fbpx
14.1 C
New Zealand
Friday, April 26, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කිවි දේශය සංක්‍රමණික ප්‍රජාවට යළි විවෘත වෙයි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

තෝරාගත් රටවල් හැටකට පමණ යළි නවසීලන්තය විවෘත වීමෙන් දේශීය ආර්ථිකය ප්‍රබෝධමත් වනවා පමණක් නොව සංක්‍රමණික ප්‍රජාවට ඉමහත් අස්වැසිල්ලක් ද ගෙන දෙන බව ක්‍රයිෂ්චර්ච් කම්කරු ආණ්ඩු පක්ෂික ඉලම් කොට්ඨාශ මන්ත්‍රීනි සේරා ජීන් පැලට්ගේ මහත්මිය සඳහන් කරයි.

ශ්‍රීලන්කන්ස් වෙත ලිපියක් එවමින් මහජන නියෝජිතවරිය පවසන්නේ රට විවෘත කිරීමෙන් තම ආදරණීයයන් හා එක්වීමට ඉඩ ලැබෙනවා පමණක් නොව, ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට අඩි තාලමක් ද වැටෙන බවය. පන්දහසකට අධික අන්තර්ජාතික ශිෂ්‍ය සමූහයකට ද දොර විවර වේ. හයදහසකට අධික නිවාඩු කාලීන සංචාරකයිනට ද රටට පැමිණීමට ඉඩ ලැබේ. ඉන් පළතුරු නෙලීම, ඇසුරුම වැනි කාර්‍යයන් සඳහා වූ ශ්‍රම ඌණතාවය එයින් මග හැරෙනු ඇත. ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා හා මගී නාවික සේවා කර්මාන්තයට ඉල්ලුම යළි ගොඩනැගෙනු ඇත.

පවතින වසංගත රෙගුලාසි තව දුරටත් ලිහිල් කිරීම ගැන රජය අවධානය යොමු කරමින් සිටින බව ඇය පවසයි.

මෙසේ, ජාතියේ ඉමහත් කැපකිරීමකින් පසුව  සංචාරකයින්, ශිෂ්‍යයන් හා  තාවකාලික ශ්‍රමිකයන්හට රට විවර වීමෙන් නවසීලන්තය යළි පෙර වූ සුන්දර කිවි දේශය බවට පත්වනු ඇති බව ඇය විශ්වාසය පළකරයි.

Updates,

2022 ජූනි 21 සිට, නවසීලන්තයට ඒමට  පෙර  සිදුකල යුතුව තිබූ කොරෝනා හඳුනා ගැනීමේ පරික්ෂණය(COVID-19 pre-departure test) සිදු කිරිම තවදුරටත් අත්‍යවශ්‍ය නොවන බවත් එළඹෙන ජූලි 31 න් පසුව නවසීලන්තය සම්පූර්ණයෙන්ම සංචාරකයන් සඳහා විවෘත කිරීමට ද නියමිතයි. නමුත් බොහෝ සංචාරකයින් සඳහා තවමත් නවසීලන්තයට පැමිණීමට එන්නත් අවශ්‍යතා සපුරාලීම සහ පැමිණි පසුRATs” පරීක්ෂණ 2ක් සිදු කල යුතුව ඇත.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.