දියුණුවට ජාතික සමගිය ආශීර්වාදයක් වී ඇති ආකාරය ආදර්ශයකියි  සඳහන් කළේය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය තුමා ගේ ශුභාශිංසන පණිවිඩය ඊ ළඟට කියවනු ලදුව ආරාධිත අමුත්තන් අතර වූ පාර්ලිමේන්තු මංත්‍රී මහත්ම මහත්මීහු තම සුබ පැතුම් එක් කළෝය. ඒ අතර, ලාංකිකයන්ගේ උණුසුම් අත්පොළසන් හඬ මැද වේදිකාවට ගොඩ වූ නවසීලන්ත පාර්ලිමේන්තුවට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ වනුශි වෝල්ටර්ස් මහත්මිය ද වූවාය.

වේදිකා ගත වූ, අසංක දෙණියගේ මහතා සම්බන්ධී කරණය කළ දරුවන්ගේ සාමුහික ගීය හා ඉරානී සමරසිංහ මහත්මිය පුහුණු කළ දරුවන්ගේ සම්ප්‍රදායික නර්තනය ලාංකිකයනට තම රට ගැන ආඩම්බර මතකයක් ඇතිකර වූවා නිසැකය. මුළු කාලය පුරාම වරින් වර වේදිකාවේ නර්තනයන්, ගායනයන් හා රංගනයන් ඉදිරි පත් කළ දරුවන් වේදිකාවෙන් බැස ගියේ සියල්ලන්ම එක්ව කරන ලද සාමූහික ප්‍රසංගයකිනි. එය හොඳ නිර්මාණාත්මක පියවරකැයි ද ඊළඟ වතාවේ දමිළ හා මුස්ලිම් ජාතික දරුවන්ද ඒ සමග දක්නට සිටිනු දක්නට ලැබුණහොත් උත්සවය වඩාත් සම්පූර්ණ වනු ඇතැයිද අදහස් දැක්වූ අය ඒ අතර වූහ. 

ලේකම් රසිකා සුබසිංහ මහත්මිය සියල්ලන්ටම ස්තූති කිරීමෙන් පසු සම්ප්‍රදායික කැවුම් කිරිබත් සහිත තේ පැන් සංග්‍රහයෙන් උත්සවයේ කටයුතු නිමාවට පත් වීය. 

ඕක්ලන්ඩ් නගරයේ දස අතම විසිර ඇති ලාංකික ජනසමූහය එක්තැන්  කර නිතිපතා පවත්වන නිදහස් උත්සවය මෙවරද සාර්ථකව නිම කිරීමට  එක්සත් ශ්‍රී ලාංකීය සංගමය, ඕක්ලන්ඩ් ශාඛාව ගෙන තිබූ උත්සාහය ගැන සියල්ලන්ම කතා කළේ ගෞරව සම්ප්‍රයුත්ත ස්තූතියකිනි.


2021 වර්ෂයේ  නිදහස් දින උත්සවය – ඕක්ලන්ඩ්.
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.